X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 11 වන සිකුරාදා


සුදු කතගේ බුද්ධ පච්චය දුර දිග යයි

බුදු රදුන් අභයමුද්‍රාව දක්වමින් නෙළුම් මලක් මත වැඩසිටිනු දැක්වෙන පච්චයක් අතෙහි කොටාගෙන පැමිණි බ්‍රිතාන්‍යය කාන්තාවක රටෙන් පිටමං කිරීමට ශ්‍රී ලංකා බලධාරීන් කටයුතු කරමින් සිටීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් අරඹා ඇතැයි බ්‍රිතාන්‍යයේ පොදුරාජ්‍ය මණ්ඩලීය හා විදෙස් සබදතා පිළිඹද දෙපාර්තමෙන්තුව කියයි.

පසුගිය 21 වැනිදා කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලේදී නියෝමි මිෂෙල් කෝලමන් නම් වන මෙම කාන්තාව බුදු දහමට නිගරු වන පරිදි හා බොදු ජනතාවගේ සිත් රිදවන පරිදි කටයුතු කර ඇතැයි යන චෝදනාව යටතේ අත්අඩංගුවට ගැණිනි.

පසුව මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියට ඉදිරිපත් කෙරුණු ඇයව විදෙස් සංක්‍රමණිකයින් සදහා වන රැදවුම් කදවුරක රැදවීමටත් ඉක්මනින්ම ඇය බ්‍රිතාන්‍යය බලා පිටමං කිරීමටත් නියෝග කැරිණ.



අදහස් (0)

සුදු කතගේ බුද්ධ පච්චය දුර දිග යයි

රංග Tuesday, 29 April 2014 08:15 AM

ඉදිරියේදී බුදු බණ වෙනුවට අපට අහන්න වෙන්නේ දේශපාලන බණ. (ස)

:       0       0

විජේබා Sunday, 27 April 2014 05:39 PM

වරද තියෙන්නේ පච්චයේ නොව එය දිහා බලන ඇසෙයි. පටිච්ච සමුප්පාදය ට අනුව රුපය දිහා බලන්න පුලුවන්නම් එය තමයි පිළිතුර. (දී)

:       0       0

නිශාන්ත Sunday, 27 April 2014 09:06 PM

කැසිනෝ ආවහම ඔක්කොම හරි යයි .බුදු සරණයි ලංකාවට (දී)

:       0       0

බන්දුල පෙරේරා Monday, 28 April 2014 08:10 AM

මේක රැදවුම් කඳවුරක රඳවන්න තරම් වරදක් කියලා ම‍ම හිතන්නේ නැහැ.ඇයට වරද වටහා දීලා ශ්‍රී ලංකාවේ ඉන්න කාල සීමාව තුළ පච්චය නොපෙනෙන සේ ඇඳුම් අඳින්න කියලා අවවාද කරලා, එහෙම නොවුණොත් ක්‍රියාමාර්ගයක් ගන්න බවට දැනුම් දීමක් කළා නම් හොඳටම ඇතිනේ. බුද්ධාගම කියන්නේ ආගමට අපහාස කළා කියලා දඩුවම් කරන විදියේ ආගමක් නෙමෙයි.අපහාස කරන්නාටත් මෙත් වඩන යහපතක්ම වේවා කියලා පතන ආගමක්. (නි)

:       0       0

ජනා Monday, 28 April 2014 11:31 AM

මේ අදහස් වලින් බන්දුල පෙරේරාගේ අදහස අගය කරමි. (ස)

:       0       0

මෝහමෙඩ් හෆ්සල් Monday, 28 April 2014 12:26 PM

බන්දුල පෙරේරා, ඔබ හරි. බුදු රුව පච්ච ගැසීම වරදක් නම් එම වැරැද්ද පෙන්වා දීලා හරි දේ කියා දීම තමා අප විසින් කළයුතුව තිබුනේ. මෙයින් අප රට පමණක් නොව ජාතියත් අපහාසයට ලක් වෙනවා (නි)

:       0       0

පන්ඩුල Monday, 28 April 2014 12:36 PM

මේකට තමයි ඉල්ලන් කනවා කියන්නේ. ලෝකයේ තියන ලස්සනම රටත්, ආගන්තුක සත්කාර වැඩිම රටත් ලංකාව නෙමෙයි. තව රටවල් තියනවා. අපි අපේ තරම දැනගෙන වැඩ කළ යුතුයි.මේ පච්චයේ අරමුණ දහමට ලෙන්ගතුකම පෙන්වීම මිසක් නිගා කිරීම නෙමෙයි කියලයි මම නම් කියන්නේ(නි)

:       0       1

රංගිකා Monday, 28 April 2014 12:40 PM

ලැජ්ජයි. හොඳ සංචාරකයින්ට මෙහෙම කරලා අපිටමනේ පාඩු (නි)

:       0       0

හරිෂ් Monday, 28 April 2014 01:29 PM

බුදු හාමුදුරුවෝ මේවා දකිනවා නම් කලකිරෙයි.(නි)

:       0       0

ලංකා Monday, 28 April 2014 12:46 PM

එහෙනම් අපේ ත්‍රීවීල් අයියලා, බස් හිමිකරුවන්, බාබර් සාප්පු හිමියෝ , බේත් කඩහිමියෝ වගේ අයත් අත්අඩංගුවට ගත යුතුයිනේ. (නි)

:       0       0

ඔවින් Monday, 28 April 2014 01:38 PM

මම සිතන්නේ දැනුවත් කළ යුත්තේ සංචාරකයෝ නෙමෙයි , අපේ බලධාරීනුයි.පොලිසිය සහ ජනතාව. සංචාරකයෝ ලකාවට සහ වෙනත් රටවලට ඒමට පෙර හොද අධ්‍යයනයකින් පසුවයි පැමිණෙන්නේ.මෙම තැනැත්තියත් එසේ බුදු දහම ගැන දැනගෙන පැමිණි කෙනෙක්. අවාසනාවකට අපේ කට්ටිය ගත්තේ වැරදි වැටහීමක්. මේක ලංකාවට පාඩුවක් (නි)

:       0       0

කින් බෙනට් Monday, 28 April 2014 08:46 PM

අනේ මන්ද ලංකාව හැම වැඩෙන්ම ඉල්ලන් කනවා නේ .. අයි මෙච්චර මෝඩ ?මේවා මහා විහිළු තීරණ ... (ස)

:       0       0

ලංකා Monday, 28 April 2014 11:45 PM

වැඩේ හරි (දී)

:       0       0

ලංකා Monday, 28 April 2014 11:48 PM

බුදු රුවට නිගා කරන්න එපා (දී)

:       0       0

සමන්ත Tuesday, 29 April 2014 05:15 AM

අපේ රටට ඇවිල්ලා බුදුදහමට නිගා කරන්න දෙන්න බැහැ (දී)

:       0       0

මර්සි ලංකා Sunday, 27 April 2014 04:30 PM

පිච්චියක් නොවටිනා පච්චයක් නිසා ලංකාව ලොකු පාඩුවක් විඳ ගත්තා.(නදී)

:       0       0

අනු Tuesday, 29 April 2014 09:17 AM

බන්දුල පෙරේරා ගේ අදහසට මම සම්පුර්ණයෙන්ම එකඟ වෙමි. (ස)

:       0       0

චින්තක Tuesday, 29 April 2014 10:28 AM

නිලධාරීන් ගේ මෝඩ වැඩ නිසා රටක් අප කීර්තියට පත් වෙලා. මේ රටේ නියම බෞද්ධයන් මේ මෝඩ වැඩේ දෙස බලන්නේ පිළිකුලෙන්. මේ කිසිම ආයතනයක හිටියේ නැද්ද බුද්ධියක් තියෙන එක් කෙනෙක්වත්. (ස)

:       0       0

මාටින් Tuesday, 29 April 2014 09:58 AM

පච්චය කොටපු තැන තමයි වැරදි ...මෙයාට ඕක වෙන තැනක කොටා ගන්න තිබුන නේ, බන්දුල පෙරේරා කියනවා වගේ (දී)

:       0       0

අසෝක Tuesday, 29 April 2014 02:02 PM

ලංකාවට එන සංචාරකයන් ඒ රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාල මගින් දැනුවත් කල යුතුයි (දී)

:       0       0

නිලුපුලී Wednesday, 30 April 2014 05:41 AM

මෙයා බුදුදහම අදහන කෙනෙක්. පිරිමි වගේ පපුවේ කොටාගන්න බැහැනේ. බුදුදහම වැළඳගත් සුදු ජාතිකයෝ අනන්තවත් ඉන්නවා.ලෝකයේ වේගයෙන්ම පැතිරෙන දහම මෙයයි. (නි)

:       0       0

දොඩන්ගොඩ ආනන්ද Wednesday, 30 April 2014 11:58 AM

නිලුපුලි ලෝකයේ වේගයෙන් පැතිරෙන ආගම බුදු දහම නොවේ . ලංකාවේ බුදු දහම අදහපු අය බටහිර රටවලදී වෙනත් ආගම් වෙලඳ ගන්නවා මම දැක තියෙනවා . බටහිර රටකින් බුදුදහමට 10 ක් එන විට . අපේ බුදු දහමේ සිටි අය 100 කට වඩා වෙනත් ආගම් වැළඳ ගන්නවා. මම දන්නා සෙටියට යුරෝපයේ ලාංකික බෞධයන් බහුතරය පන්සලට යනවට වඩා සති අන්තයේ පල්ලියට යාම පුරුදු වී සිටිනවා . අවුරුද්දකට වතාවක් ලාංකික බෞදයන් ප්‍රන්සයේ ලුර්දු නුවර දේව මෑනියන් පහල වුනා කියන තැනට ගොස් පුජා පවත්වනවා . ලොකු වියදමක් දරා . මම හොඳින් දන්නා කරුණු .(දී)

:       0       0

මිනෝලි Wednesday, 30 April 2014 07:44 PM

ලංකාවේ බුදුදහම කියල එකක් තියෙනවද?ලංකාව අයිති බෞද්ධයන්ට විතරයිලු.කවුද කියන්නේ මේ වගේ කතා? එහෙවු රටේ බ්‍රිතාන්‍ය කාන්තාව ගැන අප ආඩම්බර විය යුතුයි (නි)

:       0       0

ශාන් Wednesday, 30 April 2014 07:44 PM

මොකද එයා පච්ච කොටන්න බුදුන්ම තේරාගත්තේ? (නි)

:       0       0

නිලුපුලී Thursday, 01 May 2014 03:34 AM

ආනන්ද ඔයා ඉන්නේ ප්‍රංශයේ නම් කරන්නේ මොකක්ද කියල ඔයා හොදින්ම දන්නවා ඇති.(නදී)

:       0       0

කුමාර් වර්ණකුලසූරිය Thursday, 01 May 2014 07:41 AM

මෝඩ නිලදාරීන් ගන්න මෝඩ තීරණ හේතුවෙන් ජාතියක් නින්දාවට පත්වීම අවආසනාවකි ....... (ස)

:       0       0

මංජා Thursday, 01 May 2014 02:01 PM

බුදු රුව ඇඟේ විකෘති නොකොට කොටා ගැනීම මම නම් වරදක් සේ නොදකිමි. ඇයත් බෞද්ධ දර්ශනය අදහන බව පෙන්විමට මෙය හොඳ දෙයක් සේ මම දකිමි. හැබැයි බුදු රුව විකෘති කිරීම් වලට අපි විරුද්ධයි. (ස)

:       0       0

චරිත Thursday, 01 May 2014 07:55 PM

මිනෝලි කියන්නෙ අර සුද්දිගෙ නංගිද? ලංකාව ගැනත් බුදුදහම ගැනත් දන්නෙ නැතුව මෙතන මෝඩ අදහස් දාලා ලොක්කා වෙන්න හදනවා. සුද්දන් බුදු රූපය පච්ච කොටාගත්තට අඩුතරමින් පන්සිල්වත් හරියට දන්නෙ නැහැ. හරියට බුද්ධාගම දන්න සුද්දන් බුදු රුව පච්චයකට නගන්න‍ෙත් නැහැ. (නි)

:       0       0

චින්තක Friday, 02 May 2014 10:33 PM

මට කියන්න තියෙන්නේ චරිත කියන ඒකම ය (ස)

:       0       0

රොහාන් සෞදි අරාබිය Saturday, 26 April 2014 04:02 PM

බුදු දහමට නිගා කරන අය කොපමණ තවත් මේ රටේ ඉන්නවා ද (අ)

:       0       0

සුරංග පෙරේරා Friday, 25 April 2014 08:41 PM

හොඳ වැඩේ. මෝඩ පාලකයන්ගේ ඇස් ඇරෙන්න. (අ)

:       0       0

කසිනි Friday, 25 April 2014 09:46 PM

මේ කාන්තාවගේ පච්චේ මකලා යවන්න තිබුනේ (දී)

:       0       0

ජෝර්ජ් Friday, 25 April 2014 10:25 PM

අනික අම්මා බුදු වේවා කියල කොටනවා ....හක්කේ බුදු රැස් බොක්කේ දඩ මස් (දී)

:       0       0

අනුර Friday, 25 April 2014 11:42 PM

රටින් පිටුවහල් කිරීම අනුමත නොකලත් මෙම උසාවි නියෝගයට ගරු කල යුතුයි‍. කුමන පාර්ශවයකින් හෝ එම තැනැත්තියට නොමනා ක්‍රියාවක් සිදුවුණි නම් රටේ නම කැත වෙනවා නේද?(දී)

:       0       0

චමිලා Saturday, 26 April 2014 01:06 AM

ලංකාවට එන සංචාරකයන් ඒ රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාල මගින් දැනුවත් කල යුතුයි. අනික මම හිතන්න මේක එයාලගේ නොදැනුවත් කම. එයාල කැමැති බුදුහාමුදුරුවන් ගේ රුපයට. ඒකයි ඔච්චර සල්ලි වියදම් කරලා තමන් ගේ ඈගේ කොටා ගන්නේ. ඒක නිගරුවක් නෙමෙයි.(නදී).

:       0       0

මංජුල සතරසිංහ Saturday, 26 April 2014 01:34 AM

මම හිතන්නේ ඇය මෙය කොදැන කරන්න ඇති. බුදුහාමුදුරුවන්ට ගෞරව කරන හැටි නොදන්න අපේ අයත් ඉන්නවනේ.(නදී)

:       0       0

ග්‍රේවෝ Saturday, 26 April 2014 01:48 AM

මෙවැනි දේවල් කිරීමෙන් බුදුන් වහන්සේට ගෞරවයක් ලැබෙන්නේ නැහැ. (නදී) .

:       0       0

චුල එකනායකේ, කුවෙට් Saturday, 26 April 2014 07:03 AM

මෙයට වඩා නරක හන්දි සහ පාර දෙපස ඇති බුදු පිළිම අපවිත්‍ර වීම නේද? (නදී)

:       0       0

රොකී Saturday, 26 April 2014 08:06 AM

බුදුන්වහන්සේට ඔයිට වඩා අපහාස අපේම බෞද්ධයන්ගෙන් සිද්ධ වෙනවා නේද? බුද්ධ රූප බුද්ධ පින්තූර විකුණන එක, බෝධි පූජා වලට ගාස්තු අයකරන එක බන දේශනා කරන්න මුදල් අයකරන එක, බුදුන්වහන්සේට කරන අපහාස නොවෙයිද? (නදී)

:       0       0

ඩිසිඩී Saturday, 26 April 2014 08:50 AM

සුරංග පෙරේරා ඔයා මොනවද මේ කියවන්නේ? (නදී)

:       0       0

තබිත් Saturday, 26 April 2014 09:39 AM

මේ දේ කිරිමෙන් බුදුන් වහන්සේට ගෞරවයක් ලැබෙන්නේ නැහැ. ප්‍රතිපත්ති මත පිහිටීම තමා කලයුත්තේ (අ)

:       0       0

ජනක Saturday, 26 April 2014 10:34 AM

මහා මෝඩ වැඩක් අපේ අය කරලා තියෙන්නේ ඒ මනුස්සයාගේ භක්තිය වැඩි කමට එහෙම කරන්න ඇති බලන්න (අ)

:       0       0

දයාල් ලංඩන් Saturday, 26 April 2014 01:49 PM

සුදු කතා දැන් බී.බී.සී එකේ කතා කලා පච්චේත් පෙන්නුවා.(නදී)

:       0       0

නිරාන් Saturday, 26 April 2014 04:11 PM

මේක වැරදි නම් බුදුන්ගේ රුව තියෙන්න පත්තරක් තහනම් කලයුතුයි මොකද ඒ පතර වලින් මොන මොන දේවල් ඔතනවද (අ)

:       0       0

ඩී.උපුල් Friday, 25 April 2014 08:06 PM

මේ රටේ සිදු වෙන දේවල්වල හැටිය මේක මහා ලොකු දෙයක් නෙවෙයි නේද? (අ)

:       0       0

වහල්ලගේ ප්‍රසන්න Saturday, 26 April 2014 04:19 PM

මේ මිනිස්සුන්ට පිස්සු (දී)

:       0       0

වෙනුර Saturday, 26 April 2014 04:23 PM

බුදු හාමුදුරුවෝ මිනිමස් අනුභව කළා කියල ඉතා නින්දිත ආකාරයට බුදු හාමුදුරුවන්ට අපහාස කරනවා.මොන බලධාරියාද ඊට විරුද්ධව කතා කරේ.දැන් මේ රටේ එක එක අයට වෙන වෙනම නීති.රටකට යන කල, (දී)

:       0       0

ෆර්හා Saturday, 26 April 2014 05:26 PM

අපේ රටේ දැන් දැන් සිද්ද වෙන්නෙම ජාත්‍යන්තරයේ අවදානය යොමු වෙන දේවල්.මේවා කාගෙ හෝ සැලසුම් වලට අනුව සිද්ද වෙනවද, ඉබේම සිද්ද වෙනවද,අනේ මන්ද,,(දී)

:       0       0

නිමල් Saturday, 26 April 2014 09:07 PM

ලංකාවේ සුදු පොළවල් අරින්න පනත් ගේනවා. ඒවා වහගන්න හදන්නේ මෙවයේන්. මේ සිද්දිය හොද දෙයක් උනත් මීට වඩා රට විනාස මුකයට මහා පරිමානෙන් ඇද දමන සුදුව නැවත්වීමට රජය කටයුතු කල යුතුයි.අපේ පාර්ලිමේන්තුවට හොද බෞදයින් පිරිසක් යැවිය යුතුයි , පක්ෂේ මොකක් වුනත් සුදුවට සහය දෙන කිසිම කෙනෙකුට එන පාර ජන්දේ දෙන්න එපා.(නදී)

:       0       0

ලංකාතිලක Saturday, 26 April 2014 10:03 PM

මම සිතන්නේ නෙහෙ මෙම ගැහැනිය පච්චය කොටා තිබීම වරදක් හැටියටයි. අපේ ලංකාවේ බොහෝ දෙනෙක් තම ආදරය කරන ගරු කරන දේවල් පච්ච කොටා තිබෙනවා . බුද්ද රුප සහ බුදු වදන් . සමහරු අම්මා බුදු වේවා කියා කොටා තිබෙනවා . එය අගරු කිරීමක් නොව තමන්ගේ ගෞරවය විදහා දැක්වීමක් (ස)

:       0       0

හේවාවිතාරණ පැරිස් Saturday, 26 April 2014 10:56 PM

මේ සිදු වීම පිළිබඳව අපි එංගලන්තයේ කීප දෙනෙක් සමග සාකච්චා කළෙමු මින් පසු ලංකාවට කිසිම සංචාරකයෙකු නොයන බව එංගලන්තයේ සංචාරක සමාගම් කීපයක් අපි සමග පැවසූ මෙලෙස පවසන්නේ කණගාටුවෙනි. (ස)

:       0       0

දොඩන්ගොඩ ආනන්ද Sunday, 27 April 2014 01:04 AM

හේවාවිතාරණ පැරිස් බොරු වපුරවන්න එපා , පාටකයන් නොමග අරින්න එපා. මෙම සිදු වීම සංචාරකයන් පැමිනිමට බාදාවක් නොවේ යුරෝපයේ සිට.(නදී)

:       0       0

ට්‍රයිකෝ රන්ජිත් Sunday, 27 April 2014 01:31 AM

ලංකාවේ ත්‍රි විලර වල පසු පස තිබෙන රුප සහ වදන් දැක්කොත් එම ත්‍රි වීලර් එහෙමම සිර ගත කරාන්න ඕනේ. මෙම පච්චය ගෙන ඔච්චර දුර දිග ගියා නම්.(නදී)

:       0       0

ගුණරත්න Sunday, 27 April 2014 01:55 AM

අපේ රටේ කැසිනෝ හොදයි කුඩු හොදැයි එතනෝල් හොදයි පච්චේ තමා නරක. (නදී)

:       0       0

ඉසුරන්දි Sunday, 27 April 2014 08:35 AM

මොන පරීක්සන කලත් අපට මොකෝ.අපේ රටට හානි වන දේවල් ඕනෙම නැහැ . (දී)

:       0       0

පියල් Sunday, 27 April 2014 11:37 AM

මේවා ලෝකෙටම පෙන්නන්න (දී)

:       0       0

චාමර Sunday, 27 April 2014 11:41 AM

ලංකාවේ බෞද්ධයෝ කියාගන්න කී දෙනෙක් පන්සිල්වත් රකිනවද? (දී)

:       0       0

සාරංග Sunday, 27 April 2014 12:27 PM

බුදු දහමට නිගා කරන්න එපා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site