මියන්මාරයේ ජනපති ලෙස අවුන් සාන් සූකී ගේ පක්ෂයෙන් ඉදිරිපත් වූ ඇගේ රියදුරු හිටින් කායෝ තේරී පත්ව ඇතැයි එරට පුවත් සේවා කියයි.
1962 න් පසු හමුදාවට සම්බන්ධ නොවූ සිවිල් වැසියකු ලෙස ජනපති පදවියට තේරී පත්වූ පළමු පුද්ගලයා ලෙස කායෝ හැඳින්විය හැකිය. හමුදා පාලනයෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට පිවිසෙන මියන්මාරයේ ජනපතිවරණය අද (15) පැවැත්විණි.
ඒ සඳහා මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන්සාන් සූකීට තරග කිරීමට නොහැකිවූයේ හමුදා පාලනය පසුගිය කාලයේ සිදුකළ ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙනි. ඒ සැමියා විදේශිකයකු වීම හේතුවෙන් ජනපතිවරණයට ඉදිරිපත් වීමට නොහැකි බවට කළ සංශෝධනයයි.
අවුන් සාන් සූකීගේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලීගය පසුගිය මහමැතිවරණයෙන්ද දැවැන්ත ජයක් ලැබීය.
කායෝ සුකීගේ සමීපතමයකු ලෙස දිගු කාලයක් කටයුතු කළ අතර ඔහුගේ පියා ජනප්‍රිය කතුවරයකු හා කවියකු වන මින් තූ වුන්ය.
ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සූකී කළ කාර්ය භාරය අගයමින් 1991 වසරේදී ඇය නොබෙල් සාම ත්‍යාගයෙන්ද පිදුම් ලැබුවාය.
මියන්මාර පාර්ලිමේන්තුවේ ඡන්දයෙන් එරට ජනපති පත් කරගන්නා අතර ආසන 650ක නියෝජිතයන්ගෙන් 360ක ගේ මනාපය සූකීගේ පක්ෂයට හිමිවිය. තරගකරුවන් තිදෙනෙක් ජනපතිවරණයට ඉදිරිපත්ව සිටියහ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සුකීගේ රියදුරා මියන්මාර ජනපති වෙයි
රජින්ද Tuesday, 15 March 2016 02:24 PM
නොබෙල් තෑග්ග ගන්න කරන්න තියෙන ලෙහෙසිම වැඩේ තමයි ඉතින් රට පාවල දීල අනුන්ගේ රූකඩයක් වෙන එක. සුකී, ඇමෙරිකාවේ රූකඩයක් වුනා වගේම සුකීගේ රියදුරු ජනාධිපතිත් සුකීගේ රූකඩයක් වෙයි. අන්තිමේදී මුළු රටම බලියක් වගේ පෙනෙයි. (බ)
සුනිල් Tuesday, 15 March 2016 11:46 PM
රජින්දගේ කතාව හරියටම හරි (නි)
නිල්මිණි-ජපානය Wednesday, 16 March 2016 12:46 AM
රජින්ද, නරියත් මිදි තිත්තයි කිව්වලුනේ. (නි)
වරුණ Wednesday, 16 March 2016 05:15 AM
ලංකාවෙනම් මේජර් පට්ටම් කැප්ටන් පට්ටම් තමයි (බ)
පිටබැද්දර ජයා Wednesday, 16 March 2016 09:43 AM
කවුරු මොනවා කිවත් නොපසුබසිනා උත්සාහයත් , බුද්ධියත්, රට වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රය ඉස්තාපිත කිරීමේ වගකීම නොපිරිහෙලා ඉටු කල අපේ කාලයේ දිරිය ගැහැණිය, ජයවේවා.! (ර)
උද්දික Wednesday, 16 March 2016 11:06 AM
ඇත්තටම මියන්මාරයේ හමුදා පාලනය කිසිම රාජ්‍යකට හිස නැමුවේ නැහැ. දැන් ඉතින් ඇමරිකන් හිතවාදී රුකඩ පාලනයක් එයිද ? (ර)
කන්නංගර Wednesday, 16 March 2016 11:24 AM
හිස නැමුවේ නෑ. චීනෙට ඕනේ විදිහට වැඩ කලා විතරයි. (ර)
ටිකිරි Thursday, 17 March 2016 01:36 AM
අපෙත් හිටියා නේද නොබෙල් තෑග්ග ගන්න තරමේ රට පාලනය කළ කට්ටියක්? අනේ මන්දා කොයි දේශපාලුවා දිහා බැලුවත් මොකක්හරි වැරැද්දක් (නි)
ඉන්දු Thursday, 17 March 2016 01:55 AM
අපෙත් ඉන්නවා එක්කෙනෙක් ඔය වගේ වැඩ කරලා නොබෙල් තෑග්ග ගන්න බලාගෙන.. (නි)
නාලක Thursday, 17 March 2016 08:54 AM
ලෝකෙට පරකාසේ... ගෙදරට මරගාතේ කියල කියමනක් තියෙනවා... ලෝකෙට එකක් පෙන්නුවට ඇතුලේ තියෙන්නේ වෙනම දෙයක්... මියන්මාරයේත් එහෙමයි... නමුත් ලෝකයෙන් වහන් කරගෙන තිබ්බ ජාතිය දැන් ලෝකෙටම විවෘත්ත වෙලා නිසා ජනතාව සූ චී ට ආදරෙයි ... සු චී බටහිරට ගැතියි... බටහිරත් සු චී ට ආදරෙයි... පස්සේ කවදා හරි ජනතාවට හරි වැරැද්ද තේරෙයි... සියල්ල සාපේක්ෂයි (හේ)
ඩිලාන් Thursday, 17 March 2016 03:57 PM
චීනය දියුණුවුණෙත් ඇමරිකාව සමග සමීප සබඳතා ඇතිකරගෙන ඇමරිකානු ව්‍යාපාරිකයන් චීනයට පැමිණ ඇමරිකානු කර්මාන්ත චීනයේ ඇතිකළාට පසුවයි. එදා මේඩ් ඉන් ඇමරිකා කියා ලංකාවට ගෙනා ඩෙල් පරිගණකය අද ලංකාවට එන්නේ මේඩ් ඉන් චෛනා කියා චීනයෙන්. එනිසා ඇමරිකාව සමඟ සම්බන්ධතා පවත්වන රටවල් ඇමරිකාවේ රූකඩ කියා හඳුන්වන එක වැරදියි. (නි)
බමුණු Friday, 18 March 2016 12:10 PM
සුකීගේ රියදුරා මියන්මාර ජනපති වීම ඕක මහා දෙයක් ද අපේ රට දිහා බැලුවම. (ර)
බමුණු Friday, 18 March 2016 12:12 PM
ඩිලාන් ඔබ දැනගත යුතු දේ බොහොමයි. (ර)
නාමල් - නිව් යෝර්ක් Friday, 18 March 2016 01:29 PM
රජින්ද මෝඩ කතා කියන්න එපා... මියන්මාරයේ තිබුණු කෘර හමුදා පාලනයට වඩා සුකී ගේ පාලනය 100 ගුණයක් යහපත් වෙයි.. ඇමරිකාව වැනි බටහිර ප්‍රජාතන්ත්රවාදී රටවල් සමග මිත්‍රවීම රටක් කල යුතුමයි.. ඔබට බටහිර විරෝදී ඒකාධිපති රටක ඉන්න කැමතිනම් උතුරු කොරියාවට හෝ කියුබාවට යන්න (අ)