X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


සියවසක් ගියත් සිරුර නරක් නොවේ

සෑම ගිම්හාන සෘතුවකදීම ඉතාලියේ ඇල්පස් කඳුකරයේ ඇති අයිස් දියවී යන්නේ ඒවායින් වසර සිය ගණනක් තිස්සේ සඟවාගෙන සිටි රහසක් ටිකෙන් ටික හෙළි කරමිනි.

සෑම වසරකම උණුසුම් ගිම්හානයේ අයිස් දියවීමත් සමග ඉතාලියේ ඇල්පස් කදුකරයේ ටෙ‍්‍රන්ටිනෝ ප‍්‍රදේශයෙන් මළ සිරුරු මතුවේ.මේ මළසිරුරු මිට වසර 100 කට පමණ පෙර පළමු ලෝක යුධ සමයේ සටන් කළ සොල්දාදුවන්ගේ බව පැවසේ.

සතුරු මෙන්ම මිතුරු සොල්දාදුවන්ගේ සිරුරු ඒවා අතර වන බව සදහන්ය.

පළමු ලෝක යුද්ධයේ ජර්මනිය,ඔස්ටි‍්‍රයාව හා ඉතාලිය මධ්‍යම පාක්ෂිකයින් ලෙස එක් පසෙකත් බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යය,ප‍්‍රංශය හා රුසියාව මිත‍්‍ර පාක්ෂිකයින් ලෙස අනෙක් පසත් සිට සටන් කළේය.

ජර්මනියේ අවි බලය දුටු ඉතාලිය මුලින් මධ්‍යම පාක්ෂිකයින් හා බැදීමට ගිවිසුමකට එළැඹියත් පසුව රහසේම මිත‍්‍ර පාක්ෂිකයින් හා ගිවිසුමකට එළැඹුනි.ගිවිසුම ප‍්‍රකාරව ඉතාලියද මිත‍්‍ර පාක්ෂික රටක් බවට පත්විය.

මේ බව දැනගත් ජර්මනිය හා ඔස්ටි‍්‍රයාව ඉතාලියට පහර දීමට හමුදා භට කණ්ඩ එවීය.ඉතිහාසය වාර්තා කරන ආකාරයට දෙපාර්ශවය අතර ගැටුම් ඇතිවී තිබෙන්නේ පෙර කී ඇල්පස් කදුකර ප‍්‍රදේශයන්ගේය.

ඉතිහාසඥයින් පවසන්නේ ගැටුම් වලින් දෙපාර්ශවයේම සොල්දාදුවන් ලක්ෂ 10 ක් පමණ මරුමුවට පත්ව ඇති බවයි.මේසා මරණ සංඛ්‍යාවක් සිදුවීමට

හේතුව අවි ගැටුම් පමණක්ම නොව ඇල්පස් කදුකරයේ ප‍්‍රචණ්ඩ හිම කුණාටු වලින් යුතු කටුක පරිසර තත්ත්වයන් බව ඔවුන් කියයි.

මෙයාකාරයට ඇල්පස් කදුකරයේදී දිවි දුන් සොල්දාදුවන්ගේ සිරුරු පළමු ලෝක යුද්ධය අවසන් වී වසර 100 ගතවී ඇති කාලය අතරතුරදී වසරක් පාසාම පාහේ මතුවී තිබේ.

සොල්දාදුවන්ගේ සිරුරු හිමෙන් වැසී ඉතා හොදින් සංරක්ෂණය වී තිබෙන බව ඇල්පස් කදුකරයේ මේ සම්බන්ධයෙන් පර්යේෂණ කටයුතු වල යෙදෙන පර්යේෂකයින් කියයි.ඔවුන් භාවිතා කළ අවි ආයුද ද ඔවුන් සමගම සංරක්ෂණය වී තිබුණු අවස්ථා කිහිපයක්ම ගතවුනු වසර කිහිපයේදී සොයාගැනීමටත් හැකිවූ බව ඔවුන් පවසයි.

සොයාගත් සිරුරු ඞී.එන්.ඒ. පරීක්ෂණයන්ට භාජනය කර එම සිරුරු අයත් පුද්ගලයින්ගේ පෞද්ගලික තොරතුරු පවා සොයාගැනීමට පර්යේෂකයින් සමත්ව ඇත.



අදහස් (0)

සියවසක් ගියත් සිරුර නරක් නොවේ

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site