ඇමෙරිකාවේ සී.අයි.ඒ. බුද්ධි අංශය, එරට නීති ඒජන්සියක් වන එන්.එස්.ඒ. හෙවත් ජාතික ආරක්ෂක ඒජන්සිය ලවා ඇමෙරිකාවේ ජීවත් වන ඇමෙරිකන් පුරවැසියන් ගැනත්, ලෝකයේ සෙසු රටවල් ගැනත් ඔත්තු බලන බවත් 29 හැවිරිදි ඇමෙරිකන් ජාතික එඞ්වඞ් ස්නෝඩන ලොවට හෙළිකිරීම ලොව පුරා ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදුකරන ‘ත‍්‍රස්තවාදී’ සංවිධානවලට අවුරුදු තෑගි හිමිවීමක් වැනි යැයි බි‍්‍රතාන්‍ය බුද්ධි අංශය කියා සිටී.
මෙසේ කියා සිටින්නේ බි‍්‍රතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශයයි. මේවනවිට ස්නෝව්ඩන් ඇමෙරිකාවෙන් පලා ගොස් රුසියානු රජයේ රැුකවරණ ලැබ එහි ජීවත් වෙයි.
ඔහුට යළි ඇමෙරිකාවට හෝ වෙනත් රටකට හෝ යෑමට හැකියාවක් නැත. ඔහුගේ ගුවන් ගමන් බලපත‍්‍රය ඇමෙරිකානු රජය විසින් අවලංගු කර තිබීම ඊට හේතුවයි. ස්නෝව්ඩන් යළි ඇමෙරිකාවට ගියහොත් ඔහු අත්අඩංගුවට ගෙන දේශද්‍රෝහී චෝදනා එල්ල කර නඩු පැවැරීමට ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව සූදානමින් සිටී.
ස්නෝව්ඩන් කළ රහස් හෙළිදරව්වෙන් පසු, අල් කයිඩා වැනි ලොව ප‍්‍රබල ත‍්‍රස්තවාදීන් ඔවුන්ගේ ක‍්‍රමෝපායන් වෙනස් කර ඇතැයි එම්.අයි.5 බුද්ධි අංශය වැඩි දුරටත් කියා සිටී. ස්නෝව්ඩන්ගේ කි‍්‍රයා කලාපය නිසා ත‍්‍රස්තවාදයට එරෙහි සටනේදී ත‍්‍රස්තවාදීන්ට වාසි අත්වුණේ යැයි ද එම්.අයි.5 බුද්ධි අංශය වැඩි දුරටත් කියා සිටී.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ස්නෝව්ඩන් බුද්ධි රහස් හෙළි කිරීම ත‍්‍රස්තවාදීන්ට ‘අවුරුදු තෑගි’ ලැබුණා වගේ
කාලිංග Thursday, 10 October 2013 10:58 AM
නැතුව....නැතුව.... එහෙම වෙන්න එපායෑ
ටෙරා Thursday, 10 October 2013 11:01 AM
ඉතිං අනිත් ත්‍රස්තවාදීන්ට බඩේ පාර වැදුන නිසාද දුක? (දී)
සන්ද්‍යා Thursday, 10 October 2013 11:07 AM
යුද්ධය කියන්නේ පුදුමා කාර දෙයක් (දී)
ඉන්දු - මෙල්බෝර්න් Thursday, 10 October 2013 12:37 PM
ඉතින් ඇමෙරිකාව ඕකට දුක් වෙන්නේ ඇයි, එයාල හැමදාම කරන්නේ ත්‍රස්තවාදීන්ට තෑගි දෙන එකනේ. (ත)
චමත් Thursday, 10 October 2013 07:48 PM
දේශද්‍රෝහීන් එල්ලලා මරා දැමිය යුතුයි. තමන් උපන් රටට ආදරය කරන්න ඕනෑ ඕනෑම කෙනෙක්. ඒ රට ඇමරිකාවද ඇෆ්ගනිස්තානෙද කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. (නි)