සිරියා කැරැලිකරුවන්ට ආයුධ ලබා දීමට පනවා තිබූ තහනම ඉවත් කිරීමට යුරෝපා සංගමය ඊයේ (28) තීරණය කළේය.
සාමාජික රටවල් 27 කින් සමන්විත යුරෝපා සංගමය, සිරියා කැරැුලිකරුවන්ට පමණක් නොව, සිරියා රජයට එරෙහිව ද ආයුධ තහනමක් පනවා තිබුණේ මීට මාස කිහිපයක සිටය.
එම තහනම අනුව, සිරියා රජයට හෝ කැරැලිකරුවන්ට හෝ ආයුධ සැපැයීමට, යුරෝපා සංගමයට අයත් සාමාජික රටකට හැකියාව නොලැබුණි.
පැය 12 ක සාකච්ඡාවකින් පසු, යුරෝපා සංගමයේ සාමාජිකයන් තීරණය කළේ කැරැලිකරුවන්ට පමණක් ආයුධ ලබා දීමට එරෙහිව පැනැවූ තහනම ඉවත් කිරීමටය. සිරියානු රජයට ආයුධ ලබා දීමට එරෙහි තහනම දිගටම කි‍්‍රයාත්මක වෙයි.
ඒ අනුව සිරියානු කැරැලිකරුවන්ට සහ විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට සහාය දෙන බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශයට සෘජුවම, කැරැලිකරුවන්ට අවි ආයුධ දී ශක්තිමත් කළ හැකි වේ.
සිරියානු රජය චෝදනා කරන්නේ එම ආයුධ තහනම පැවැත්වෙද්දී පවා බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශය කැරැලිකරුවන්ට අවි ආයුධ ලබා දීමට කටයුතු කළ බවය.
සිරියානු කැරැලිකරුවන්ට ආයුධ ලබා දිය යුතු යැයි පවසමින් යුරෝපා සංගමයේ සාමාජික රටවල් කැමැති කර ගත්තේ බි‍්‍රතාන්‍යය රජයයි. එහි මැදහත්කරු ලෙස කටයුතු කළේ බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග්ය.
යුරෝපා සංගමය මෙම තීරණය ගත්තේ, සිරියානු රජයේ හමුදා ප‍්‍රහාර හමුවේ කැරැලිකරුවන් දැඩි ලෙස පසුබෑමකට ලක් වී සිටින අවස්ථාවකදීය.
කැරැලිකරුවන්ට එරෙහි සටනේදී, සිරියානු රජයේ හමුදාවලට සහාය පළ කිරීමට ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමී සංවිධානය ද එක් වී සිටින බව පැවැසෙයි.
හිස්බුල්ලා සංවිධානය පවසා ඇත්තේ සිරියානු යුද්ධය තමන්ගේ යුද්ධයක් සේ සළකා සටනට එක්වුණු බවය. හිස්බුල්ලා සංවිධානය සිරියානු රජයට සහාය දැක්වීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දැඩි දෝෂ දර්ශනයට හේතුවක් වී ඇත.
සිරියානු අර්බුදයට හිස්බුල්ලා සංවිධානය සම්බන්ධ වීම හරහා සිදුවන්නේ සිරියානු අර්බුදය තවත් අවුල් ජාලයක් වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් වැඩි දුරටත් කියා ඇත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සිරියා කැරැලිකරුවන්ට පැනැවූ ආයුධ තහනම ඉවතට
කුමාර Wednesday, 29 May 2013 10:33 AM
දැන් එක්සත් ජාතීන්ට එතකොට කැරලිකරුවන්ට යුධ දෙන එක අවුලක් නැද්ද
ගයාන් Wednesday, 29 May 2013 10:37 AM
එයාල යුද්ධේ වවන් කනවා. (ස)
සමන්ත Wednesday, 29 May 2013 10:38 AM
කට හරි තමන්ග ආයුධ විකුනගන්නනේ ඕන. (ස)
නිමල් Wednesday, 29 May 2013 10:39 AM
මේක කෙලින්ම ත්‍රස්තවාදයට සහය දීමක් නේ. (ස)
සිතා Wednesday, 29 May 2013 10:36 AM
පුදුමාකාර වැඩක් කොටින්ටත් හොරට ආයුද දුන්නද කියන්න බෑ. (ස)
සශිනි Wednesday, 29 May 2013 10:44 AM
රජයකට සහය දැක්වීම වැරදි වෙලා කැරලිකරුවන්ට සහය වීම අවුලක් නැති උනේ කෝමද? (ස)
නිමාලි Wednesday, 29 May 2013 10:41 AM
නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ. (ස)
ෆර්සාන් Wednesday, 29 May 2013 02:09 PM
සර්පයින්ට කිරි දීල හදනවා..(ස)