බලයෙන් ඉවත් වීම ප‍්‍රතික්ෂේප කරන සිරියා ජනාධිපති බෂීර් අල් අසාද්ට එරෙහිව පැවැත්වෙන උද්ඝෝෂණවල කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන හොම්ස් නුවර පසුගිය තෙදින තිස්සේ පැවැති ගැටුම්වලින් 300 දෙනකු මියගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. සිරියා ආරක්ෂක අංශ පවසන්නේ ඔවුන් ගැටුම් ඇති කර ගන්නේ ආයුධ සන්නද්ධ කැරැලිකාර කණ්ඩායම් සමඟ මිස සිවිල් වැසියන් සමඟ නොවන බවය. සිරියා ජනාධිපති බෂීර් අල් අසාද් බලයෙන් ඉවත් කිරීමට ඇමෙරිකාව, බි‍්‍රතාන්‍ය ප‍්‍රංශය ප‍්‍රමුඛ බටහිර රටවල් සහ අරාබි ලීගය එක්වී, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හරහා ඉදිරිපත් කළ යෝජනාවලියට චීනයත් සහ රුසියාවත් විරුද්ධ වීමත් සමඟ රටේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා උත්සන්න වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. චීනය සහ රුසියාව එක්වී එම යෝජනාව පරාජය කිරීම ‘අමු අමුවේ මිනීමැරීමට සිරියා රජයට බලපත‍්‍රයක් ලබා දීමක්’ යැයි සිරියා විපක්ෂ කණ්ඩායම් චෝදනා කරයි. සිරියා අර්බුදයට මාස 11 ක් ගතවී ඇත. එය ආරම්භ වූයේ ටියුනීසියාවෙන්, ඊජිප්තුවෙන් සහ ලිබියාවෙන් ඇරැඹි රාජ්‍ය විරෝධී ජනතා නැගී සිටීම් ඔස්සේය. සිරියා ජනාධිපතිට වහා බලයෙන් ඉවත් වන්නැයි බලකරමින් දහස් ගණනින් රට පුරා විරෝධතා පවත්වන අතර එම පිරිස් මර්දනය කිරීමට ජනපති අසාද් හමුදාව සහ පොලිසිය යොදවයි. බලය අත්හැරීම ප‍්‍රතික්ෂේප කරන සිරියා ජනාධිපති අසාද් පවසන්නේ තම හමුදා සටන් වදින්නේ රජය පෙරළන්න උත්සහ ගන්නා සන්නද්ධ කල්ලි සමඟ බවය. එම සන්නද්ධ කල්ලිවලට ආයුධ ලබා දෙන්නේ ඇමෙරිකාව, බි‍්‍රතාන්‍ය ප‍්‍රංශය යැයිද අසාද් චෝදනා කරයි. සිරියාවේ ලේ වැගිරීම් නතර කර අසාද් බලයෙන් ඉවත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඉදිරිපත් කළ එම යෝජනාව, රුසියාවත් චීනයත් නිෂේධ බලය යොදා පරාජය කිරීම සිරියා විපක්ෂ කණ්ඩායම්වල මෙන්ම බටහිර රටවල කෝපයටත් දැඩි විරෝධයටත් හේතු වී තිබේ. එම යෝජනාවලිය සකස් කරනු ලැබුවේ අරාබි ලීගයයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සිරියාවේ හොම්ස් නුවර දරුණු ගැටුම්