ආයුධ සන්නද්ධ පිරිසක් මධ්‍යම සිරියාවේ අල් කුබේර් නමැති ගම්මානයට කඩා වැදී පෙරේදා (06) එල්ල කළ වෙඩි තැබීම්වලින් කාන්තාවන් සහ ළමයින් ද ඇතුළු 80 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. සිරියා කැරැලිකාර පාර්ශ්වය නියෝජනය කරන දේශපාලන හඬ වන ‘සිරියා ජාතික පාලක මණ්ඩලය ප‍්‍රකාශ කළේ එය සිරියා ජනපති බෂීර් අල් අසාද්ට හිතවත් ආයුධ සන්නද්ධ සටන්කාමීන් පිරිසක් එල්ල කළ ප‍්‍රහාරයක් කියාය. සිරියා රජය පවසන්නේ එම ප‍්‍රහාරයේ වගකීම තම කරපිට පැටැවීමට කැරැුලිකාර පාර්ශ්වය උත්සාහ ගන්නා බවය. මේ අයුරින් මීට සති කිහිපයකට පෙර සිරියාවේ හූලා නමැති නගරයේ ද මහා සමූල ඝාතනයක් සිදුවිය. එහිදී කුඩා දරුවන් සහ කාන්තාවන් ද ඇතුළු සිවිල් වැසියෝ 108 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. සිරියාවේ ගැටුම් නතර කිරීමට හැකි එකම මාර්ගය වන්නේ තමන් ඉදිරිපත් කළ සාම යෝජනාවලිය බවත් එහි කොන්දේසි අනුව කටයුතු කළ යුතු බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය යළිත් වරක් සිරියා රජයට සහ කැරැුලිකාර පාර්ශ්වයට අවධාරණය කර තිබේ. මේ අතර සිරියාවේ පවතින අර්බුදයට විසඳුම් සෙවීමේ අරමුණින් ගෝලීය සමුළුවක් පැවැත්විය යුතු යැයි රුසියාව යෝජනා කරයි. එම සමුළුවට මැදපෙරදිග රටවල් සහ ඉරානය ද සහභාගී කරවා ගත යුතු යැයි ද රුසියාව පවසයි. රුසියාවේ මෙම යෝජනාව බටහිර රටවල දැඩි විරෝධයට හේතු වී ඇත. ඉරානය කිසිම ජාත්‍යන්තර සමුළුවකට සහභාගී කර නොගත යුතු යැයි ප‍්‍රංශ රජය පවසා තිබේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සිරියාවේ ගම්මානයකට ප‍්‍රහාරයක්:
සුභාෂිණි Saturday, 09 June 2012 10:33 AM
මෙන්න තවත් ඉරාකයක් හදනෝ.අපේ රට ගැනනම් ඔහොම එන්න එපා හරිද?