සිරියා ජනාධිපති බෂීර් අල් අසාද් බලයෙන් ඉවත් කිරීමට ඇමෙරිකාව, බි‍්‍රතාන්‍ය, ප‍්‍රංශය ප‍්‍රමුඛ බටහිර රටවල් සහ අරාබි ලීගය එක්වී, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හරහා ඉදිරිපත් කළ යෝජනාවලියට චීනයත් සහ රුසියාවත් විරුද්ධ විය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් 15 දෙනකු සිටින අතර සාමාජික රටවල් 13 ක් එම යෝජනාවලියට කැමැත්ත පළ කළේය. එහෙත් චීනය සහ රුසියාව ඊට විරෝධය පළ කළේ ඔවුන් සතුව ඇති නිෂේධ බලය පාවිච්චි කරමින්ය. යෝජනාවලිය සකස් කරනු ලැබුවේ අරාබි ලීගයයි. සිරියා ජනාධිපති බෂීර් අල් අසාද් සිය බලතල උප ජනපතිට පවරාදී ඉල්ලා අස්වීමෙන් පසු සිරියා අර්බුදයට විසඳුමක් ලැබෙනු ඇති බවත් එම යෝජනාවලියේ සඳහන් වේ. ඊට අමතරව සිරියාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමේ දේශපාලන සැලැස්මක් ද එම යෝජනාවලියට අන්තර්ගතය. සිරියා අර්බුදයට මාස 11 ක් ගතවී ඇත. එය ආරම්භ වූයේ ටියුනීසියාවෙන්, ඊජිප්තුවෙන් සහ ලිබියාවෙන් ඇරැඹි රාජ්‍ය විරෝධී ජනතා නැගී සිටීම් ඔස්සේය. සිරියා ජනාධිපති අසාද්ට වහා බලයෙන් ඉවත් වන්නැයි බලකරමින් දහස් ගණනින් සිරියා වැසියන් රට පුරා විරෝධතා පවත්වන අතර එම විරෝධතා මර්දනය කිරීමට ජනපති අසාද් හමුදාව සහ පොලිසිය යොදවයි. ප‍්‍රචණ්ඩ කි‍්‍රයා හේතුවෙන් සිවිල් වැසියන් 5,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. බලය අත්හැරීම ප‍්‍රතික්ෂේප කරන ජනාධිපති අසාද් පවසන්නේ තම හමුදා සටන් වදින්නේ රජය පෙරළීමට උත්සාහ ගන්නා සන්නද්ධ කල්ලි සමඟ බවය. එම සන්නද්ධ කල්ලිවලට ආයුධ ලබා දෙන්නේ ඇමෙරිකාව, බි‍්‍රතාන්‍ය ප‍්‍රංශය යැයිද ජනාධිපති අසාද් චෝදනා කරයි. ලිබියාවේ මේ අයුරින් ජනතා නැගී සිටීම් ආරම්භ වූ අවස්ථාවේදී විරෝධතාකරුවන් මර්දනයට ලිබියා නායක මුවම්මාර් ගඩාෆි හමුදාව යෙදූ අවස්ථාවේදී ලිබියා සිවිල් වැසියන් ආරක්ෂා කළයුතු යැයි පවසමින් ඇමෙරිකාව, බි‍්‍රතාන්‍ය ප‍්‍රංශය එක් වී ලිබියාවට එරෙහිව ද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හරහා යෝජනාවලියක් ගෙනාවේය. නේටෝ හමුදා ගඩාෆි හමුදා ඉලක්ක කරගනිමින් ගුවනින් පහර දී අවසානයේදී ගඩාෆි අමු අමුවේ ඝාතනය කිරීමට ලිබියා කැරැලි කරුවන්ට සහාය දුන්නේ ද එම යෝජනාවලිය අනුවය. එම යෝජනා වලිය සම්මත කර ගන්නා අවස්ථාවේදී චීනයත් රුසියාවත් ඊට කැමැත්ත පළ කරමින් ඡන්දය ප‍්‍රකාශ නොකළේය. නමුත් ඔවුන් ඊට විරුද්ධ වූයේ ද නැත. සිරියා අර්බුදය සම්බන්ධයෙන් චීනයත් රුසියාවත් ඊට එරෙහිව නිෂේධ බලය භාවිතා කරමින් විරුද්ධ වූයේ, බටහිර රටවල් ඒක පාර්ශිකව කටයුතු කරන නිසා යැයි ප‍්‍රකාශ කර තිබේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සිරියාවට එරෙහි යෝජනාවලියට චීනය - රුසියාව විරුද්ධ වෙයි
මංගල සෙණෙවිරත්න Tuesday, 07 February 2012 12:08 AM
සීතල යුද්ධය අවසන් වෙන්නෙ නැත