සේවයෙන් පහ කිරීම නිසා කුරුසියේ ඇණ ගසාගෙන සිටින රියැදුරන් පිරිසක් ගැන වාර්තා වන්නේ පැරගුවේ රාජ්‍යයෙනි.
බස් රියැදුරන් 8 දෙනෙක් මෙසේ තම තමන් කුරුසි පත් කරගෙන සිටිති.අත් සිදුරුවී යන සේ ගසා ඇති ඇණ වලින් ඔවුන් කුරුස ගස්වලට සවිවී සිටීති.
ඔවුන් කුරුසි පත් වී දැනට දින 15 ක් ගතවී ඇත. ඔවුන්ගේ බිරින්දෑවරුන් ඔවුන් බලා කියාගෙන සිටිති.
ඇණ ගැසීම නිසා ඇතිව තිබෙන තුවාළ ඔඩු දිවීමේ තත්ත්වයකට පත්ව ඇතැයි වෛද්‍යවරු කියති.
මෙම රියැදුරන් සේවකයින් පස් දෙනා කළ ප්‍රවාහන සමාගම මොවුන් අතුරින් සේවකයින් 5 දෙනෙක් යළි සේවයට බදවා ගැනීමටත් ඉතිරි දෙදෙනාට වෙනත් රැකියා සොයාදීමටත් පොරොන්දු වී තිබේ. එහෙත් මේ රියැදුරන් 8 දෙනා පොරොන්දු කි‍්‍රයාවට නැංවෙන තෙක් ඇණ නොගලවන බව ඔවුහු කියති.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සේවයෙන් පහ කළැයි අටක් කුරුසියේ ඇණ ගහගෙන
රුපවති Tuesday, 03 September 2013 04:31 PM
අනේ ...අපේ දිනේෂ් ..මාමා !!ගොඩක් කාලෙකින් මම හැමදාම ...මග බලාගෙන හිටිය දිනේෂ් මාම..කොහෙන්ද මතුවෙන්නේ කියල...?අනේ...!දෙමාපියෝ සහෝදරයෝ ..දැක්ක වගේ හිතට සතුටක් දැනුන ..!!කොහොමද සැප සනීප ..? (දී)
ප්‍රියා Wednesday, 04 September 2013 06:22 AM
මේ සෑම පුවතකින්ම අනිත් ආගම වලට ගරහන්න එපා මිනිසුනේ. තමුන් අදහන ආගම තමන් අදහගෙන ඉන්න. ගැරහීමෙන් වෙන්නේ ගරහන කෙනාගෙයි කියවන අයගෙයි ලේ කෝප වෙන එක විතරයි. ඔය ගැරහුම් වලට කාටවත් කවුරුවත් අදහන ආගමික ඇදහිලි වෙනස් කරන්න බැහැ. (නදී)
නාතා Wednesday, 04 September 2013 06:15 AM
මේක ඇන ගහල තියෙන්නේ හොරටනේ. ලංකාවේ කෙනෙකුත් ඇති ඔතන.(නදී)
දාස් Wednesday, 04 September 2013 02:18 AM
මෙන්න කරනවානම් වැඩක්. ලෙමන් පප් එකක් කාලම පටන් ගමු.(නදී)
රාජා Wednesday, 04 September 2013 01:29 AM
ලාල් ගේ කතාව හරියටම හරි.(නදී)
දිනේෂ් Tuesday, 03 September 2013 06:36 PM
දිනේෂ් මාමා හැමදාම සැපෙන් සනීපෙන් ඉන්නව රුපවති දුවේ. මොකද අසනිපයක්වද්ද?(නදී)
දර්ශන Tuesday, 03 September 2013 05:10 PM
කුරුසේ ඇන ගැහුවම මැරෙන්නේ නැහැ කියන අය ඕක කරලා බලන්නකෝ (දී)
රානි Tuesday, 03 September 2013 05:10 PM
මේක මොන විකාර වැඩක්ද? (දී)
රිෂාර්ඩ් Tuesday, 03 September 2013 05:01 PM
නිල්මිණීලත් හොයන දේවල් ආරක්ෂක අංශයට බැදෙන්න කියක් හරි හම්බු කරගන්න පුළුවන්. (ස)
චායා Tuesday, 03 September 2013 04:43 PM
කුමාර්,වීරගේ කතාව 200%ක් හරි.කුරුසේ ඇන ගහල එල්ලුවත් මැරෙන්නේ නැහැ.අතපය තුවාල වෙයි.මොකද කුරුසේ ඇන ගැහුවම බෙල්ලද හිරවෙන්නේ. දැනගන්න කුරුසේ ඇන ගසා එල්ල තැබීමෙන් දුක් වින්දගැනීම පිලිපීනයේ,මෙක්සිකෝවේ චාරිත්‍රයක් වශයෙන් සිදුකරනවා, ජේසුස් වහන්සේට ගරු කිරීමක් වශයෙන්.(දී)
අනුර Tuesday, 03 September 2013 04:40 PM
යේසුස් වහන්සේවත් මෙවැනි ක්‍රියා අනුමත නොකරනු ඇත (දී)
ටිරල් Tuesday, 03 September 2013 01:35 PM
ඔලුවට ගහන්න ඔන ඇණ. (දී)
දිනේෂ් Tuesday, 03 September 2013 04:14 PM
විරගේ කතාව 100% හරි. කෝ කව්රුවත් මැරිලා නැහැනේ (දී).
කුමාර් Tuesday, 03 September 2013 04:06 PM
වීර, මෝඩයා!! 1 මේ කුරුසේ එල්ලිලා නොවෙයි, නිදාගෙන ඉන්නේ. ඇණ යන්තම් හමට විතරයි ඇනිලා තියෙන්නේ. (ස)
ඇසළ Tuesday, 03 September 2013 03:25 PM
අපේ කට්ටිය නම් පාරක් වහගෙන ඉදියි. කිසිකෙනෙකුට යන්න බැරි විදියට.(නදී)
නිල්මිනි Tuesday, 03 September 2013 03:19 PM
සොයා බැලීමකින් දැන ගන්න ලැබුනේ මින් 2ක් මුස්ලිම් අය වගේ.(නදී)
වීර Tuesday, 03 September 2013 03:03 PM
කුරුසේ ඇණ ගැහුවට මැරෙන්නේ නැති බවට උදාහරණයකි මේ. (ස)
ලාල් Tuesday, 03 September 2013 02:56 PM
එක දඩුවමක් ආයතනයෙන්, අනික් දඩුවම තමන් විසින්ම දෙකෙන්ම පාඩුව තමන්ට.(නදී)
ඉෂාර Tuesday, 03 September 2013 02:19 PM
ගැමුණුත් මේ ගැන හිතල බලයිද දන්නෑ. (දී)
රුපවති Tuesday, 03 September 2013 02:08 PM
අපෙත් මැති ඇමති වරුන්....මෙහෙම උප වාසය කලොත්, ජනතා සහන වෙනුවෙන්, රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන්, කාන්තා හා ළමා අයිතීන් වෙනුවෙන්, හා මහජනතවගේ ජීවන ප්‍රශ්න මෙකී නොකී සියල්ල වෙනුවෙන් සාධාරණයක් ඉල්ලලා....?එහෙනම් අපි කොපමණ වසනාවන්තයෝද කියල ,,මට දැන්ම ඉදන් අඩෙනෙවා...? (දී)
කාව්‍යා Tuesday, 03 September 2013 01:49 PM
මේ රැළේ නායකයාට වෙන මගක් තිබුනෙම නැද්ද? (දී)