මියන්මාර ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායිකා අවුන් සාන් සූ කී හට ඇමෙරිකා කොංග‍්‍රසයෙන් පිරිනැමෙන උසස්ම සම්මානය වන කොංග‍්‍රස් රන් පදක්කම පෙරේදා(19) පිරිනැමිණි.
මෙම රන් පදක්කම සූ කීට ප‍්‍රදානය කරනු ලැබූයේ එරට කතානායක රිපබ්ලිකන් පාක්ෂික ජෝන් බෝනර් විසිනි. එම අවස්ථාවේදී තමාට ලැබුණු සම්මානය පිළිබඳව අදහස් දැක්වූ අවුන් සාන් සූ කී සඳහන් කළේ එම මොහොත සිය ජීවිතයේ සදානුස්මරණීය දිනයන්ගෙන් එකක් බවයි.
2008 වසරේදී සූ කී හට මෙම සම්මානය ප‍්‍රදානය කළ ද එය ලබා ගැනීමට ඇයට ඇමෙරිකාවට පැමිණිමට නොහැකි විය. ඒ වන විට ඇය මියන්මාර හමුදා පාලනය විසින් නිවාස අඩස්සියේ රඳවා තිබීම ඊට හේතුවයි.
රන්පදක්කම පිරිනැමීමෙන් පසුව සභාව ඇමතූ සූ කී කියා සිටියේ සාමය අත්පත් කර ගැනීමට මියන්මාරය යන ගමනේ දී බාධක හමුවිය හැකි බවත් එම බාධක සියල්ලක්ම ජය ගැනීමට තමන්ට හැකියාව පවතින බවත්ය.
කොංග‍්‍රස් සම්මානයෙන් පිදුම් ලැබූ සූ කී ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමා සහ එරට රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ද හමු වූවාය. එහිදී ජනපති ඔබාමා කියා සිටියේ මියන්මාරයේ දේශපාලන සහ ආර්ථික ප‍්‍රතිසංස්කරණවලට සිය පූර්ණ සහාය ලබා දෙන බවයි.
මේ අතර ඇමෙරිකානු රජය මියන්මාරයේ ඉහළ පෙළේ නායකයන් දෙදෙනකුට එරෙහිව පනවා තිබූ සම්බාධක ඉවත් කර ඇති බව වාර්තා වේ. එරට රජය මෙම පියවර ගෙන ඇත්තේ අවුන් සාන් සූ කී ගේ ඇමෙරිකා සංචාරයට සමගාමීවය.
ඒ අනුව මියන්මාර ජනපති තේන් සේන් සහ එරට පාර්ලිමේන්තු කතානායක තුරා ශ්වේ සම්බන්ධයෙන් පනවා තිබූ සම්බාධක ඉවත් කර තිබේ. ත‍්‍රස්තවාදය, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීතිවිරෝධී කි‍්‍රයාකාරකම් ගණනාවක් සම්බන්ධයෙන් මොවුන් දෙදෙනාට සම්බාධක පනවා තිබිණි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සූ කී ඇමෙරිකා කොංග‍්‍රස් සම්මානයෙන් පිදුම් ලබයි
ජනක Saturday, 22 September 2012 11:31 AM
පදක්කම් ගත්තා වගේ නොවෙයි (අ)
ගැමුණු Saturday, 22 September 2012 03:15 PM
මෙතෙක් ආරක්ෂා කරගෙන තිබුණූ මියන්මාර ස්වාධීනත්වය දැන් ඉතිං අහවරය. (නි)
සිල්වා පැරිස් Saturday, 22 September 2012 06:16 PM
අධිරාජ්‍ය වාදයට තවත් රටක් පාවා දුන්නා.. මියන්මාර ජනතාවට දෙවි පිහිටයි..!(නු)
කල්ප Monday, 24 September 2012 08:42 AM
සුභපතනවා මම
ශලනි Monday, 24 September 2012 10:52 AM
දැන් එතකොට වෙන රටකින් සම්මාන දුන්නා නම් ස්වාධීනත්වය නැති වෙන්නෙ නැද්ද? (ස)
ඉම්රාන් Tuesday, 25 September 2012 12:00 PM
මෙයාගේ බොරු (ස)