X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 18 වන සිකුරාදා


සාගර පත්ලේ සැඟවුණු යුද කඳවුර

දෙවැනි ලෝක යුද්ධයේ දි ඇමෙරිකා ගුවන් හමුදාව බෝම්බ දමා මුහුදු බත් කළ ජපන් නාවුක කදවුරක සුන් බුන් ඡායාරූප ගත කළ ඇමෙරිකා කිමිදුම්කාරියක ඒවා අන්තර්ජාලයට එක්කැර ඇත.

මේ ඡායාරූපවලින් හෙළි වන්නේ දෙවැනි ලෝක යුද්ධයේ සිට මේ දක්වාම මුහුදු පත්ලේ නොකැළැල්ව පැවති ටොන් 191,000ක නාවුක යුද කදවුරකි. පැසිෆික් සාගරයේ පැපුවා නිව්ගිනියාව ආසන්නේය පිලිපීන් දූපත් සමූහයේ පිහිටි කොරල්පරවලින් වටවූ අභ්‍යන්තර කලපුවක් සහිත චූක් දිවයින වර්තමානයේ මයික්‍රොසීනියාවට අයත් ස්වාධීන රාජ්‍යයකි. දෙවැනි ලෝක යුද්ධයේ දී ජපානය මේ දූපතේ පවත්වාගෙන ගිය නාවුක කදවුර ඇමෙරිකා ගුවන් හමුදාව විසින් 1944 පෙබරවාරි 17 දා බෝම්බ දමා විනාශ කරන ලදී. ඇමෙරිකා හමුදාවේ 58 වැනි කාර්ය බලකාය මේ ප්‍ර‍හාරය එල්ල කළේය.

එම ප්‍ර‍හාරයට ඇමෙරිකාව පුපුරණ ද්‍ර‍ව්‍ය ටොන් 400ක් පමණ භාවිතා කළ බවත් පැය 36ක් පුරා බෝම්බ දැමූ බවත් යුද ඉතිහාසය සාක්ෂි දරයි. දින දෙකකට වඩා වැඩි කාලයක් ගත වූ මේ ප්‍ර‍හාරය දෙවැනි ලෝක යුද්ධයේ දි ඇමෙරිකාවට පැසිෆික් සාගරයේ බලය අල්ලා ගැනීමට ඉතා වැදගත් විය.

විනාශ වූ නාවික කදවුරේ සබ්මැරීන්, යුද ටැංකි, යුධ ට්‍ර‍ක් රථ, තුවක්කු, බෝම්බ ඇතුළු යුද උපකරණ රැසක් වූ බව ද පැවසේ. මේ ප්‍ර‍හාරයේ දී ජපන් සෙබළු 2,000ට වැඩි පිරිසක් මියගියහ.

පැසිෆික් සාගරයේ ඉතා අලංකාර අතිශය වර්ණවත් කොරල්පර වලින් එදා විනාශ වූ නාවුක කදවුර අද වැසී පවතී. චූක් කලපුවේ මුහුදුබත් වී ඇත් මේ යුද වාහන හා උපකරණ නිහඩව ප්‍ර‍කාශ කරන්නේ දෙවැනි ලෝක යුද්ධයේ දී ජපාන හමුදා කදවුරක ස්වභාවයයි.

එම වාහන හා උපකරණ දැන් මුහුදු පත්ලේ අඩි 100ත් 80ත් අතර ගැඹුරින් රැදී පවතී. දෙවැනි ලෝක යුද්ධයෙන් ජපානය පරාජය වීමත් සමග මේ සියල්ල අමතකව ගොසිනි. මේ කලපුවේ තැන තැන මුහුදු බත් වූ යුද උපකරණ ස්ථාන 40කින් හමුවන බව ඒවා ඡායාරූපයට නැගූ ඇමෙරිකන් ජාතික බ්‍රැන්ඩි මුලර් මහත්මිය පවසයි. බ්‍රැන්ඩි ඇමෙරිකාවේ කිමිදුම් උපදේශකවරියකි. තවමත් 32හැවිරිදි වියේ පසුවන ඇය පවසන්නේ මුහුදු පත්ලේ දී තමන් මේවා දැකීමෙන් මහත් සේ විශ්මයට පත්වූ බවයි.

විදෙස් මාධ්‍ය පවසන්නේ බ්‍රැන්ඩිගේ ඡායාරූප අනුව මෙය ලෝකයේ සංචාරකයන් වඩාත්ම ප්‍රියකරන ස්ථානය බවට පත්වනු ඇති බවයි. එය ලෝකයේ මුහුදුබත් වූ යුද නෂ්ඨාවශේෂ ඇති හොඳම ස්ථානය බවට විවාදයක් නැතැයි යන්න විචාරකයන්ගේ අදහසයි.

සතියක් පුරා දිනකට පස්වතාවක් දිය යට කිමිදෙමින් තමන් මේ ස්ථානයේ ඡායාරූප ගත් බව බ්‍රැන්ඩි පවසයි. විනාශ වූ යුද උපකරණ මුහුදු පත්ලේ තැන්පත්ව ඇති ආකාරය ස්වභාවික අලංකාරය මතුවන අයුරින් ඡායාරූප ගත කිරීමට තමන් ඒ සෑම අවස්ථාවක දී ම උත්සාහ ගත් බව ද ඇය කීයන්නීය.

ජපන් යුද තොරතුරු අනුව මේ චූක් කලපුවේ ගුවන්යානා 400ක් ජපාන යුද නැව් 50ක් ඇතුළු උපකරණ තොගයක් විනාශ වී ඇත.

2F42E8A700000578-3355586-image-a-50_1449824614123 2F42E8BA00000578-3355586-image-a-24_1449823461772 2F42E8CA00000578-3355586-image-a-39_1449824120658 2F42E8D200000578-3355586-image-a-12_1449823108150 2F42E8F600000578-3355586-image-a-45_1449824492633

2F42E95E00000578-3355586-image-a-40_1449824120761

2F42E8FA00000578-3355586-image-a-14_1449823205933 2F42E88E00000578-3355586-image-a-16_1449823281514 2F42E92E00000578-3355586-image-a-32_1449823931277 2F42E95A00000578-3355586-image-a-42_1449824194931 2F42E99E00000578-3355586-image-a-20_1449823294094 2F42E88300000578-3355586-image-a-28_1449823584643 2F42E90200000578-3355586-image-a-58_1449824732196 2F42E90300000578-3355586-image-a-25_1449823523445 2F42E91200000578-3355586-image-a-47_1449824535706 2F42E93200000578-3355586-image-a-43_1449824406803 2F42E98600000578-3355586-image-a-10_1449822686480



අදහස් (0)

සාගර පත්ලේ සැඟවුණු යුද කඳවුර

ගමගේ Monday, 14 December 2015 02:20 AM

"අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවඳක් නෑ ......... " ජපනුන්ටත් අමතක වුණු දේ සොයාගත්තාට බ්‍රැන්ඩි මුලර් මැතිනියට ස්තුතියි! මේ ගැන අපට කිව්වට 'ලංකාදීපයට' පින්! (නි)

:       0       0

පෑබොටුව Monday, 14 December 2015 04:38 AM

හරිම සුන්දරයි, මෙවන් තොරතුරු ඉදිරිපත් කිරීමට ඇය කළ කැපවීම අගය කළ යුතුයි. (බ)

:       0       0

නිමල් Monday, 14 December 2015 05:52 AM

ඔබට දීර්ඝායු වේවා!!!! (ම)

:       0       0

ගයනා නෙත්මි Monday, 14 December 2015 11:32 AM

සෑහෙන වටිනා ලිපියක්.. ! (අ)

:       0       0

ජයන්ත Monday, 14 December 2015 03:51 PM

ලංකාදීප පත්තරේට පින් වැඩිපුර ලැබෙන්න ඕනෑ මේ වගේ දෙයක් පළකළාට. නැත්නම් ඉතින් අපි ළිං මැඩියෝ වගේ ජාතියක්නේ. අපි මේ වගේ දෙයක් හොයලා කියවන්නෙම නැහැනේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site