කැරලිකාර හමුදා මෙල්ල කිරීමට සිරියාවේ නගරයකට රුසියාව එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් අඩු ගණනේ 40 දෙනකුවත් මියයන්නට ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. ප්‍රහාරයෙන් 12 දෙනකු තුවාල ලබා ඇතැයිද වාර්තාවේ.
ජනප්‍රිය වෙළඳ ප්‍රදේශයක්වූ සිරියාවේ වයඹ දිග අරිහා නගරයට එම ප්‍රහාරය එල්ල වී ඇතැයි සිරියාවේ මානව හිමිකම් නිරීක්ෂකයෝ කියති.
ඔවුන් විශ්වාස කරන්නේ 60 දෙනකු පමණ එම ප්‍රහාරයෙන් මිය යන්නට ඇති බවයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සිරියාවේ බෝම්බ ප්‍රහාරයක් : 40ක් මරුට
කරුණාරත්න Sunday, 29 November 2015 06:08 PM
අනේ දෙවියනේ! (නි)
සරලා Monday, 30 November 2015 08:04 AM
මින් මතු කිසිදා මෙවන් අකල් මරණ සිදු නොවේවා.! (ර)
ඩයස් Monday, 30 November 2015 09:37 AM
රුසියාව සහ ප්රන්සය කොහොමද හිතුමතේට මෙහෙම තවත් රටකට ගහන්නේ? (ර)
දහම් Monday, 30 November 2015 10:07 AM
හැම තැනම හැම දේටම අත දාන ඇමෙරිකාව ලෝකයේ ජනතාවට නිදහසේ ඉන්න දෙන්නේ නැහැ. රුසියාව සහ චීනය එක්ක හැප්පෙන්න ගියොත් 3 වැනි ලෝක යුද්ධේ තමයි. (ර)
උදය Monday, 30 November 2015 11:06 AM
මේ යුද්ධය කවදා නවතීද?(හේ)
නාමල් Monday, 30 November 2015 12:07 PM
දහම්, ඇමරිකාව නිසා තමා ත්‍රස්තවාදය මේ තරමකට හෝ පාලනය වෙලා තියෙන්නේ... මැදපෙරදිග ඇමරිකානු කදවුරු නොතිබෙන්න අද ඩුබායි, කුවේට් වගේ රටවල් අල් කයිඩා එකෙන් යටත් කරන් ගොඩක් කල්. (ර)
රෝහණ Monday, 30 November 2015 12:21 PM
නාමල්ට හොඳ සාමන්න්ය දැනුමක් තිබෙන බව පෙනෙනවා. (ර)
නිමල් රාජපක්ෂ Monday, 30 November 2015 12:57 PM
හිතවත් ඩයස් මෙහෙම ගහන්නේ කොහමද කියන එක නොවේ ප්රශ්නය කොහමද මෙම සංවිදාන අහිංසක මිනිසුන් මරන්නේ කියන එක තමයි අපට තියන ගැටලුව? (ර)
රකිත Tuesday, 01 December 2015 12:41 AM
නාමල්, ඔයා හරි. දහම්ගේ අදහස් කියවා තිබෙනවා. ඇමෙරිකන් ඇලජික් එකක් තියෙනවා වගේ. ඇමෙරිකාව නැතිවෙන්න අපිටත් අබ සරණ තමයි. ඇමෙරිකානු සොල්දාදුවෝ සහ ඔවුන්ගේ හිරගෙවල් වල සිදුවන කුරිරුකම් අපි අනුමත කරන්නේ නැහැ. නමුත් ලෝකය තුළ සාමය ආරක්ෂා කරගන්න ඔවුන්ගෙන් සිදුවෙන මෙහෙවර අතිමහත්. නැත්තන් තැනින් තැන මතුවන අන්තවාදින් ලෝකය ගිලගෙන මීටවඩා ලොකු විනාශයක් දැනටමත් වෙලා. ඒ ගැන අපි ඇමෙරිකානු ජනතාවටත් රජයටත් ණයගැතියි (නි)
තේජක Tuesday, 01 December 2015 12:40 AM
දහම්, රුසියාවත් අමෙරිකාවත් අතර එකිනෙකා පරයා බලය නතුකර ගැනීමේ උවමනාවක් තිබුනත් මේ රටවල් දෙකම ලෝක සාමය වෙනුවෙන් ඉන්නේ එක පෙරමුණක. අද ලෝක ප්‍රජාවෙන් ඈත්ව කටයුතු කරන්නේ උතුරු කොරියාව වගේ රටවල් අතළොස්සක් පමණයි. (නි)
රොෂාන් Tuesday, 01 December 2015 04:17 AM
නාමල්, නොදන්නා ගොඩක් දේවල් තිබෙනවා. අල්කයිඩා , අයි එස් ත්රස්තවාදීන් හැදුවේ ඇමරිකාව මැදපෙරදිග අස්ථාවර කරලා තෙල් මංකොල්ලකන්න. අදත් කෝටි ගණන් යුද ආයුධ ත්රස්තයන්ට දෙන්නේ ඇමරිකාව (නි)
සිල්වා Tuesday, 01 December 2015 09:50 AM
රොෂාන් 80 ගණන්වල ඇමරිකාව ඇෆ්ගන් මුජහදීන් කියන ගෝත්‍රයට ආයුධ දුන්නා .. එ් එදා ඇෆ්ගනිස්තානය සෝවියට් ආක්‍රමනිකයින්ගෙන් මුදාගන්න. ඔවුන් පසුකලෙක අල්කයිඩා නමින් අන්තවාදී සංවිධානයක් හදාගත්තා. එ්ක හදන්න උදව් කලේ සවුදිය හා පාකිස්තානය. නමුත් පස්සේ ලෝකයා වෙනස්.. ඔබ කියන ඇමරිකාව ත්‍රස්තයින්ට ආයුධ දෙනවා කියන එක කව්රුත් ඔප්පු නොකළ ගොන් කතාවක් විතරයි. (ස)
මානෙල් Tuesday, 01 December 2015 01:10 PM
රොෂාන් සමඟ එකඟයි (නි)
සමන්තිකා Tuesday, 01 December 2015 02:20 PM
කණගාටුදායක පුවතක් (නි)
ලක්ෂිත පැරිසිය Tuesday, 01 December 2015 07:00 PM
රොෂාන්, ඔබ හරි (නි)
දිසානායක Wednesday, 02 December 2015 01:21 AM
මේ නැතිවෙන්නේ අහිංසක මිනිස් ජීවිත නොවේද? (නි)