පිස්තෝලයක් හිසට එල්ල කරගනිමින් සෙල්ෆී ඡායාරූපයක් ගැනීමට ගිය තරුණයකු එම පිස්තෝලය හදිසියේ පත්තුවීම නිසා වෙඩිවැදී මියගොස් ඇති පුවතක් ඉන්දියාවෙන් වාර්තා වේ.
මෙසේ මියගොස් ඇත්තේ රමන්ඞීප් සිං නැමැති 15 වියැති නව යොවුන් තරුණයෙකි.
පොලිසිය පවසන ආකාරයට රමන්ඞීප් ඔහුගේ පියා සතු මිලිමිීටර .32 කැලිබර් වර්ගයට අයත් පිස්තෝලය අතැතිව සෙල්ෆී ඡායාරූපයකට පෙනී සිටීමට උත්සාහ කර ඇති අතර එය හදිසියේ කි‍්‍රයාත්මක වීම නිසාවෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ පිස්තෝලයේ ආරක්ෂක අගුල කි‍්‍රයාත්මක කර නොතිබූ බවත් සොයාගැනීමට හැකිවූයේයැයි පොලිසිය කියයි.
ගෙවුනු වසර තුනක කාලයේ සෙල්ෆී ඡායාරූප ගැනීමට ගොස් සිදුවූ මරණ සංඛ්‍යාව ආශ‍්‍රයෙන් සකස් කර ඇති අන්තර්ජාතික වාර්තාවක පළමු ස්ථානය හිමිව තිබෙන්නේ ඉන්දියාවටයි.
සෙල්ෆී ඡායාරූප ගැනීමට ගොස් සිදුවන අනතුරු ඉහළයාමේ ප‍්‍රවණතාවක් හඳුනාගත හැකිවූ නිසා ඉන්දියාවේ ඇතැම් ප‍්‍රදේශ ''සෙල්ෆී තහනම් කලාප'' ලෙස නම් කිරීමටද පසුගිය සමයේ ඉන්දියා බලධරයෝ කටයුතු කළෝය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සෙල්ෆියෙන් එලොව යයි
අබය Tuesday, 03 May 2016 09:53 PM
පිස්තොලේ ට්‍රිගර් එකයි කැමරාවේ බටන් එකයි මාරුවෙලා ඇති (නි)
බමුණු ආරච්චි Wednesday, 04 May 2016 12:40 AM
ඉන්දියානුකාරයෝ මේ වගේ මෝඩ වැඩ කරපු පළමු වතාව මෙය නොවෙයි. (නි)
ලක්ෂ්මන් Wednesday, 04 May 2016 01:42 AM
මෙහෙමවත් වෙලා පාඩමක් ඉගෙනගත්තොත් ඇති (නි)
කන්නන්ගර Wednesday, 04 May 2016 03:13 AM
හරියට වඳුරට දැලිපිහිය අහුවුණා වගේ. (නි)
නුවන් Wednesday, 04 May 2016 07:32 AM
අබය හරි (නි)
ටෙරන්ස් Friday, 06 May 2016 03:07 AM
අනේ අද කාලේ සිද්ධවෙන දේවල්? (නි)
සංජීව Wednesday, 11 May 2016 08:27 AM
අපෝ! අපි වැඩකරන තැනත් ඉන්නවා මේ වගේ මිනිස්සු. හැබැයි හිතා ඉන්නේ ඔක්කොම දන්නවා වගේ (නි)