සිරියාවේ සිදුවුණු විස වායු ප‍්‍රහාරය ගැන පරීක්ෂණ පැවැත්වීමේ අරමුණින්, එක්සත් ජාතීන්ගේ පරීක්ෂකයෝ පිරිසක් ඊයේ (26) එරට ඩමැස්කස් අගනුවරට පැමිණියහ.
එම පරීක්ෂකයන් ඩමැස්කස් නුවරට පැමිණියේ විශේෂ ආරක්ෂාවක් යටතේය. ඔවුන්ට සිරියානු රජයේ ද පූර්ණ සහ සහාය හිමිවිය.
පරීක්ෂණ කණ්ඩායමට පැවැරී ඇත්තේ ඉකුත් 21 වැනිදා සිදුවුණු එම විස වායු ප‍්‍රහාරය එල්ල කළේ කවුරුන්දැයි සොයා බැලීමය.
සිරියානු රජය පෙරැළීමට සටන් කරන කැරැුලිකරුවන් සහ විපක්ෂ කි‍්‍රයාකාරීන්ට සහාය දක්වන ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශය කියා සිටින්නේ විස වායු යොදා ගනිමින් පහර දුන්නේ සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජයේ හමුදාව කියාය.
එම විස වායු ප‍්‍රහාරයෙන් සිවිල් වැසියෝ 1,700ක් ජීවිතක්ෂයට පත්වූහ. 4,000 ක් රෝගී වූහ. ඒ අතර සිටින බොහෝ දෙනා කුඩා දරුවෝය. ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් කියා සිටියේ එය මහා මානව සංහාරයක් කියාය.
එම අවස්ථාවේදී එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් කියා සිටියේ හදිසි නිගමනවලට එළැඹීමෙන් වැළැකී සිදුවුණේ කුමක්දැයි පුළුල් පරීක්ෂණයක් පැවැත්විය යුතුයි කියාය.
මහ ලේකම් බෑන් කී මූන්ගේ උපදෙස් පරිදි, එම පරීක්ෂණ කණ්ඩායම ඊයේ සවස එම නගරවල සංචාරය කිරීමට ද නියමිතව තිබුණි.
පරීක්ෂණ කණ්ඩායම සිරියාවට පැමිණ සිටියේ මීට මාස කිහිපයකට පෙරය. ඒ, මීට පෙර ද විස වායු ප‍්‍රහාරයක් එල්ල වූ බවත් ඊට සිරියානු රජය වගකිව යුතු බවත් විපක්ෂ කණ්ඩායම් කළ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමේ අරමුණින්ය.
![]() |
පරීක්ෂණ කණ්ඩායම ඩමැස්කස් අගනුවරට පැමිණෙමින් ... |
![]() |
පරික්ෂණ කණ්ඩායමට සම්බන්ධ එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිස |
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සිරියාවේ විස වායු ප‍්‍රහාරය:
පිටිගල Tuesday, 27 August 2013 10:15 PM
එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන්නේ ඇමෙරිකාවට. ඉරාකයට කලදේ දැන් ඔප්පු වෙලා තියෙන්නේ.නඩුත් ඇමෙරිකාවේ.බඩුත් ඇමෙරිකාවේ.ඇමෙරිකාව ඉරකයටයි ලිබියවටයි කලදේ ඔය කියන එක්සත් ජාතීන්ගේ සංවිධානය අනුමත කලාද? කන්න ඕනේ උනාම කබරයාත් තලගොයා වෙන ආකල්පයක් අමෙරිඅකවට තියෙන්නේ.ඔය මොකා ඇවිත් පරීක්සන කලත් ඇමෙරිකාවට ඕනේ නම් සිරියාවට ගහනවා. (දී)
විජේ Tuesday, 27 August 2013 10:27 PM
ඉරාකෙට ගැහුවා වගේ සිරියාවටත් ගහන්න දැන් හේතුවක් හැදිලා තියෙනවා. සිරියාවත් ඇවරයිද ? (දී)