සෝමාලි ජනාධිපති හසන් ෂෙයික් ගමන් කළ රථ පෙළ ඊයේ (3) සවස අල් ෂෙබාබ් ඉස්ලාමීය සටන්කාමීන්ගේ ප‍්‍රහාරයකට ලක් විය.
ප‍්‍රහාරයෙන් ජනපතිවරයාට අනතුරක් සිදු නොවුණු බව සෝමාලි ආරක්ෂක අංශ නිවේදනය කළේය. රථ පෙළ ප‍්‍රහාරයට ලක් වූයේ එරට මර්කා වරාය ආශි‍්‍රතවය. සටන්කාමීන් සැඟවී සිට ඊට පහර දී ඇත්තේ ආර්.පී.ජී. යොදා ගනිමිනි.
රථ පෙළ සමඟ එහි ආරක්ෂාවට ගමන් කළ සෝමාලි ආරක්ෂක නිලධාරීන්, සටන්කාමීන්ට ප‍්‍රතිප‍්‍රහාර එල්ල කර ඇති අතර දෙපිරිස අතර පැය කිහිපයක් තිස්සේ දරුණු අවි ගැටුමක් ද පැවැතුණු බව වාර්තා විය. සටන්කාමීන් කියා සිටියේ තම ප‍්‍රහාරයෙන් ජනපති හසන් ෂෙයික් බරපතළ තුවාල ලැබූ බවය.
අල් ෂෙබාබ් යනු උතුරු අපි‍්‍රකාවේ කි‍්‍රයාත්මක අල් කයිඩා සටන්කාමීන් සමඟ සබඳතා පවත්වන ඉස්ලාමීය සටන්කාමී සංවිධානයයි. සෝමාලියාවේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරන්නෝ ඔවුහුය.
අල් ෂෙබාබ් සංවිධානය වෙනුවෙන් එහි ප‍්‍රකාශක අබ්දුල් ආසිස් අබු මෙසාබ් අන්තර් ජාලය ඔස්සේ සෝමාලි මාධ්‍යවලට විශේෂ ප‍්‍රකාශයක් ලබා දෙමින් පවසා තිබුණේ, ජනතාව ගැන තැකීමක් නොකරන ජනතා ඡුන්දයෙන් පත් නොවුණු හසන් ෂෙයික්ට තමන් පහර දුන් බවය.
සෝමාලියාව ආර්ථික සහ දේශපාලනික වශයෙන් අර්බුද රැසකට මුහුණ දී සිටින අපි‍්‍රකානු රටකි. අල් ෂෙබාබ් සටන්කාමීන්ගෙන් එල්ල වන තර්ජන හේතුවෙන් රට තවත් අස්ථාවර වී ඇත.
අල් ෂෙබාබ් සටන්කාමීන් රට අභ්‍යන්තරයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරද්දී, සෝමාලි මුහුදු කොල්ලකරුවෝ සෝමාලියාව සහ ඒ අවට මුහුදේ භීෂණය පතුරුවති. සෝමාලි මූදු කොල්ලකරුවන්ට ද ෂෙබාබ් සටන්කාමීන්ගේ සහාය හිමිවෙයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සෝමාලි ජනපති ගමන් කළ රථ පෙළට අල් ෂෙබාබ් සටන්කාමීහු පහර දෙති
නසීර් Wednesday, 04 September 2013 02:01 PM
මේ සෝමාලියා කොල්ල කරුවන්ගෙන් හරි කරදර හිසරදය.බැරිද මෙයාලට ගුවනෙන් ගිහින් ගේම් දෙන්න. (ස)
කුමාර් Wednesday, 04 September 2013 04:16 PM
මේ ඔක්කොම අර එයාලගේ පොතකට අනුව ලෝකේ හදන්න හදන අයගෙනේ (නි)
සම්පත් Wednesday, 04 September 2013 04:35 PM
නසීර් මම ඒක සලකා බලන්නම්. (ස)