X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 11 වන සිකුරාදා


සෙල්ලමට සතුන් මරන කෙල්ල කාටත් එපාවේ

සත්ත්ව සංරක්ෂණය උදෙසා යැයි කියමින් සිංහයින්,රයිනොසිරයන්,සීබ‍්‍රාවන් වැනි  සතුන් මරා දමන බව කියන 19 හැවිරිදි ඇමරිකා තරුණියක මුල් කරගෙන ලොව පුරා සත්ත්ව ලෝලයන් අතර මහත් ආන්දෝලනාත්මක තත්ත්වයක් උද්ගතව තිබේ.

කෙන්ඩල් ජෝන්ස් නම් වන මේ තරුණිය ඇමරිකාවේ ටෙක්සාස් තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන්නියකි. ඇයටම වෙන්වූ ෆේස්බුක් පිටුවක්ද තිබෙන අතර එය පිරී ඇත්තේ ඇය දඩයම් කළ බව කියන සතුන්ගේ ඡායාරූප වලිනි.

බිම ඇද වැටී සිටිනා සිංහයින්,රයිනෝසිරයින් වැනි සතුන්ගේ සිරුරු මත පා තබාගෙන ආඩම්බරයෙන් බලා සිටින කෙන්ඩල්ගේ ඡායාරූපයන් අන්තර්ජාලය පුරාමත් ප‍්‍රචාරය කර හැරීමට දැනටමත් ඇතැමුන් කටයුතු කර ඇත.මෙනිසාම ප‍්‍රකට පුවත් වෙබ් අඩවි කිහිපයකම ඇය සම්බන්ධයෙන් වාර්තා පළවී තිබෙනුද දැකගත හැකි විය.

තමන්ට නැගෙන චෝදනා ප‍්‍රතික්ෂේප කරන කෙන්ඩල් පවසන්නේ තමන් මේ කරන්නේ සේවයක් බවයි.සිංහයින් වැනි සතුන් සැළකීමේදී එම සතුන් අනුපාතය කිසියම් මට්ටමක පවත්වාගත යුතුව ඇති බවත් නොඑසේ නම් වනයේ වෙසෙන ශාක භක්ෂක සතුන්ට ජීවත්විය නොහැකි වනු ඇති බවත් ඇය කියන්නීය.

විසදුම සතුන්ගේ ගණන පාලනය කිරීම වන බවත් මෙනිසා එම පාලනයට උදවු වන දඩයම්කරුවන් යනු සැබැවින්ම සතුන්ගේ සංරක්ෂණය වෙනුවෙන් පෙනී සිටින්නන් බවත් ඇය පවසන්නීය.

ඇයගේ දැක්මට නම් වැඩි දෙනාගේ මනාපයක් පළවී නොමැති බවක් පෙනෙන්ට ඇත.දැනටමත් ඇයට එරෙහිව පෙත්සම් 2 ක් සකස් කෙරී ඇති අතර එකකට මේ වන විට අත්සන් ලක්ෂයකට වඩා එකතු වී තිබේ.

ඇයගේ ෆේස්බුක් පිටුවද අත්හිටුවන්නැයි පැමිණිලි ගලා එමින් තිබෙන බව සදහන්ය.

කෙසේනමුත් ඇයගේ දැක්ම පිළිගන්නා පුද්ගලයෝ කොටසක්ද සිටිති.ඔවුහු ඇයගේ කටයුතු අගය කරන අතරම ඇයට දිරියද පතන්නෝය.

 



අදහස් (0)

සෙල්ලමට සතුන් මරන කෙල්ල කාටත් එපාවේ

හේරත් Tuesday, 08 July 2014 10:28 AM

පුදුමාකාර කෙල්ලෙක්නේ! (නි)

:       0       0

දර්ශණ Monday, 07 July 2014 11:00 AM

නංගියේ මෙහෙ නම් තියෙනවා නියම තැන් ටිකක් (නදී)

:       0       0

විජේසිංහ Monday, 07 July 2014 12:45 PM

පව්කාරියක් (නදී)

:       0       0

ඉසුරන්දි Monday, 07 July 2014 01:58 PM

මෙයාට නීතියෙන් අවසර දීල තියෙන නිසානේ එහෙම කරන්නේ. (නදී)

:       0       0

පී ඩී පී ධර්මවන්ස Monday, 07 July 2014 02:22 PM

ලෝක පොලිස්කාරය තමා තීරනය කරන්නේ ලෝකේ ඉන්න ඕනේ මිනිස්සු ගානයි සත්තු ගානයි. (නදී)

:       0       0

කුමාර් Monday, 07 July 2014 06:11 PM

සන්ජය, එකනේ ලංකාවේ මෙතරම් මිනී මරන්නේ. (අ)

:       0       0

නදුන් Monday, 07 July 2014 10:05 PM

හේතු පල දහම විස්වාස නොකරන්නෙකුට ඕනෑම අපරාධයක් කරන්න පුළුවන්. ඒ අතින් බුදු රජාණන් වහන්සේ සරණ ගිය අය නම් බුද්ධිමත්ද? (අ)

:       0       0

කුමාර Tuesday, 08 July 2014 10:41 AM

මෙයත් ලෝකෙට වැඩි කෙනෙක්. මරල දැම්ම නම් හරි. (ස)

:       0       0

අප්පුහාමි Tuesday, 08 July 2014 11:42 AM

හිට්ලර් ලක්ෂ ගානක් මිනිසුන් මැරුවේ ලෝකයේ පිරිසිදු ජාතියක් පමණක් ජීවත්විය යුතුයි යන හේතු පාඨය ඉදිරියට දමාගෙනයි. ඒක නිසා මිනීමරු හිට්ලර්ගෙයි මේ ගැහැණියගෙයි වෙනසක් මට නම් පෙනෙන්නේ නැහැ. (නි)

:       0       0

චින්තක Tuesday, 08 July 2014 10:10 AM

ඕවා ගෙවන්න වෙනවා (දී)

:       0       0

සේරම් Tuesday, 08 July 2014 10:18 AM

ගෙදරට මරගාතේ රටට පරකාසේ , අපිට අපේ සත්තු වත්තේ සත්තුටික බෙහෙත් නැතිව මැරෙන එක බේරගන්න බැරිව ඉන්නවා . අලි පැටවූ සල්ලි කාරයන්ගේ ගෙවල්වල දිනපතා මැරි මැරී ඉපදෙනවා, ඒකට අපි නිහඬයි, යන්නේ අප්‍රිකාවේ සත්තු රකින්න (දී)

:       0       0

චන්දන Tuesday, 08 July 2014 10:22 AM

තී කොටියාම කාපිය. (දී)

:       0       0

අනු Monday, 07 July 2014 10:35 AM

අපෝ හරිම තිරිසන් ගැහැනියක්නේ (නදී)

:       0       0

කසුන් Tuesday, 08 July 2014 10:28 AM

පව්! එයා දන්නේ නැතුව ඇති කර්මය පළදෙනකොට කොහොම වෙයිද කියලා (නි)

:       0       0

පුජා Tuesday, 08 July 2014 12:51 PM

අනේ දෙය්යනේ මරණින් පස්සේ කොයි ලොව යන්න (දී)

:       0       0

නිලුපුල් සමීර ගමගේ Tuesday, 08 July 2014 01:24 PM

මේක මානසික ලෙඩක් වෙන්න ඇති බොහෝ විට,නැත්නම් මෙහෙම මිලේඡ්ච ආශාවල් ඇති වෙන්නෙ කොහොමද....... (දී)

:       0       0

මලිත් Tuesday, 08 July 2014 03:35 PM

සතුන් වගේම මිනිස්සුත් වැඩි නිසා ඒයාට පුළුවන්නේ සියදිවි නසාගන්න. (අ)

:       0       0

කපිල වසන්ත Tuesday, 08 July 2014 04:08 PM

උදාර කවද්ද ටිකට් කැපුවේ? (අ)

:       0       0

ඉර්ෆාද් Tuesday, 08 July 2014 05:02 PM

මේවා ගැන අහන්න කවුරුත් නැද්ද? (දී)

:       0       0

රවිදු ප්‍රවීන් Tuesday, 08 July 2014 05:24 PM

හැබැයි ඉතින් මේ නංගිගෙ සංසාරේ කෙටි කරන්න නම් කවුරුත් නැති වෙයි..... (දී)

:       0       0

හරිශ්චන්ද්‍ර Wednesday, 09 July 2014 01:32 AM

මෙවැනි අය ඇමෙරිකාවේ ඕනෑ තරම් ඉන්නවා.අම්මා අප්පාවත් අඳුරන්නේ නැහැ සමහරු.මෙවැනි අයට ඇස් ඉදිරියේම මේවායේ විපාක ලැබෙනවා. (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Wednesday, 09 July 2014 05:22 AM

අපේ ගෙවල් පැත්තේ ඉන්න ඌරන් ටික ඉවර කරලා දෙන්න බැරිද නංගී? (නි)

:       0       0

වන්දා Thursday, 10 July 2014 06:28 AM

දැන් ඔය මරල ඉන්න අර හරකෙක් වගේ ඉන්න සතා මාංශ බක්ෂකද දන්නේ නැති හින්ද ඇහුවේ (නදී)

:       0       0

සුගුනවති ඇමෙරිකාවේ සිට Saturday, 05 July 2014 06:21 PM

මෙවෙනි මානසික තත්වයෙන් පෙලෙන අය ඇමෙරිකාවේ පමණක් නොව සෑම රටකම සිටි. එකම වෙනස ඇමරිකානුවන් මෙවෙනි දේවල් ලෝකයට පෙන්වීමට පැකිලීමක් නොමැති කමයි (නදී)

:       0       0

චමින්ද Friday, 04 July 2014 09:44 PM

ඔය වගේ ආසාවන් තිබෙන අය ලෝකයේ කොහෙත් ඉන්නවා.ජපන්නු තල්මසුන් මරණ එකට මුළු ලෝකයම විරුද්ධ වෙද්දී, නවසීලන්තයේ ඉන්න වගකිවයුතු අය කිව්වා ජපන්නු තල්මසුන් මරණ එක හොඳයි කියලා. (නි)

:       0       0

සන්ජය Friday, 04 July 2014 10:08 PM

එතකොට නංගියේ ලෝකයේ මිනිසුන් ගණන වැඩි නැද්ද? (නි)

:       0       0

ශාන සෞදි Friday, 04 July 2014 11:02 PM

මේ වගේ අය ඉන්නේ ඇමරිකාවේ තමයි. තවත් කෙනෙක් මරලා මිනිය පෙන්නලා හිනාවෙන්න පුළුවන් මානසිකත්වක් තියෙන්නේ (නි)

:       0       0

ගාමිණී - සිරි Saturday, 05 July 2014 12:32 AM

නංගී, ඔය වැඩේ නම් සුභවාදී නොවේ. අපේ වන ජීවී නිලධාරීන් ආවොත් එහෙම කට උත්තරත් නැහැ සමාවකුත් නැහැ. නංගී ඔය වැඩේ වහාම නවත්වනවාද ? නැද්ද ? (නදී)

:       0       0

බණ්ඩා Saturday, 05 July 2014 03:37 AM

මෙයාට වෙඩි පාරක් තියන්න කවුරුවත් නැද්ද ? (නදී)

:       0       0

ප්‍රසන්න Saturday, 05 July 2014 10:02 AM

එතකොට කුළු හරක මැරුවේ තණකොළ පෙත්තන්ගේ ආරක්ෂාවටද? (නදී)

:       0       0

තාරක Saturday, 05 July 2014 10:07 AM

කවදා හරි මේ තරුණිය මැරෙන්නේ ඔය සතුන් ඝාතනය කරපු විදිහට (නදී)

:       0       0

කමනී Saturday, 05 July 2014 02:08 PM

සත්ව හිමිකම් ගැන කතා කරන්න පිල්ලේ නෝනා කැමති නැද්ද ? (නදී)

:       0       0

උදාර Saturday, 05 July 2014 02:32 PM

මේ ලෝකේ සියලුම සමබර තාවයන් ආරක්ෂා කරන්නා දෙවියන් වහන්සේය. මොකද මේ සියල්ලේ උරුමකරු ඔහු නිසා. එය වෙනස් ක‍රන්න කාටවත් බැහැ (නදී)

:       0       0

පිටිගල Saturday, 05 July 2014 03:13 PM

එල්ලා මරාපු සදාම් හුසේන් ගේ මල සිරුර එක්ක පොටෝ එකක් ගන්න ඕන කියලා බලහත්කාර කමක් කලෙත් ඇමෙරිකන් සොල්දාදුවෙක්. මේ ගොල්ල ඉන්නේ මරණ මානසිකත්වයෙන්. මානසික ලෙඩ්ඩු තමයි අද ලෝකයම පාලනය කරන්න එන්නේ. (නදී)

:       0       0

රෝහිත් Saturday, 05 July 2014 05:34 PM

මේ ලෝකයේ සියලු සමබරතාවයන් පාලනය වෙන්නේ ස්වභාව ධර්මය අනුවයි. එය වෙනස් කරන්න කාටත් බැරිය. එය තමයි බුදු දහමේ කියා ඇති පරම සත්‍ය (නදී)

:       0       0

මාලි Friday, 04 July 2014 09:42 PM

ලංකාවේ දේශපාලුවෙක් වෙන්න නම් සුදුසුකම් තියනවා වගෙයි (නි)

:       0       0

විකි Saturday, 05 July 2014 07:35 PM

මෙයාගේ නම මොකක්ද දන්නේ නැහැ (නදී)

:       0       0

ලලිත් කෝන්ගස්පිටිය Saturday, 05 July 2014 10:54 PM

දවසක මෙයා කාව කසාද බඳීද දන්නෙ නැහැ (නි)

:       0       0

රොෂාන් Sunday, 06 July 2014 02:16 AM

මෙම කාන්තාවට පුදුම මානසිකත්වයක්නේ තියෙන්නේ (නි)

:       0       0

සුගුනවති Sunday, 06 July 2014 05:52 AM

විකි අයියා මොනවට එයාගේ නම අහනවද දන්නේ නැහැ. (නි)

:       0       0

මරිනා Sunday, 06 July 2014 09:33 AM

නංගී හෙට අනිද්දම අපායේ යන්න ලෑස්ති වෙන්න . (ස)

:       0       0

චමින් Sunday, 06 July 2014 01:02 PM

ලස්සන රූපයක් සමඟ ඉපදෙන්න ගොඩක් පින් කරන්න ඕනෑ නංගි. මේවායේ ප්‍රතිඵල ඉදිරියේදී ලැබෙයි. (නි)

:       0       0

තරිදු Sunday, 06 July 2014 03:02 PM

මේ ගැහැණියගෙන් අහිංසක සතුන් ඉක්මණින් ගැළවෙන්න කියා මම පතනවා. (නි)

:       0       0

මධුක Sunday, 06 July 2014 10:31 PM

අනේ නංගි, අපේ පැත්තටත් එන්නකෝ (නි)

:       0       0

රාජුන් Monday, 07 July 2014 08:18 AM

මෙවැනි මානසික තත්ත්වයන් ඇති අය තමයි කවද‍ාහරි මිනිසුන් දෙසටත් තුවක්කුව එල්ල කර කොකා ගස්සන්නේත් (නි)

:       0       0

දිලු Monday, 07 July 2014 09:35 AM

මිනිස් ගහනයත් ඔහොමම පාලනය කලානම් හරි. ජිවත්වීමේ අයිතිය මිනිසාට මෙන්ම සත්වයාටත් පොදු බව අමතක කරන ඇයයි ම්ලේච්ඡ ගැහැණිය. මෙය ඇගේ විකෘති මානසිකත්වයක් විනා සේවයක් නොවන බව නොහැගෙන්නේ ඇමෙරිකානුවන් දියුණු යැයි කියා ගන්නා නිසා විය යුතුය. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site