ඉන්දියාවේ සිසුන් දෙදෙනෙකු ගංගාවක සෙල්ෆි ගැනීමට ගොස් දියේ ගිලි ජිවිතක්ෂයට පත්වී තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කළේය.
ඉන්දියාවේ රාම්පුර් දිස්ත්‍රික්කයේ කෝසී ගංගාවේ ප්‍රචණ්ඩ දියවැල් සහිත ජලයේ මැදට ගොස් සෙල්ෆි ගැනීමට ගොස් මෙම අනතුර සිදු වී තිබේ. සිරුරු සොයා ගැනීමට පැයකට වඩා කාලයක් ගත වූ බව පොලිසිය පවසයි.
ඔවුන් දෙදෙනා ඇතුළුව සිසුන් පිරිසක් එම ගංගාවේ චාරිකාවක් සදහා ගොස් ඇත. එම පිරිස ගංගාවේ දිය නෑ බවත් එම චාරිකාවට සහභාගී වූ 12 දෙනෙකු ආරක්ෂිතව සිටි බවත් සදහන් වේ.
ඒ අසල පිහිටි වාන් දොරටුවක් විවෘත කිරීම හේතුවෙන් ඇති වූ ප්‍රචණ්ඩ ජල පහරක් නිසා මෙම අනතුර සිදුවූ බව ඇසින් දුටුවෙකු ප්‍රකාශ කර තිබේ. එම ගංගාව නිතර පිටාරගැලීම් වලට ලක්වයි.
ඉන්දියාවේ මිට පෙර අවස්ථා කිහිපයකදී සෙල්ෆි ගැනීමට ගොස් කිහිප දෙනෙක් ජිවිතක්ෂයට පත් වූහ.
මීට පෙර ඉන්දියාවේ යම් යම් ස්ථාන වල සෙල්ෆි ගැනීම තහනම් කෙරුණු අතර යම් ස්ථාන සෙල්ෆි ගැනීමට අනතුරුදායක ස්ථාන ලෙස නම් කෙරිණි. මුම්බායි පොලිසිය විසින්ද ස්ථාන 15ක් එලෙස නම් කෙරිණි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සෙල්ෆි ගන්න ගිය සිසුන් දෙන්නා ගඟට බිලි