X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


සියැටල්ගේ මුණුපුරෝ මහ වනය රැකගනිති

බ්‍රසීලයේ ඇමසන් වනාන්තරයේ ගස් කපමින් සිටි ජාවාරම් කරුවන් පිරිසකට අමතක නොවන පාඩමක් ඉගැන්වීමට බ්‍රසීලයේ ආදි වාසී ගෝත්‍රයක් වන කාපෝර් ගෝත්‍රික තරුණයන් පිරිසක් පසුගිය දා කටයුතු කළහ.

වනාන්තරයේ ගස් කපා ඉරමින් වාහනවලට විශාල වශයෙන් පටවමින් සිටි කණ්ඩායමක් වැටලූ ආයුධ සන්නද්ධ ගෝත්‍රික තරුණයෝ දැව ජාවාරම්කරුවන්ට පහර දී ඔවුන්ගේ වාහන ඇතුළු උපකරණ ගිනිතබා විනාශ කර ඒ පිරිස පලවා හැරීයහ.

පසුගිය දා බ්‍රසීල රජය ප්‍රකාශ කැර සිටියේ ඇමසන් වැසි වනාන්තරයෙන් සියයට 28ක් පමණ පසුගිය වසර හතරක කාලයේ දී අවදානමට පත්ව ඇති බවයි. 2013 වර්ෂයේ දී පමණක් වර්ග කිලෝ මීටර 5843ක් වනාන්තරය කපා දමා ඇති බව ද රජය කියයි. ලොව ස්වභාවික පරිසරය රැක ගැනීම සඳහා වැසි වනාන්තරවලින් ඉටුවන්නේ වැදගත් මෙහෙවරකි. ලොව පුරා රටවලින් වසරකට කාබන්ඩයොක්සයිඩ් ටොන් කෝටි 40ක් පමණ පරිසරයට නිකුත් කරයි. ඉන් සියයට 75ක පමණ ප්‍රමාණයක් පිරිසිදු කරන්නේ වැසි වනාන්තර වලිනි. ඇමසන් වනාන්තරය ලෝකයේ ගෝලීය උණුසුම නිසි පරිදි පවත්වාගෙන යාම සඳහා වැදගත් මෙහෙවරක් ඉටුකරයි.

දැව හොරුන්ට ප්‍රහාරය දියත් කළ ගෝත්‍රික තරුණයන් පවසන්නේ ලෝකයේ පැවැත්මට ඉතා වැදගත් මෙහෙවරක් ඉටුකරන ඇමසන් වනාන්තරය රැක ගැනීමට තමන් දිවි පරදුවට තබා කටයුතු කරන බවයි. ඇමෙරිකා මහද්වීපයේ නූතන ජනාවාස ඇතිවීමට පෙර සිටි ජනතාව පොදුවේ හඳුන්වන්නේ රතු ඉන්දියන් යනුවෙනි. රතු ඉන්දියන් නායක සියැටල් වනාන්තරය ඇතුළු පරිසරය රැක ගැනීම වෙනුවෙන් කරන ලද ප්‍රකාශය ලෝක පරිසරය රැකගැනීම සම්බන්ධයෙන් ඉතා වැදගත් ප්‍රකාශයකි.

BRAZIL-INDIANS/ BRAZIL-INDIANS/ BRAZIL-INDIANS/ BRAZIL-INDIANS/ BRAZIL-INDIANS/ BRAZIL-INDIANS/ BRAZIL-INDIANS/ BRAZIL-INDIANS/ BRAZIL-INDIANS/ BRAZIL-INDIANS/ BRAZIL-INDIANS/ BRAZIL-INDIANS/ BRAZIL-INDIANS/



අදහස් (0)

සියැටල්ගේ මුණුපුරෝ මහ වනය රැකගනිති

කිංස්ලි පෙරේරා බහරේන් Friday, 05 September 2014 07:14 PM

ඔන්න කොල්ලනේ කරනවා නම් වැඩ (නි)

:       0       0

මොහමෙඩ් රිෆ්ඩි Friday, 05 September 2014 07:31 AM

ලංකාව කොචර සුන්දරද? ඇල දොළ ගංගා සහ දිය ඇලි රැක ගත යුතුයි. අපි හැමෝම අත්වැල් බැඳගෙන එකතුවුනොත් අපේ රටේ අනාගත පරපුර වෙනුවෙන් අපේ වනාන්තරය බේරගන්න පුළුවන්. (ස)

:       0       0

ඩයස් Friday, 05 September 2014 07:33 AM

අනුන්ට කියා කියා ඉන්නේ මොකටද. අදහස් දදා ඉන්නේ මොකටද. පිරිමි වගේ ගිහිල්ල මේ දේම කරන්නේ නැතුව. (ස)

:       0       0

උපාලි Friday, 05 September 2014 07:38 AM

සත්පුරුෂ පරිසරයට ආදරය කරන මිනිස් වීරයින් පිරිසකගෙන් ගුටි කන අමනුෂ්‍යයින් පිරිසක්. (ස)

:       0       0

උපාලි රණතුංග Friday, 05 September 2014 07:53 AM

ගාමිණී සිරිවර්දන මහතාගේ කියමන ඉතා අගෙයි. ඔබට තෙරුවන් සරණයි. (නි)

:       0       0

කසුන් Friday, 05 September 2014 08:27 AM

හරියට චිත්‍රපටියක් වගෙයි (නි)

:       0       0

රසික Friday, 05 September 2014 08:38 AM

මේ වගේම හමුදාවක් ලංකාවෙත් බිහිවේවා! (නි)

:       0       0

බන්දුල Friday, 05 September 2014 08:54 AM

අපේ රටේ වන පාලුවන්ට දඩුවම් දෙන්න කෙනෙක් නැති හැටි? (නි)

:       0       0

Hmsg Up Friday, 05 September 2014 03:28 PM

ලංකාවටත් පාඩමක් (අ)

:       0       0

යසිත Friday, 05 September 2014 04:06 PM

බ්‍රසීලයේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ.අපේ මන්ත්‍රීලා ගස් කපන්නේ නෑ (අ)

:       0       0

රිෆ්ඩි Friday, 05 September 2014 07:18 AM

අපේ උරුමය රැකගන්න ඕන දේශපාලකයන්ගෙන් ගස් බේරගන්න ඕනේ. (ස)

:       0       0

චින්තා Friday, 05 September 2014 09:05 PM

අපේ ලංකාවෙත් මේ වගේ කට්ටියක් හිටියා නම්.... (නි)

:       0       0

ස්පෙන්සර් සෙනවිරත්න Saturday, 06 September 2014 01:23 AM

ඇයි අපිට බැරි (නදී)

:       0       0

සමරනායක Saturday, 06 September 2014 02:32 AM

ලංකාවෙ ගස් කපන්නෙ දේශප්‍රේමියෝනේ! විරුද්ධවෙන්නෙ දේශද්‍රෝහියෝ. ආශ්චර්යයනෙ. (නි)

:       0       0

ගයාන් Saturday, 06 September 2014 02:45 AM

බ්‍රසීලයේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ (නි)

:       0       0

රන්ජිත් Saturday, 06 September 2014 05:14 AM

කතා කරන අපිම තමා පෙරමුණ ගන්න ඕනේ. අගහරු ලෝකෙන් එන්නේ නැත මේවා නවත්වන්න (නදී)

:       0       0

පසන් Saturday, 06 September 2014 06:02 AM

ලංකාවේ හොරුන්ට ඔහොම කලා නම් කරපු එවුන්ට තමා බලු කූඩුවේ ඉන්න වෙන්නේ (නදී)

:       0       0

බංඩාර Saturday, 06 September 2014 08:08 AM

අපේ සමහර දේශපාලුවන් සහ හෙන්චයියනුත් මෙහෙම මෙහෙම තමයි. (නදී)

:       0       0

ප්‍රේමසිරි Saturday, 06 September 2014 02:42 PM

අපේ අය යවමු එහෙ (අ)

:       0       0

රවින්ද්‍ර කුමාර Sunday, 07 September 2014 04:34 AM

අවංකවම අගය කරනවා (නි)

:       0       0

ජයන්ත Thursday, 04 September 2014 11:00 PM

අපේ රටේ මෙහෙම වෙන්නේ කවදාද? (නි)

:       0       0

ගාමිණී සිරිවර්දන Thursday, 04 September 2014 05:04 PM

උතුරු හා දකුණු ඇමෙරිකාවේ ආදීවාසීන් රතු ඉන්දියානුවන් බවයි මම අසා තිබෙන්නේ. ඔවුන්ට රටේ සම්පත්,පරිසරය ගැන ඇති කැක්කුම නිසාම දී ඇති දඬුවම නම් සාධාරණයි. කට ඇත්නම් ඇමේසන් නදිය කියයි මොන තරම් දැව තොගයක් පාකර ඇද්ද කියලා. මට දුක අපේ මුණුපුරන් ගැන...ඔවුන් දැව ජාවාරම්කරුවන්ගේ අතකොලුවෙලා ඉවරයි දැනටමත් (නි)

:       0       0

කුමාර් Thursday, 04 September 2014 05:53 PM

ලංකාවෙත් දේශපාලුවන් සමඟ එකතුවෙලා වනය විනාශ කරන තිරිසනුන්ට මේ වගේ තමා කරන්න ඕනෑ. (නි)

:       0       0

රජින්ද Thursday, 04 September 2014 06:34 PM

මෙන්න නියම මිනිස්සු! දුවන්න දෙනවා... මෙන්න මේ වගේ රජ පැටවූ ටිකක් බිහි නොවුණොත් දේශපාලනයේ සහ ජාවාරම්කාරයින්ගෙන් ලංකාවේ වනාන්තර ටික රැකගෙන හමාරයි (නි)

:       0       0

දුම්මලසූරිය Thursday, 04 September 2014 06:54 PM

ගොඩක් හොඳ දෙයක් මේ ගෝත්‍රික තරුණයන් කරලා තියෙන්නේ. අවාසනාවකට අපේ රටේ ඔය වගේ නිර්භීත ගෝත්‍රික කණ්ඩායමක් නැති වුණානේ? එහෙම හිටියා නම් අපේ රටේ කැලෑ ටික වගේම වනසතුන් ටිකත් රැකෙනවා...... (නි)

:       0       0

ගීතා Thursday, 04 September 2014 08:03 PM

අපේ ශ්‍රී ලංකාවෙත් මෙහෙම රටේ පරිසරය ගැන කැක්කුමක් තියෙන පිරිසක් ඉන්නවා නම් අපේ රටෙත් වනාන්තර ආරක්ෂා වේවි. (නි)

:       0       0

චමින්ද Thursday, 04 September 2014 08:48 PM

අනේ! ලංකාවෙත් අපිට ඔය වගේ දෙයක් කරන්න පුළුවන්කමක් තියෙනවා නම්... එහෙනම් ඉතින්, අන්තිම කැමති පත්තරෙත් ලියලම, වැඩේට බහින්න ඕනෑ. (නි)

:       0       0

රත්නසිරි Thursday, 04 September 2014 09:20 PM

ලංකාවෙත් තියෙන කැලෑ ටික රැකගන්න මෙහෙම මෙහෙයුම් කීපයක් කළා නම් හරි. (නි)

:       0       0

රුවන් Thursday, 04 September 2014 09:55 PM

අන්න මිනිස්සු! ඒකටත් එක්ක අපේ අය නම් උන්ට ගහලා පන්නලා ලී ටික විකුණලා දායි (නි)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Thursday, 04 September 2014 10:04 PM

ලංකාවේ කැලේ පාලුවන්ටත් මේක කරන්න ඕනෑ. නමුත් කොන්දක් තියන අය දැන් ලංකාවේ අඩුයි. (නි)

:       0       0

පෙරේරා Thursday, 04 September 2014 04:54 PM

මේ වගේම හමුදාවක් ලංකාවේන් බිහිවේවා! (නි)

:       0       0

ඉන්දු මෙල්බෙර්න් Friday, 05 September 2014 02:05 AM

අපේ සියැටල්, ඔබ කොහේද...? අපේ වනාන්තර වලටත් මේ දේම වෙනවා. (නදී)

:       0       0

සැමුවෙල් Friday, 05 September 2014 02:47 AM

අපේ වනාන්තර වන සත්තු විනාස කරන අයට විරුද්දව මේ විදියට නැගී සිටින්න හැකිනම් මේ සිදුවන විනාශය නැතිකරගන්න පුළුවන්. අපේ සිටින්නේ වනය රකින්න සිටින උන්ගෙන්ම උදව් ලබාගෙන ඒව විකුණන් කන හෙන්චයියලා පිරිසක් නිසා මෙලෙස කරන්නට අපට හැකිවේවිද කියල සැකයි. මේ විනාශයන් කරන ප්‍රාදේශීය දේශපාලකයින් හඳුනාගෙන ඔවුන් ඊළඟ ඡන්දෙදි ඉවත් කිරීමට කටයුතු කල යුතුය. (නදී)

:       0       0

ග්‍රාම්‍යා Friday, 05 September 2014 02:50 AM

ලංකාවේ මේකේ අනිත් පැත්තයි වෙන්නේ. ඒ කියන්නේ වනන්තරේ අය ගස් කපනවා. අල්ලන්න යන අය ගස් බදිනවා (නදී)

:       0       0

කුමාර Friday, 05 September 2014 03:55 AM

අපේ රටේ වුණා නම් කොල්ලන්ව අත්අඩංගුවට ගනීවි. (නි)

:       0       0

උඩුමලගල ගමගේ Friday, 05 September 2014 04:34 AM

කැලේ පාලුවන් පිටුපස දේශපාලුවන් අනිවාර්යයෙන්ම ඉන්නවා (නි)

:       0       0

මදූෂා Friday, 05 September 2014 04:50 AM

නියම වැඩේ හොඳයි

:       0       0

කුමුදු Friday, 05 September 2014 04:49 AM

කොල්ලනේ මේන්න වැඩ (අ)

:       0       0

චමින්ද Friday, 05 September 2014 05:54 AM

ලංකාවෙි බොරු දේශාභිමානයක් ආදේශ කර ගත්තු කාබාසිනියා නායකයින්ට සියැටල් ආදර්ශයක්. (අ)

:       0       0

ජිලාන් Friday, 05 September 2014 06:11 AM

ඇයි අපෙත් බලකායන් ඉන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site