බලයෙන් ඉවත් වීම ප‍්‍රතික්ෂේප කරන සිරියා ජනාධිපති බෂීර් අල් අසාද්ගේ නිජබිම ලෙස සැලකෙන ලටාකියා පළාත කැරැුලිකරුවන්ගෙන් මුදා ගැනීමට සිරියානු රජයේ හමුදාව පෙරේදා (20) සමත් විය.
ලටාකියා පළාත කැරැලිකරුවන්ගෙන් මුදා ගැනීමට රජයේ හමුදාවට හැකිවුණේ මාසයකට ආසන්න කාලයක් තිස්සේ එම පළාතේ පැවැති ගැටුම්වලින් පසුවය. සිරියානු හමුදාව, කැරැලිකරුවන්ට පහර දුන්නේ ප‍්‍රහාරක හෙලිකොප්ටර් සහ ජෙට් යානා යොදා ගනිමිනි.
ලටාකියා පළාත ‘ත‍්‍රස්තවාදීන්ට’ අත්වීමට ඉඩ නොදෙන බව ජනාධිපති අසාද් අවස්ථා ගණනාවකදී පවසා තිබුණි.
සිරියානු කැරැලිකරුවන්ට ලටාකියා පළාත අල්ලා ගැනීමට හැකි වුණේ ඉරාකයේ සිට සිරියාවට පැමිණ සිටින සුන්නි මුස්ලිම් අල් කයිඩා සටන්කාමීන්ගෙන් ලැබෙන සහාය නිසාය.
වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ දිනෙන් දින උත්සන්න වන සිරියානු අර්බුදය දැන් ෂියා සහ සුන්නි මුස්ලිම්වරුන් අතර ගැටුමක් බවට ද නිර්මාණය වී ඇත.
සිරියානු කැරැලිකාර පාර්ශ්වයට ඉරාකයේ අල් කයිඩා මෙන්ම පාකිස්තාන ඉස්ලාමීය සුන්නි මුස්ලිම් සටන්කාමීන්ගේ සහාය හිමිවෙයි. සිරියාවේ බෝම්බ පුපුරුවමින් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදුකරන්නේ මෙම සටන්කාමීන් යැයි සිරියානු රජය චෝදනා කරයි.
එක්සත් ජාතීන්ගේ වාර්තාවලට අනුව මේ වනවිට සිරියාවේ ගැටුම්වලින් ලක්ෂයක පිරිසක් ජීවිතක්ෂයට පත් වී සිටිති. මිලියන 7.8 කට වැඩි පිරිසක් සරණාගතයන් ලෙස සිරියාවේ අසල්වැසි රටවල සරණාගත කඳවුරුවල ජීවත් වෙති.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සිරියාවේ ලටාකියා පළාත කැරැලිකරුවන්ගෙන් මුදා ගැනේ