X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


සුනාමියෙන් පාවී ගිය දැරිය වසර 10කින් හමුවෙයි

සුනාමියට හසුවී 2004 දි මියයන්නට ඇතැයි සිතා සිටි දැරියක් වසර 10ට පසු ඉන්දුනීසියාවෙන් හමුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අවුරුදු හතරක් වයසැති රවුදාතුල් ජනා හා අවුරුදු හතක් වයසැති ඇගේ සොහොයුරා 2004 දෙසැම්බර් 26 දින වෙරළ ආසන්නයේ තම දෙමාපියන් සමග සිටිය දී සුනාමියට හසුවූහ. ඔවුන් වතුරේ ගසාගෙන ගිය බවත් සුනාමි වතුර පැමිණි අවස්ථාවේ මේ අයියා නගෝ දෙදෙනා ලී කොටයක නැගී සිටිනු අවසන්වරට දුටු බවත් දෙමාපියෝ කියති. මවත් පියාත් දිවි ගලවාගෙන ඇත. තම දරුවන් දෙදෙනා ද ලී කොටය සමග පාවී ගොස් ජීවිතය බේරාගන්නට ඇතැයි සිතා වසර කිහිපයක් ම ඔවුන් දෙදෙනා ගැන සොයා බැලුව ද පසුව ඔවුන් මියන්නට ඇතැයි සිතා සෙවීම් අතහැර දැමිණි.

පසුගිය ජුනි මාසයේ දැරියගේ මවගේ සොහොයුරා ජනාගේ හැඩරුවට සමාන රුවක් ඇති දැරියක මහ මගදී දැක ඇය පිළිබඳ විමසිලිමත් වූවේය. ඔහුට දැනගැනීමට ලැබුණේ 2004 සුනාමියෙන් පසු ඇය ඉන්දුනීසියාවේ අප්‍රකට දූපතකට පාවී ගිය බවයි. ඇගේ දිවි ගලවාගෙන තිබුණේ මසුන් මරන්නන් විසිනි. එක් ධීවරයකු මේ දැරිය ගෙනගොස් ඔහුගේ මවගේ භාරයේ තබාගෙන සිටියේය. ජනා එහිදී ‘වෙනි‘ නම් වූවාය.

දැරිය හඳුනාගැනීමෙන් පසු ඇය යලි උපන් නිවසට කැඳවාගනෙ එනු ලැබිණි. ජනාගේ සැබෑ මව ජමෙලියා පවසන්නේ ජනා ඇගේ දියණිය බවට කිසිදු සැකයක් නොමැති බවයි. යමකු ඒ ගැන සැක උපදවන්නේ නම් ඩී.එන්.ඒ. පරීක්ෂණයකට පසුබට නොවන බව ද ඇය පවසයි. සුනාමියෙන් ඇතිවූ කම්පනය ජනාගේ සිතේ තවමත් පැලපදියම් වී ඇත. ඇය කතා කරන්නේ ඉතා අඩුවෙනි. වයස අවුරුදු 14ක් වුව ද ඇය ඉගෙනුම ලබන්නේ හතරවැනි ශ්‍රේණියේය.

ජනා පවසන්නේ තම සොහොයුරා ද තමන් මෙන් සුනාමියෙන් දිවි ගලවාගත් බවයි. නමුත් ඉන් පසු ඔහු ගැන කිසිදු තොරතුරක් ඇය දන්නේ නැත. ඉන්දුනීසියාවේ මාධ්‍ය දැන් ජනාගේ සොහායුරා සොයා මාධ්‍ය ප්‍රචාරයක යෙදී සිටියි. සුනාමියේ දස වර්ෂ පූර්ණය සැමරීමට ඇගේ සොහොයුරා සොයාගත යුතුය යන්න බොහෝ දෙනාගේ අදහස වී ඇත.

Tsunami malay (1) Tsunami malay (2) Tsunami malay (3) Tsunami malay (5) Tsunami malay (6) Tsunami malay (7) Tsunami malay (8) Tsunami malay (9) Tsunami malay (10) Tsunami malay (11)

 



අදහස් (0)

සුනාමියෙන් පාවී ගිය දැරිය වසර 10කින් හමුවෙයි

සංජය Friday, 08 August 2014 01:54 PM

අනේ! පිටරට ඉන්න මට හරිම සතුටක් දැනුනේ (නි)

:       0       0

ඇන්ටන් Friday, 08 August 2014 03:27 PM

ගොඩක් ස්තූතියි.ඉක්මනින්ම සහෝදරයාවත් සොයාගන්න සුබ පතමු.ජේසු පිහිටයි.(අ)

:       0       0

චින්තක Friday, 08 August 2014 03:32 PM

මෙවන් සුබ පුවත් වැඩි වැඩියෙන් අසන්නට දකින්නට ලැබේවා.(අ)

:       0       0

ගාමිණී - සිරි Friday, 08 August 2014 05:18 PM

කෙසේවෙතත් එක් අයෙකු හෝ හමුවීම වාසනාවට හේතුවක් ! (නි)

:       0       0

කුමාරි Friday, 08 August 2014 07:38 PM

ඇත්තටම හරිම සතුටුයි. සොයුරාත් මුණ ගැසේවා! (නි)

:       0       0

සලීත් Saturday, 09 August 2014 02:43 AM

ඇත්තටම ඒ අම්මට කොච්චර සතුටක් ඇත්ද. 2වෙනි දරුවත් ලබාදෙන්න කියා මම ඉල්ලනවා (නදී)

:       0       0

අසෝකා Saturday, 09 August 2014 07:23 AM

සුනාමියෙන් දිවිගලවාගත් සියලුම දරුවන්ට දෙමව්පියන් දැකගන්න වාසනාව ලැබේව කියල මම ප්‍රර්ථනා කරනවා! (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site