X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


සැමියා මළ පසුත් ආදරේ උතුරයි

තම ස්වාමි පුරුෂයා මළ පසුත් අතහැර දමනු නොහැකිව ඔහුගේ දේහය අවුරුද්දක් පුරා නිදි යහනේම තබාගත් කාන්තාවක බෙල්ලජියමේ සිටී. මේ බැව් සොයාගැනීමට හැකිව තිබෙන්නේ ඇය කුලියට පදිංචිව සිටින නිවසේ හිමිකරු තම නිවසේ පදිංචිව සිටින්නවුන් වසරක් පුරා නිවසේ කුළී ගෙවා නැතැයි පොලිසිය දැනුම්වත් කිරීම මාර්ගයෙනි. මේ බව පරීක්ෂා කිරීමට නිවෙසට පැමිණි පොලිස් නිලධාරීන්ට සයනය මත තිබූ මිනිස් මළ සිරුර සොයාගැනීමට හැකිව ඇත.

මෙම පුද්ගලයා මිය යන විට 79 වැනි වියෙ පසුවී යැයි හෙළිව තිබේ. බිරියගේ වයස අවුරුදු 69 කි.

එහි වූ සිරුරේ මස් දිය වී ඇට පෑදි තිබුණි.  හදිසි මරණ පරීක්ෂකවරයාට අනුව මළ සිරුර ස්වයං සංරක්ෂණයකට භාජනය වී තිබේ. සාමාන්‍යයෙන් වියළී හා උණුසුම් පරිසරයක මළ සිරුරක් අමුතුවෙන් සංරක්ෂණය කිරීමක් අවශ්‍ය නොවන බව ඔහු පවසයි.  නමුත් මියගොස් සතියක් පමණ ගත වූ තැන මළ සිරුර ඉහඳ පණුවන්ගෙන් පිරී තිබෙන්නට ඇතැයි ද මේ කාන්තාව එවන් තත්ත්වයක් උසුලාගෙන සිටියේ කෙලෙසද යන්න වටහා ගැනීමට අපසහු යැයි ද ඔහු කියයි. කාන්තාවට එරෙහිව නීතිමය පියවර ගැනීමක් පිළිබඳව සඳහනක් නම් නොමැත.

 



අදහස් (0)

සැමියා මළ පසුත් ආදරේ උතුරයි

දර්ශා Thursday, 21 November 2013 05:26 PM

රිස්වාන් බඹසර බිසව් චිත්‍රපටයේ නිෂ්පාදක තුමා මැරුනේ කොහොමද කියලා සොයා බලන්න..ඔබේ ප්‍රශ්නයට උත්තරේ.(නදී)

:       0       0

දිසානායක Thursday, 21 November 2013 01:43 PM

මොනවා ලියන්නද මම දන්නේ නැහැ .හැමෝගෙම අදහස් මම කියෙව්වා. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්. නමුත් මේ කාන්තාව පිළිබද අනුකම්පාවක් සහ සියුම් භක්තියක් මගේ හදවතේ මෝරා එනවා. මෙහෙමයි කියල ලියන්න බැරි මොකක්දෝ සිතුවිල්ලක් හිතේ තියනවා මෙහෙම කියන්නම්. අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ (නදී)

:       0       0

රිස්වාන් ඩුබායි Thursday, 21 November 2013 02:02 PM

දෙයියෝ සාක්කි....රත්තරන් ගැහැණියෙක් නේ. ඒකට අපේ රටේ ගැහැණු. මැරෙනකම් බලන් ඉන්නේ තවත් කසාදයක් බැදගන්න. (ස)

:       0       0

වීර Thursday, 21 November 2013 02:57 PM

රිස්වාන්, මුස්ලිම් ගැහැණු එහෙම වුනාට හෙළ කාන්තාවන් නම් එහෙම නැහැ. (ස)

:       0       0

සම් Thursday, 21 November 2013 02:57 PM

ඊයා අනේ මිනිහ නෙවෙයි කවුරු උනත් කොහොමද මේ වගේ ගඳ ඉවසන් ඉන්නේ.මෙයා මානසික රෝගියෙක්. ඉපදුන හැමෝම මැරෙනවා. තමන්ගේ කෙනෙක් නම් දුක වැඩි තමා. ඒත් මෙහෙම කරනවද. (ස)

:       0       0

රිස්වාන් ඩුබායි Thursday, 21 November 2013 04:01 PM

අනේ වීර ඔබ ගැන මට හරි දුකයි. පසු ගිය කාලේ සිට අද දක්වා පුවත් පත් වල පලවුනු අනියම් සම්බන්දතා මිනි මැරුම් ගැන කියව්වේ නැද්ද? මට කියන්න පුලුවන්ද එක මුස්ලිම් කාන්තාවක් මෙලෙස අනියම් සම්බන්ධයකට පැටලුනා කියලා? ඔබ තුමා තමා හැම දෙයකටම ජාතිවාදය ගාව ගන්නේ ඇයි? (නදී)

:       0       0

චන්දි Thursday, 21 November 2013 04:02 PM

රිස්වාන්, ගැහැණු විතරක් මොකද? පිරිමිත් එහෙම තමයි. එහෙත් එහි වැරැද්දක් නම් මා දකින්නේ නැහැ. (නදී)

:       0       0

රිස්වාන් ඩුබායි Thursday, 21 November 2013 04:25 PM

ආ එහෙමද චන්දී, ඔයාගේ ගම කොහෙද? මට දැනගන්න පුලුවන්ද ?(නදී)

:       0       0

නුගේගොඩ Thursday, 21 November 2013 05:02 PM

යහලුවනේ, සාරය ගන්න. විවේචනය කාලයත් යහළුවත් නැතිකරයි. (නි)

:       0       0

ලාල් - නුවර Thursday, 21 November 2013 12:02 PM

ජීවිතයයේ අනිත්‍ය කියාපාන හොඳම රූප ටිකක්. (ස)

:       0       0

අශාන් Thursday, 21 November 2013 07:31 PM

සුමේධ,ඔයා හරි (නි)

:       0       0

වීර Thursday, 21 November 2013 07:46 PM

හෙළ කාන්තාවන් එහෙම නැහැ කිවුවත් දවසින් දවස දවසින් දවස පත්තරය බලනකොට හෙළ කාන්තාවන් තමයි වැඩිපුර වරදට පෙළඹිලා තියෙන්නේ (නි)

:       0       0

රිස්වාන් ඩුබායි Thursday, 21 November 2013 08:40 PM

එකනේ අපි කාන්තාව අනාථ නොකර 7 ක් කසාද බදින්නේ .හෙළයෝ කවදද පතිවත රැක්කේ .එකට අපේ ගැණු රත්තරන් (අ)

:       0       0

රිස්වාන් ඩුබායි Thursday, 21 November 2013 09:52 PM

කව්ද මේ මගේ නම සදහන් කර අන්තිම අදහස දැම්මේ?කරුණාකරලා මගේ නම පාවිච්චි කරන්න එපා. (නි)

:       0       0

මෙත්මල් Friday, 22 November 2013 12:24 AM

අත්තටම මේකට කියන්න ඕන හරිම වචනය ආදරයවත් මෝඩකමවත් නොවෙයි අවිද්‍යව ජීවිතයෙ යථා ස්වභාවය අවබෝධ නොවිම. අපි හැමෝටම මෙක අඩු වැඩියෙන් තියෙනව. අපිම දන්නෙ නැ අපි මෙ ආශවෙන් බැදිල ඉන්නෙ නැතිවෙලා යන දේ වලට බව​.(ස)

:       0       0

තරංග Monday, 25 November 2013 11:15 AM

බහුතරය මාතෘකාවෙන් පිටපැනලා වගෙයි අදහස් දාලා තියෙන්නේ (නි)

:       0       0

රුල්ට් Tuesday, 26 November 2013 03:52 AM

අවුරුද්දක් මෙ ව්දිහට කාලය ගෙවී යන කොට ජීවිතයෙ අනිත්‍ය ඉබේම වැටහෙනවා. (අ)

:       0       0

සමන්ති Thursday, 21 November 2013 05:38 AM

ප්‍රියන්ත කුවෙට් වලින්ම හොයාගන්න .මෙහෙ කෙල්ලන්ට මොලේ අමාරු නොමැත (අ)

:       0       0

ෂාෆික් Wednesday, 20 November 2013 06:00 PM

පව් අසරණ මනුස්සයා. දුප්පත්කම නිසාම ගෙවල් කුලියවත් දීගන්න බැරි වෙලා. (නි)

:       0       0

සුමේධ Wednesday, 20 November 2013 07:28 PM

අපේ රටේ නම් දැන් ඉන්න කාන්තාවෝ හත් දවසේ දානෙන් පස්සේ සියල්ල අමතක කරනවා (නි)

:       0       0

ශාන්ති Wednesday, 20 November 2013 11:40 PM

සුමේද හැම කෙනෙක්ම නෙමෙයි හොදේ (අ)

:       0       0

ආරියසේන Wednesday, 20 November 2013 11:45 PM

පලමුවරටයි සැමියාගේ මලමිනියටත් ආදරය කර ගැහැනියක් ඉන්නවා කියල දැනගත්තේ.නමුත් බිසව මැරුණු සොවින් ඒ සෝකය දරාගන්න බැරුව ලෝකය පුදුමයට පත් කරන රජමාලිගයක් ඉදිකර රජකෙනෙක් ඉන්දියාව පාලනය කරා කියල නම් දන්නවා.(අ)

:       0       0

ලාරා කෑගල්ල Thursday, 21 November 2013 12:13 AM

මේ කුණු සිරුර,මහ පොළොවට පස් වෙනවා. ඇයි ඊර්ෂ්‍යා මේ ලොවේ ? (නි)

:       0       0

රූපවතී Thursday, 21 November 2013 01:47 AM

සුමේධ, අපේ රටේ ස්වාමියෝ නම් බිරිදව මරලා හෝ පණපිටින්ම වත්තේම වළ දමලා .. ඇයගේ දේපළත් විකුණාගෙන,අන්ත්‍රස්ධාන වෙනවා (නි)

:       0       0

ඉන්දු - ලන්ඩන් Thursday, 21 November 2013 02:55 AM

මේක ආදරේ නෙවෙයි. මානසික රෝග තත්වයක්. (අ)

:       0       0

ප්‍රියන්ත(කුවේට්) Thursday, 21 November 2013 03:31 AM

අන්න නියම ගැහැණු. අනේ මටත් එහෙම කෙනෙක් ලැබෙනවා නම්?? (නි)

:       0       0

මෙන්ඩිස් Wednesday, 20 November 2013 05:12 PM

මටත් ඇඩෙනවා! (නි)

:       0       0

ගජබා Thursday, 21 November 2013 09:06 AM

මම දකින ලොකුම වෙනස මෙය තමයි. අපි මේ රටේ හැදිලා මරණය කියන දෙයට මුහුණ දෙන්න අවශ්‍ය විදිය තේරුම් අරගෙන ඉන්නේ. අපි කෙනෙකුගේ අවසන් කටයුතු කරන සිරිත් විරිත් දිහා බැලුවම පේනවා ඒවා මොන තරම් ඉහල සිතුම් පැතුම් වල ප්‍රතිපලයක්ද කියල. විශේෂයෙන්ම බුදු දහමෙන් මරණයට සුදානම් වෙන ක්‍රමය ඉතා හොඳින් පැහැදිලි කරලා තියෙනවා. ඒ විතරක්ද, ඊළඟ භාවය ගැන පවා අපි හිත බලනවා නේද.? (නදී)

:       0       0

නුගොගොඩ Thursday, 21 November 2013 10:09 AM

ස්වාමි භක්තිය කියන්නේ ඕකටනේ. දෙන්න හොදින්ම ඉන්න ඇති. ඒකයි වෙන්වෙන්න අමාරු. මම දන්නා පවුලක් හිටිය අපේ ගෙවල් ලග. කොයි තරම් ආදරෙන් හිටියද කියනවනම් "මහත්තය කඩේ ගියත් පෙනෙන නොපෙනෙන මානයට ගිහිල්ලා නෝනට අත වනලා යන්නේ. මේ පුරුද්ද විශ්‍රාම ගොස් ජීවිතයෙන් සමුගන්න තුරුම කලා. ඒක නිසා සැබෑ ආදරය මානසික රෝගයකට සමාන කරන්න එපා ඉන්දු-ලන්ඩන් .(නදී)

:       0       0

උදිත Thursday, 21 November 2013 10:31 AM

මේක ආදරය නෙවෙයි. ඕක මානසික පිස්සුවක්. හරිම පිස්සු වැඩක්, ඔය මනුස්සයට බෙහෙත් ටිකක් අරන් දුන්නොත් ගොඩක් පින්.(නදී)

:       0       0

සත්‍යපාල Thursday, 21 November 2013 10:57 AM

රූපවතී, ඕකේ අනිත් පැත්ත තමයි හත් දවසේ දානය වෙනකොට මහත්තයාගේ යාලුවෙක් එක්ක සම්බන්ධයක් හදා ගෙනත් ඉවරයි.එහෙමයි අපේ අක්කලා, නැන්දලා. (ස)

:       0       0

සහන් බණ්ඩාර Thursday, 21 November 2013 11:06 AM

ඇය ඔහුත් සමඟ ජීවිතයේ බොහෝ කාලයක් එකට සිටින්නට ඇත. දුක සැප බෙදා ගන්නට ඇත. ඔහු නොමැතිව පාලුවෙන් සිටිනවාට වඩා ඔහුගේ දුඟද සිරුර නිවසෙහි තබාගෙන සිටීම හොඳ යයි සමහරවිට ඇය සිතන්නට ඇත. නිවසේ කුලිය ගෙවීමට වත්කමක් නැති නම්, ඇය මේ කාලය තුල ආහාර ගත්තේදැයි, එය කොපමණක් දැයි අප දන්නේ නැත. අබලන් වූ රථයක් ඉවත් කරන පරිද්දෙන් අබල දුබලවූ ප්‍රියයන් අප අපේ ජීවිතයෙන් ඉවත් නොකිරීම 'පිස්සුවක්' යයි සිතන්නට අපට නොහැකිය. එහෙයින්, මෙම බිරිඳගේ ක්‍රියාව ආදරය හෝ පිස්සුවක් ලෙස නිර්වචනය කරන්නට අප බුද්ධිමත් යයි මට වැටහෙන්නේ නැත. (ස)

:       0       0

සරත් Thursday, 21 November 2013 11:18 AM

සිද්ධියේ හරි වැරද්ද කුමක් උනත් වසරක් යනතුරු මෙම නිවසට කිසිවෙකු පැමිණ නැතිද? (නදී)

:       0       0

නිරූපා Thursday, 21 November 2013 11:33 AM

මට මහමෙව්නාවේ බණ ඇහෙන්න පටන් ගත්තා. අනිත්‍ය මෙනෙහි කරන්න. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site