චීනයේ ෂිචුවාන් පළාතේ ලූෂාන් දිස්ති‍්‍රක්කයේ යාන් නමැති නගරය කැළැඹූ අති ප‍්‍රබල භූමි කම්පාවෙන් පැය 24 කට පසු සුන්බුන් අතර සිර වී සිටි තෙමස් බිළිඳකු බේරා ගැනීමට හමුදා සෙබළුන්ට හැකි විය.
බිළිඳා යහතින් සිටි බවත්, බිළිඳාගේ මව සුන්බුන්වලට හිර වීමෙන් මිය ගොස් සිටි බවත් හමුදා සෙබළු පවසති. එම බිළිඳාට වෛද්‍ය ප‍්‍රතිකාර ලැබුණු බව ද වාර්තා වේ.
රික්ටර් පරිමාණයේ ඒකක 6.6 ක් සටහන් කළ එම භූමි කම්පාවෙන් 160 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 6,700කි. සුන්බුන් අතර සිර වූවන් සෙවීමේ කටයුතු මේ වන විටත් සිදු වෙමින් පවතී. චෙන්ඩූ සහ චොංක්වින්ග් යන නගරවලටත් භූමිකම්පාවෙන් දැඩි හානි සිදු විය. භූමිකම්පාවෙන් පසුව පසුකම්පන 1,100ක් පමණ හට ගත් බව චීන භූවිද්‍යාඥයෝ ප‍්‍රකාශ කරති.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සුන්බුන් අතරින් බිළිඳකු බේරාගනී
මධු Tuesday, 23 April 2013 01:11 AM
පව් පොඩි දරුවා අම්මා නැතුව ? (නි)
හරීන් Tuesday, 23 April 2013 07:36 AM
ගිය ආත්මේ කරපු ලොකු පිනක් තමයි ඔය. (නි)
උපුල් Tuesday, 23 April 2013 10:42 AM
අනේ වාසනාවන්. ඒක තමයි කියන්නේ වෙලාව එනකන්ම ඉන්න ඕනෑ කියලා. මැරෙන්න තියෙනවා නම් භූමිකම්පා නෙවෙයි ගෙදර හිටියත් එක සිද්ධ වෙනවා. (නි)
අනුරාධ. Tuesday, 23 April 2013 05:45 PM
අම්මා නැතිව මොන වාසනාවක්ද? (නි)
අමිල කටුනායක Tuesday, 23 April 2013 07:01 PM
එසැණ පුවත් අතර, ආසා හිතෙන පුවතක්. (නි)
සදරුවන් Tuesday, 23 April 2013 11:41 PM
අගක් හොයන්න බැරි මුලක් හොයන්න බැරි සංසාරේ දුක පමණයි. (නි)