ඇමරිකාවේ වර්ජිනියාහි පදිංචි ඈෂ්ලි ගුයින්ඩොන් පොළිස් කාන්තාවක් ලෙස දිවුරුම් දී සේවයට ගිය පළමු දිනයේම වෙඩි ප්‍රහාරයකට ලක්වී මියගොස් ඇතැයි විදෙස් පුවත් වාර්ථා කරයි. තවත් පොළිස් නිළධාරීන් දෙදෙනකුටද වෙඩි වැදී ඇති බව වාර්ථා වේ.
නිවසක ආරවුලක් හේතුවෙන් ලැබුන දුරකථන ඇමතුමකට එහි ගිය නිළධාරීන්ට මෙසේ වෙඩි තබා ඇත. හමුදා නිළධාරියෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවත් ප්‍රාන්ත පොළීසිය පවසයි. සැකකරු නිවස තුළදී තම බිරිය මරා දමා තිබූ බවද පොළීසිය පවසයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සේවයට පැමිණි පළමු දිනයේම වෙඩි කා නසී
මොහාන් Monday, 29 February 2016 03:16 AM
රොකී, දැන් ආණ්ඩුවෙ තත්වයත් ඕකම තමයි. (නි)
ප්‍රභාත් Wednesday, 02 March 2016 04:23 AM
අනේ තවමත් ඇමෙරිකාවට ගොට්ට අල්ලනවද (බ)
මොරිස් Monday, 29 February 2016 11:17 PM
ඔය මොනවා කිව්වත් ප්‍රතිකාර නැතුව මෙහෙ මැරෙන ගණනෙන් 1% ක් වත් ඇමරිකාවේ මැරෙන්නේ නැහැ. ලෝකයේ දියුණු රටවල් අතර අපරාද අතින් ඇමෙරිකාව ඉදිරියෙන් හිටියත් අපරාද, දේශපාලන අපරාද පාතාල අපරාද අතින් නම් අපිව පරදවන්න එයාලට බැහැ. අහල බලන්න අර ජනප්‍රිය ඇමරිකානු පුරවැසියෝ දෙන්නගෙන්.(කෞ)
තල්දුවේ සෝම හිමි Monday, 29 February 2016 06:05 PM
ජීවිතය අනිත්‍යයි, මරණය නියතයි. එය කෙසේ හෝ කොහේ අප නොදැනම සිදුවනවා. මෙම කාන්තාවටත් පෙර කළ අකුසල් කර්මයක් පල දීලා. ඔබට මතු උපදින ආත්මයන්හි මෙවන් අකල් මරණයක් නොවේවායි පතමි! (නි)
මෂුඩ් Monday, 29 February 2016 04:36 PM
අහිංසක කාන්තාව ගැන කතා නොකර පුද්ගලික වාසි ගැන කතා කිරීම අපේ දුර්වල කම පෙන්වීමක් (බ)
මිලානෝ Monday, 29 February 2016 10:25 AM
ඇමරිකාවේ ලෙඩ්ඩු මළත් ගාස්තුව ගෙවන්න බැරිනම් අැතුලටවත් ගන්නේ නැහැ නමුත් ඇමරිකන් කාරයෙක් ලංකාවේදී හීනෙන් බයවෙලා ඉස්පිරිතාලෙකට ගියත් නොමිලේ බෙහෙත් දෙනවා. (බ)
මගලි ෆොන්සේකා Monday, 29 February 2016 09:49 AM
ප්‍රතිකාර මුදලට ගත යුතුය ඔව් එත් රක්ෂණ ක්‍රමයක් තියෙනවා. රක්ෂණ ආවරණයක් ගත්තාම හරි. ගොඩක් අය අරගෙන තියෙන්නේ ඇමෙරිකාවේ. හිමාල් කියනවා වගේ ඔය රටවලට බනින්න අයට විසා දෙනවා කීවොත් දේශපාලුවෝ හැර අනික අය සේරම යනවා. (ර)
නාමල් - නිව්යෝර්ක් Monday, 29 February 2016 07:47 AM
විජිත කවදාවත් ඇමරිකාවට ගිහින් තියෙනවාද? ඇමරිකාව කියන්නේ ජනගහණයට සාපේක්ෂව ලංකාවටත් වඩා අවම මිනීමැරුම් ඇති රටක්. (නි)
හිමාල් Monday, 29 February 2016 06:42 AM
ප්‍රතිකාර මුදලට ගත යුතුය. ඒත් වෛද්‍යවරු ලෙඩ්ඩු මළත් කාර් පර්මිට් වෙනුවෙන් වර්ජන නොකරති. ඇමරිකාවට බනින සමහරු එහේ පුරවැසි බව ලැබෙනවා නම් එක පයින් කැමති වෙති.(අ)
තශිරා අබේගුනවර්දන Sunday, 28 February 2016 10:29 AM
ඇමරිකාවේදී මඟතොටක හෝ පාසලකදී හෝ මහජනයා ගැවසෙන තැනක වෙඩි කා මැරුම් කනවා කියන්නේ, අපේ රටේ මහමඟ රිය අනතුරකින් මියයන තරමට සාමාන්‍ය දෙයක් (නි)
රොකී Monday, 29 February 2016 03:07 AM
බමුණු ආරච්චි කියන්නේ මිනිහෙක්ද, එහෙම නැත්නම් ද්වේශයෙන් වෛරයෙන් පසුවන මළගිය පරාණකාරයෙක්ද කියලා සැක හිතෙනවා. ඕක ඇමරිකන් ක්‍රමය නෙමෙයි උන්නැහේ. පහුගිය ආණ්ඩු කාලේ ලංකාවේ තිබුන ක්‍රමය! (නි)
විජිත් Monday, 29 February 2016 02:09 AM
ඇමෙරිකාව ගැන අපට ජාත්‍යන්තර වශයෙන් දැනගන්නට ලැබෙන්නේ ඉතාමත්ම අවම මිනීමැරුම් ප්‍රමාණයකි. එහෙත් ඒ රටේ පළවන ප්‍රාදේශීය පුවත්පතක් අරගෙන බලන්න.මරණ දැන්වීම් වැලක් වගේ.ඒ තමයි ඇමෙරිකාව. (නි)
තිලක් Sunday, 28 February 2016 11:03 PM
ඇමරිකාවේද මේ හපොයි (අ)
විදානේ Sunday, 28 February 2016 03:59 PM
අනේ දෙවියනේ! (නි)
චතුරි Sunday, 28 February 2016 03:18 PM
ඔබට අනිවාර්යයෙන් වන්දි මුදලක් ලැබෙනවා. ඒකයි ඇමරිකානු නීතිය (නි)
බමුණු ආරච්චි Sunday, 28 February 2016 03:17 PM
එච්චර ගණන් ගතයුතු නැහැ මේ ඇමරිකන් ක්‍රමය (නි)
මිලානෝ Sunday, 28 February 2016 01:09 PM
ඇමරිකාව ලොව ඇති අති බිහිසුණුම රටය. නොමිලේ වෙඩි ලැබුනත් ඒවාට ප්‍රතිකාර ගැනීමට ගෙවිය යුතුය. (නි)