සියවස් හතරක් පමණ මුහුදු බත්වී තිබූ ස්පාඤඤ නාවික යාත්‍රා සමූහයක භාණ්ඩ රැසක් අයර්ලන්ත මුහුදු තීරයනේ සොයාගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
1588 දී පමණ මුහුදේ ගිලී ගියායැයි විශ්වාස කරන නැවක තිබී කාලතුවක්කු රැසක්, ලී දඩු සහ නැංගුරම් සොයා ගැණිනි. අයර්ලන්තයේ උරුමයන් පිලිබඳ අමාත්‍යාංශයේ කිමිදුම්කරුවන් විසින් මෙම සොයා ගැනීම කැර ඇත.
පසුගිය වසර දෙක තිස්සේ හමාගිය දැඩි කුණාටු හේතුවෙන් 16 වැනි සියවසට අයත් මෙම යාත්‍රා පිටතට නිරාවරණය වූ බව සමුද්‍ර පුරාවිද්‍යා පර්යේෂක කණ්ඩායම් කියයි. මෙම යාත්‍රා දීර්ඝ කාලයක් තිස්සේ අයර්ලන්තයේ ස්ලිගෝ දිස්ත්‍රික්කයේ ස්ට්රීඩෝ මුහුදු තීරයේ මුහුදු පත්ලේ සැඟවි තිබි ඇත.
පසුගිය අප්‍රේල් මස අයිරිෂ් භාෂාව කථාකරණ අයර්ලන්තයේ කලාපය වන ගෙල්ටැච් හි වෙරළට ලි දඩු පාවී ඒමට පටන් ගෙන ඇති අතර මේ ගැන එරට රජය අවධානය යොමුකර ගෙන සිටි බව කලා උරුමයන් පිලිබඳ අමාත්‍ය හීතර් හම්ප්‍රේස් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.
අපගේ අළුත්ම සාක්ෂි මගින් පෙන්වා දි ඇත්තේ අනෙක් නැව්දෙකේ සැකිලි ආරක්ෂිත වැලි ස්ථරයේ තවමත් වැළලි ඇති බවයි. හම්ප්‍රේ පැවසුවේ ලා ජුලියානා නැව් සැකිල්ලේ කොටසක් මුහුදු පත්ලට නිරාවරණය වි ඇති බවයි. ඒ අතර තුවක්කු සහ අනෙක් සැකිලි ද්‍රව්‍ය තිබෙන බවද හෙතෙම පවසයි.
මෙම ද්‍රව්‍ය ඉතාමත් ඵෙතිහාසික සහ පුරාවිඥාත්මක අතින් අනර්ඝවේ. හෙම්ප්රේ පැවසුවේ රජයේ පළමු ප්‍රමුඛතාවය නම් මෙම මෙවලම් ආරක්ෂාකාරිව ගොඩට ගැනීම බවයි. එවිට මෙම ද්‍රව්‍ය සුරක්ෂිතව සංරක්ෂණ කර ජාතික කෞතුකාගාරයේ තැබිය හැකි බවද හෙතෙම පවසා තිබේ.
මුහුදු බත්වු නැව්වල සැකිලි සහ ද්‍රව්‍ය සොයා ගැනීමේ මෙහෙයුම් සතිකීපයක් තිස්සේ ක්‍රියාත්මක බව අයිරිෂ් රජය පවසයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සියවස් හතරකට කුණාටුව නැව ගොඩ ගනී
චන්ද්‍ර වීරසිංහ Thursday, 18 June 2015 08:06 PM
අපේ රට වටේත් ඕනෑතරම් ගිලුණු නැව් තිබෙනවා.ඒ පිළිබඳව හොයන අය විරලයි. රන් මුතුදූව චිත්‍රපටිය බලපු අය දන්නවා ඇති ඒ කාලේ මයික් විල්සන්ලා, ආතර් වැන්කියුලන්බර්ග්ලා කළ සේවය. දැන් සමුද්‍රික නීති එහෙම තිබෙන නිසා වැඩේ ටිකක් අමාරු ඇති (නි)
ෆෙරෝස් Friday, 19 June 2015 04:31 AM
නිධන් හාරන්නෝ එහෙම එහෙ නැද්ද? (නි)
බන්දුල Friday, 19 June 2015 05:12 AM
මේ වගේ තව කොච්චර නම් ඇද්ද? (නි)
ගුණේ Friday, 19 June 2015 05:32 AM
අපේ අයට පුරාවස්තු සොයනවාට වඩා 20න් වාසි ගන්නේ කොහොමද කියන එකයි වැදගත්. (ර)
තිස්ස Saturday, 20 June 2015 10:43 AM
අපේ ඒවා ගන්නේ දේසපාලුවොයි, පුතාලයි. (ස)