X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


සිරියා හමුදා ජනරාල්වරයෙක් ස්නයිපර් ප‍්‍රහාරයකින් මරුට

සිරියානු හමුදා බුද්ධි අංශයට සම්බන්ධ, හමුදා ජනරාල්වරයකු ඝාතනය කිරීමට තම ස්නයිපර් තුවක්කුකරුවන්ට හැකිවුණු බව එරට කැරැුලිකරුවෝ කියා සිටිති.
 

ජනරාල් ජම්මා

කැරැලිකරුවන්ගේ ස්නයිපර් තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප‍්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූයේ, ජනරාල් ජම්මා ජම්මාය. ඔහු ඝාතනය වූයේ දීර් අල් සූර් නගරයේදීය.

ජනරාල් ජම්මා, සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ සමීපතම හමුදා නිලධාරියෙකු ද වන බව, සිරියානු රජය කියා සිටී. කැරැලිකරුවන් පවසා ඇත්තේ ජනරාල් ජම්මා ඝාතනය කිරීමට හැකි වීම, තමන් ලැබූ ජයග‍්‍රහණයක් කියාය.

මේ අතර සිරියානු අර්බුදය විසඳීම සම්බන්ධයෙන් නව සාම යෝජනාවලියක් ද සමඟ ජිනීවාහි පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර සාම සමුළුවට සහභාගී වීමට තමන් සූදානමින් සිටින නමුත්, තම රජය පෙරැළීමට උත්සහ කරන ‘ත‍්‍රස්තවාදීන්’ සමඟ සාකච්ඡුා කිරීමට තමන්ට කිසිදු අවශ්‍යතාවක් නැතැයි සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් යළිත් වරක් අවධාරණය කර ඇත.

සිරියානු ජනපති අසාද් දිගින් දිගටම කියා සිටින්නේ, තම රටේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරන්නේ අල් කයිඩාවට සම්බන්ධ සුන්නි මුස්ලිම් ත‍්‍රස්තවාදීන් කියාය.
වසර දෙකකට වැඩි කාලයක් දිග්ගැස්සෙමින් පවතින සිරියානු අර්බුදය මේ වනවිට සුන්නි සහ ෂියා මුස්ලිම් ගැටුමත් බවට පත් වී ඇත. සිරියාවේ ගැටුම්වලින් 1,30,000 ක් මියගොස් ඇති බවත්, මිලියන 7.8 ක් උන්හිටිතැන් අහිමි වී ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කර ඇත.

ස්විට්සර්ලන්තයේ, ජිනීවා නුවර පැවැත්වීමට නියමිත අන්තර්ජාතික සාම සමුළුව පැවැත්වෙන්නේ අන්තර්ජාතික ප‍්‍රජාවගේ ද එකමුතුවෙනි. සමුළුවේදී සිරියානු අර්බුදය සාකච්ඡා කෙරෙන්නේ නම්, සිරියානු රජය සහ කැරැලිකාර පාර්ශ්වයේ ‘සැබෑ දේශපාලන නියෝජිතයන්’ මෙන්ම සිරියානු රජයට සහාය දක්වන ඉරානය ද ඊට සම්බන්ධ කරගත යුතු යැයි රුසියාව පවසා ඇත. සිරියානු අර්බුදයේදී රුසියාව සහාය දෙන්නේ සිරියානු රජයටය.

සිරියාවේ ‘ත‍්‍රස්තවාදී’ කටයුතු සම්බන්ධයෙන් අසල්වැසි තුර්කිය ද වගකිව යුතු යැයි, සිරියානු ජනපති අසාද් චෝදනා කර ඇත. නේටෝ සාමාජික රටක් ද වන තුර්කියේ සහාය පළ වන්නේ සිරියානු කැරැලිකාර පාර්ශ්වයටය. කෙසේ නමුත් සිරියානු අර්බුදයට ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන විසඳුමක් සෙවීමට එක් වී කටයුතු කරන බව ඉරානය සහ තුර්කිය අවධාරණය කර ඇත.

මේ වනවිට සිරියානු රජයත් රුසියාවත් එක් වී ඇමෙරිකාව සමඟ සාකච්ඡුා කර, සිරියානු රජයේ රසායනික අවි තොග අන්තර් ජාතික පාලනයකට නතු කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව, එක්සත් ජාතීන්ගේ අවි නිරීක්ෂකයන් සිරියාවට පැමිණ සිරියානු රජයේ රසායනික අවි ඇති ස්ථාන වෙත ගොස් ඒවා පරීක්ෂාවට ලක් කිරීම සහ විනාශ කිරීම ආරම්භ වී ඇත.
 



අදහස් (0)

සිරියා හමුදා ජනරාල්වරයෙක් ස්නයිපර් ප‍්‍රහාරයකින් මරුට

මදූ Saturday, 19 October 2013 01:08 PM

හොද පුවතක්.(නදී)

:       0       0

ජෝන් Saturday, 19 October 2013 02:57 PM

සිරියා ජනපතිට ජය වේවා .. (නදී)

:       0       0

නිමල් Saturday, 19 October 2013 04:06 PM

කෝ පිල්ලේ ?මේ මැරෙන්නේ මදුරුවොද ?(නදී)

:       0       0

උකුස් Saturday, 19 October 2013 04:30 PM

පිල්ලේ පිල්ලියක් උනේ අපිට . (නදී)

:       0       0

දිසා Saturday, 19 October 2013 05:26 PM

සහෝදර මුස්ලිම් වරුනි ඔබලාගේ ඉස්ලාම් දර්මය කරුණාවෙන් ,දයාවෙන් පිරි අදහස් වලින් පුරවන්න . එසේ නොවුන හොත් ඔබේම සහෝදර මුස්ලිම් ජනතාවක් තවත් ඔබේම පිරිසක් සමග ගැටීම වැලක් විය නොහැක . එය ලංකා වාසි මුස්ලිම් වරු වන ඔබ අරම්භ කරන්න.(නදී) .

:       0       0

අප්පුහාමි Saturday, 19 October 2013 07:43 PM

හොද වැඩේ තොට.(අ)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Sunday, 20 October 2013 01:54 AM

උකුස්, ඔයා හරි. පිල්ලේ නෝනාට මේවා පෙනෙන්නෙ නැහැ.එයා ඇස් ඇරගෙන ඉන්නේ අපේ රටේ නැති ප්‍රශ්න හොයන්න විතරයි. (නි)

:       0       0

සියා Sunday, 20 October 2013 09:23 AM

අනේ මන්දා ලෝක අවසානය ලං වෙලා වගේ (නදී)

:       0       0

වීර Sunday, 20 October 2013 07:10 PM

මේවා වෙන්නැති එතකොට සාමය.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site