මාස 19 ක් තිස්සේ දිග්ගැස්සෙමින් පවතින සිරියා අර්බුදය අවසන් කිරීමට නම් පළමුවෙන්ම සිරියා රජයත්, කැරැලිකාර පාර්ශ්වයත් අතර සටන් විරාමයක් ආරම්භ විය යුතු බවත් ඉන්පසු එම අර්බුදයට දේශපාලන විසඳුමක් සෙවිය යුතු බවත් සිරියා අර්බුදය විසඳීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පත් කළ විශේෂ සාම නියෝජිත ලක්දාර් බ‍්‍රහීම් පවසයි. බ‍්‍රහීම් මේ බව පැවසුවේ පෙරේදා (20) සිරියාවේ ඩමැස්කස් නුවරට පැමිණ සිරියානු විදේශ ඇමැති වලීඞ් මුල්ලේම් හමුවී සාකච්ඡා කළ අවස්ථාවේදීය. ලබන සතියේ යෙදෙන මුස්ලිම් නිවාඩු සති අන්තයේදී එම සටන් විරාමය ආරම්භ කිරීමට කටයුතු කරන්නැයි ද බ‍්‍රහීම් සිරියා රජයෙන් සහ කැරැලිකාර පාර්ශ්වයෙන් ඉල්ලා සිටියේය. මේ අතර සිරියාවේ නගර රැසක ඊයේ (21) දිනයේ ද දරුණු ගැටුම් පැවැතිණි. ඒ අතරින් කැරැලිකරුවන්ගේ ග‍්‍රහණයේ පවතින මාරෙත් අල් නුමාම් නගරය යළි අත් කරගැනීමට රජයේ හමුදා උත්සහ කළ අවස්ථාවේදී සිරියා රජයේ හමුදා සෙබළුන් 43 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මානව හිමිකම් සුරැකීමේ සංවිධාන පෙන්වා දෙන්නේ සිරියානු අර්බුදය ආරම්භයේ සිට මේ දක්වා රජයට එරෙහිව කටයුතු කළේ යැයි චෝදනා ලැබ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබූ බොහෝ දෙනකු හිටිහැටියේ අතුරුදන්ව ඇති බවය. අතුරුදන් එම පිරිස 28,000 කට වැඩි බවත් ඔවුන් ඝාතනය කර ඇති බවට සැකයක් පවතින බවත් එම මානව හිමිකම් සුරැකීමේ සංවිධාන වැඩි දුරටත් කියා සිටී. මේ වනවිට ඒ ගැන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සුරැකීමේ සංවිධානයේ ද අවධානය යොමු වී ඇතැයි ද වාර්තා වේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සිරියා අර්බුදයට දේශපාලන විසඳුමක් ලබාදිය යුතුයි