බලයෙන් ඉවත් වීම ප‍්‍රතික්ෂේප කරන සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ රජයේ හමුදා රසායනික අවි භාවිත කරමින් කැරැලිකරුවන්ට පහර දෙන්නේදැයි තමන් විමසිල්ලෙන් සිටින බවත් සිරියා රජයේ රසායනික අවි ගබඩා ඇති ස්ථාන ගැන සොයා බලන බවත් බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග් පවසයි.
"සිරියා රජය සතුව ඇති විස රසායනික අවි ගබඩා ගැන අප හුඟක් කනස්සල්ලෙන් ඉන්නවා. සිරියා රජය ඒවා යොදා ගනිමින් කරැලිකරුවන්ට පහරදීමේ ප‍්‍රවණතාවක් තිබෙනවා.” යැයි බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් හේග් පැවැසුවේ මනාමා නුවර පැවැත්වෙන කලාපීය ආරක්ෂක සමුළුවේදීය.
බි‍්‍රතාන්‍ය රජයත් ඇමෙරිකාව සමඟ එක් වී සිරියා ජනපති අසාද්ගේ රජයට අවවාද කර ඇත්තේ රසායනික අවි භාවිතා කිරීමෙන් වළකින ලෙස යැයි ද ආරක්ෂක ලේකම් හේග් අවධාරණය කළේය.
සිරියානු රජය රසායනික අවි යොදා ගෙන ප‍්‍රහාරයක් එල්ල කළහොත් ඇමෙරිකාව ප‍්‍රමුඛ නේටෝව සිරියාවට එරෙහිව හමුදා ප‍්‍රහාරයක් එල්ල කිරීමට පසුබට නොවන බව ඇමෙරිකා ජනපති ඔබාමා පවසා ඇත.
මේ අතර දිනෙන් දින උත්සන්න වන සිරියා අර්බුදයට තිරසාර සාම වැඩපිළිවෙළක් සකස් කිරීමේ අරමුණ ඇතිව ඇමෙරිකා රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්, රුසියා විදේශ ඇමැති සර්ගේ ලෙව්රෝව් සහ සිරියාව වෙනුවෙන් පත් කළ එක්සත් ජාතීන්ගේ සාම නියෝජිත ලක්දාර් බ‍්‍රහීමි අතර හදිසි හමුවක් ඉකුත් සතියේ පැවැත්වුණු නමුත් එය අසාර්ථක විය.
සිරියා අර්බුදය සම්බන්ධයෙන් ලෝකය බල කඳවුරු දෙකකට බෙදී සිටී. ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල සහාය හිමි වන්නේ සිරියා කැරැුලිකරුවන් සහ ඔවුන් විසින් පිහිටුවා ගනු ලැබූ අන්තර්වාර පාලක මණ්ඩලයටය. රුසියාවත් චීනයත් සහාය දක්වන්නේ ජනපති අසාද්ගේ රජයටය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සිරියා හමුදාව ගැන බි‍්‍රතාන්‍යය විමසිල්ලෙන්