සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ පාලනය අවසන් කිරීමේ අරමුණින් සටන් කරන සිරියානු කැරැලිකරුවන්ට ආයුධ දීමට තමන් සූදානම් යැයි ප‍්‍රංශය සහ බි‍්‍රතාන්‍යය ඊයේ (14) නිවේදනය කළේය.
මීළඟ යුරෝපා සංගම් මැතිවරණයේදී සිරියානු කැරැලිකරුවන්ට ආයුධ ලබා දීමට පනවා ඇති තහනම, තම නිෂේධ බලය භාවිත කොට ඉවත් කරන බව බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් මීට පෙර පවසා තිබුණි.
කෙසේ නමුත් බි‍්‍රතාන්‍ය රජය සහ ප‍්‍රංශ රජය ඊයේ කියා සිටියේ යුරෝපා සංගම් මැතිවරණයේදී කුමන තීරණයක් ගත්තත්, තමන් සිරියානු කැරැලිකරුවන්ට අවි ලබා දීමට කටයුතු කරන බවය.
සිරියානු අර්බුදයට දේශපාලනික පිළියමක් සෙවීමේ අරමුණින් සිරියා රජයේ මිතුරකු වන රුසියාවේ විදේශ ඇමැති සර්ගේ ලෙව්රෝව් බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් නුවරට පැමිණ සිටින අතර බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශය ගත් එම තීරණයට ඔහුගෙන් දැඩි විරෝධය එල්ල විය.
යුරෝපා සංගමයට තුළ සිරියාවට එරෙහිව අවි තහනමක් කි‍්‍රයාත්මක වන්නේ ඉකුත් මාර්තු පළමු වැනිදා සිටය.
එම තහනම යටතේ යුරෝපා සංගමයට අයත් රටවලට සිරියානු රජයට හෝ කැරැලිකරුවන්ට හෝ අවි ආයුධ දීම කළ නොහැක.
බි‍්‍රතාන්‍ය අගමැතිවරයා පවසා තිබුණේ සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ පාලනය පෙරළා දැමීමට උත්සහ ගන්නා සිරියානු කැරැුලිකාර පාර්ශ්වයට පමණක් ආයුධ ලබා දීමට තමන් පියවර ගන්නා බවය.
රුසියාව පමණක් නොව සිරියා රජය පවා චෝදනා කරන්නේ දැනටමත් අනවසර ලෙස ඇමෙරිකාවත්, බි‍්‍රතාන්‍යයත් සිරියානු කැරැලිකරුයවන්ට අවි ආයුධ දෙන බවටය.
අරාබි වසන්තය හරහා සිරියානු අර්බුදය ආරම්භ වූයේ 2011 වසරේ මාර්තු මාසයේදීය. සිරියානු විපක්ෂ කණ්ඩායම්, මානව කි‍්‍රයාකාරීන් ආයුධ අතට ගෙන සිරියා රජයට එරෙහිව සටන් ආරම්භ කිරීමත් සමඟ සිරියා රජය එම කැරැලිකරුවන්ට ප‍්‍රතිප‍්‍රහාර එල්ල කරන්න විය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ මේ වනවිට 76,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය එසේ පවසා ඇත්තේ සිරියානු මානව හිමිකම් සංවිධාන සහ එරට කැරැලිකරුවන් විසින් පිහිටුවනු ලැබූ ‘සිරියානු ජාතික පාලක මණ්ඩලය’ ලබා දුන් තොරතුරු පාදක කර ගනිමිනි. සිරියානු රජය පවසන්නේ ගැටුම්වලින් එතරම් පිරිසක් මියගොස් නැති බවය.
මාස 21 කට වැඩි කාලයක් තිස්සේ සිරියාවේ පවතින ගැටුම්වලට පැහැදිලි විසඳුමක් ලබා දීමට සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජය අපොහොසත් නම්, ඔවුන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවට ඉදිරිපත් කළ යුතු යැයි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පවසයි.
සිරියා ජනපතිගේ රජය මිනිස් ඝාතන සිදු කරමින්, මානව වර්ගයාට එරෙහිව අපරාධ සිදු කරන බවටත්, බලයෙන් ඉවත් වීම ප‍්‍රතික්ෂේප කරන එරට ජනාධිපති අසාද් ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය සහ ආරක්ෂක නිලධාරීන් ඊට වගකිව යුතු යැයි මානව හිමිකම් සංවිධාන චෝදනා කරයි.
![]() |
රුසියානු විදේශ ඇමැති සර්ගේ ලෙව්රෝව් (දකුණේ) සහ බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග් මාධ්‍ය හමුවට සහභාගී වෙමින් ... |
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සිරියා කැරැලිකරුවන්ට ආයුධ දෙන්න බි‍්‍රතාන්‍යයත් ප‍්‍රංශයත් සූදානම්
සම්පත් Friday, 15 March 2013 11:19 AM
පවතින කුමන හෝ රජයකට විරුද්ධව කැරලිකරුවන්ට ආයුධ දීම යනු මානව නීති උල්ලංඝනය කිරීමක් නොවන්නේද? (නි)
සුසන්ත - ඉතාලිය Friday, 15 March 2013 01:28 PM
සම්පත් කොලුවෝ, ඔහොම වෙච්ච දේවල් වලට අපි ඔහොම කියනවට වඩා කට ගලේ උලාගත්තා නම් ගලත් නැහැ, කටත් නැහැ. වෙන්නෙ ඒ තරම් අකටයුතුකම්. (නි)