චීනයේ ලූවොයැන්ග් නගරයේ ගල් අඟුරු බලාගාරයක් විදුලිය නිපදවා ගැනීමට පුළුස්සමින් සිටින්නේ ගල් අඟුරු නොව මුදල් නෝට්ටුය.
මෙම මුදල් නෝට්ටු පැරණි නිසා භාවිතයෙන් ඉවත් කර තිබෙන ඒවා වන අතර චීන මහ බැංකුවෙන් ලබාගෙන ඇති විශේෂ අවසරයක් යටතේ ගල් අගුරු බලාගාරයේ ඉන්ධන ලෙස යොදාගැනෙන බව සඳහන්ය.
මුදල් ටොන් එකකින් කිලෝවොට් පැය 660 ක විදුලි බල ධාරිතාවක් ජනනය කරගත හැකිබව බලාගාරයේ බළධාරීහු කියති.
මුදල් පිළිස්සීම ගල් අගුරු පුළුස්සනවාට වඩා පහසු මෙන්ම බලය නිපදවීමේදී කාර්යක්ෂමද වන බව ඔවුන් පවසයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සල්ලිවලින් විදුලිය
ප්‍රදීප් සුසන්ත Sunday, 14 December 2014 10:17 AM
අයියෝ සල්ලි (නදී)
ඉන්දික Sunday, 14 December 2014 11:23 AM
අනේ අප්පේ මේ සල්ලි නේද? චීනෙන් හැම කුණු කන්දක්ම ලංකාවට එවන එකේ මේ ටිකත් එව්වනම් මොකද වෙන්නේ? (නදී)
ලාල් Sunday, 14 December 2014 01:49 PM
ඔය සල්ලි එව්ව නම්, චීනෙත් කටවුට් ගහන්න තිබුනා. (බ)
සුනිල් ගිකියන්ගේ Sunday, 14 December 2014 01:54 PM
මේ යුවාන් 100 ඒවානේ. පැරණි බවක් පේන්නේ නහැ. සමහර වෙලාවට ප්‍රින්ටින් වැරදි තියෙන ඒවා වෙන්න ඇති සාමාන්‍යයෙන් යුවාන් 100 රුපියල් 2000ක් විතර වෙනවා (බ)
තිලංක Monday, 15 December 2014 02:41 AM
සුනිල් ගීකියන්ගේ, මෙහේ නම් හොර සල්ලි වැහිවැහැලා. මේවත් ඒ වගේ ඒවද දන්නෙ නැහැ (නි)
හරීන්ද්‍ර Monday, 15 December 2014 03:19 AM
පෙනෙන විදියට චීනයේ මුදල් සංසරණය ගොඩක් අඩුයි වගේ. පැරණි සල්ලි මේ තරම් අලුත් නම්, අලුත් ඒවා කොහොම ඇද්ද? (නි)
අජිත් කරුණාරත්න Monday, 15 December 2014 03:39 AM
මේක මොකක්ද? අපි විදුලිය ගන්නේ පාවිච්චිකරන සල්ලි පුච්චලා විතරක් නොවෙයි ඉදිරියේදී අච්චු ගහන සල්ලිත් පුච්චලානේ. (බ)
බන්දුල පෙරේරා Monday, 15 December 2014 06:04 AM
ලංකාවේ සල්ලි නම් එක පවුලක් ගිලිනවා.(හේ)
ජයත් Monday, 15 December 2014 06:51 AM
අජිත් ඔයා නම් හරියටම හරි! වැඩි දුරක නෙමෙයි මේ ඊයේ පෙරේදත් හොඳ කතාවක් තිබුණා අධි වෝල්ටීයතා සම්ප්‍රේෂණ පද්දතියක ටෙන්ඩර් ගැන.(හේ)
රසිකා Thursday, 18 December 2014 06:00 AM
චීන්නු හැම දෙයකින්ම ප්‍රයෝජනවත් දෙයක් කරන්න හපන්නු. චීන වෙළද භාණ්ඩ දිහා බලන්න. ඒ හැම දෙයක්ම ඉතාම සරල නිර්මාණ. (නි)