තුර්කියේ ඉස්තාම්බුල් නුවර උද්‍යානයක සාප්පු සංකීර්ණයක් ඉදිකිරීමට එරට රජය තීරණය කිරීමත් සමඟ, ඊට විරෝධය පළ කරමින්, ඉස්තාම්බුල් නුවර ඇතුළු එරට නගර 90 ක විරෝධතා රැලි පැවැත්විණි.
විරෝධතාකරුවන් සහ කැරැලි මර්දන පොලිස් නිලධාරීන් අතර ගැටුම් හටගත් අවස්ථාවේදී 350 කට ආසන්න පිරිසක් පොලිස් අත්අඩංගුවට පත්වූහ.
විරෝධතාකරුවන් පලවා හැරීමට කඳුළු ගෑස් සහ බැටන් ප‍්‍රහාරද එල්ල කිරීමට පොලිසියට සිදුවිය. එම අවස්ථාවේදී විරෝධතාකරුවන් රජයේ ගොඩනැගිලිවලට පහර දී අලාභහානි සිදු කළ බව ද වාර්තා වේ.
තුර්කි අගමැති එඞ්රෙගොන් කියා සිටියේ කොතරම් බාධා එල්ල වුවත් ඉස්තාම්බුල් නගරයේ නවීකරණ කටයුතු නවත්වන්නේ නැති බවය. කෙසේ නමුත් විරෝධතා මර්දනය කිරීමට පොලිසිය යෙදවීම ගැන තමා සතුටු නොවන බව ද හෙතෙම වැඩි දුරටත් කියා සිටියේය.
විරෝධතාකරුවන් එක හඬින් කියා සිටින්නේ අගමැති එඞ්රෙගොන් වහාම ධුරය අතහැර ගෙදර යා යුතුයි කියාය.
මේ අතර විරෝධතාකරුවන් පිරිසක් අගමැති කාර්යාලය ඉදිරියට ගොස් ඊට ප‍්‍රහාරයක් එල්ල කිරීමට ද උත්සහ කළ නමුත් පොලිසිය මැදිහත්වීමෙන් එය වැළැකිණි.
කලක් තුර්කියේ මිතුරකුව සිටි සිරියා ජනාධිපති බෂීර් අල් අසාද් චෝදනා කරන්නේ තුර්කි අගමැති තම ජනතාව පීඩාවට පත් කරන බවටය.
![]() |
විරෝධතාකරුවෝ |
![]() |
කැරැලි මර්දන පොලිසිය |
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සාප්පු සංකීර්ණයක් ඉදිකිරීමට එරෙහිව තුර්කිය පුරා විරෝධතා
ජනක Monday, 03 June 2013 09:55 AM
තුර්කියත් පත්තුවෙන්නද යන්නේ? ඉතුරුවෙලා තියෙන්නේ මැදපෙරදිග ගල්ෆ් රටවල් ටිකයි මැලේසියාව ඉන්දුනීසියාව වගේ පැසිෆික් මුස්ලිම් රටවල් ටිකකුයි විතරයි.... (නි)
ගිමාල් Monday, 03 June 2013 11:28 AM
ණය බරින් මිරිකී සිටි තුර්කිය ගොඩ අරන් දියුණු කරනවාට එරෙහි කට්ටියකුත් ඉන්නවා වගේ (නි)
කෙනත් Monday, 03 June 2013 09:52 PM
නගර උද්‍යානයක සාපපු ඉදිකරන්නේ මොකටද? උද්ගෝෂණය සාදාරනයි, නමුත් ගිහින් තිබෙන දුර හොද නැහැ. සමහර දේශපාලකයන් තීරණ ගන්නේ රටේ ජනතාව ගැන හිතලා නොවෙයි, තමන්ගේ සාක්කුවත්, තම හිතවත් ව්‍යාපාරිකයන්ගේ සාක්කුවත් ගැන හිතලයි. (නි)