X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 30 වන සඳුදා


සෝමාලියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට බෝම්බ ප‍්‍රහාරයක්: වෙඩි වරුසාවක්

අල් ෂෙබාබ් ඉස්ලාමීය සටන්කාමීන් කණ්ඩායමක් ඊයේ (15) සෝමාලියාවේ මොගඩිෂු අගනුවර ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලට ඉතා සැලැසුම්සහගත ප‍්‍රහාරයක් එල්ල කළ අතර එයින් 26 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 58 කි.
දේශපාලනික වශයෙන් අස්ථාවර තත්ත්වයක පවතින සෝමාලියාවේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා අවුලවන්නෝ අල් ෂෙබාබ් සටන්කාමීහුය. මොවුහු උතුරු අපි‍්‍රකාවේ අල් කයිඩා සටන්කාමීන් සමඟ සම්බන්ධකම් පවත්වති. සෝමාලි මූදු කොල්ලකරුවන්ට අවි ආයුධ ලබා දෙන්නේ ද මොවුන්ය.
නව දෙනකුගෙන් යුත් සටන්කාමීන් කණ්ඩායම පළමුවෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ල ඉදිරිපිට කාර් බෝම්බ දෙකක් පුපුරුවා හැර ඇත. එම බෝම්බ ප‍්‍රහාර එක විට සිදුවූ අතර එයින් ගොඩනැගිල්ලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීහු 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
දිගට හරහට වෙඩි තබමින් සටන්කාමීන් ඉන්පසු ගොඩනැගිල්ලට ඇතුළු වූ අතර ඔවුන් දකින දකින හැමෝටම වෙඩි තැබූ බව ද වාර්තා වේ. ප‍්‍රහාරය එල්ල වූයේ ඊයේ දහවල් 12.15 ට පමණය.
සටන්කාමීන්ගේ ප‍්‍රහාරය සැලවූ විගස හමුදා භට පිරිසක් ගොඩනැගිල්ල වට කළ අවස්ථාවේදී ගොඩනැගිල්ලේ වහළයට නැගගත් සටන්කමීන් තිදෙනකු හමුදා සෙබළුන්ට වෙඩි තැබූ බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
ආරක්ෂක අංශ නිලධාරීන් සහ සටන්කාමීන් අතර පැය දෙකකට ආසන්න කාලයක් ගැටුම් පැවැතිණි. කෙසේ නමුත් අවසානයේදී ප‍්‍රහාරයට පැමිණි සටන්කාමීන් නව දෙනා මරා දැමීමට හමුදාව සමත් විය.
සෝමාලියාවේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ප‍්‍රධානී ඔගස්ටින් මගීයා කියා සිටියේ 2011 වසරේ දී මොගඩිෂු නගරයට එල්ල කළ ප‍්‍රහාරයෙන් පසු අල් ෂෙබාබ් සටන්කාමීන් එල්ල කළ දරුණුතම ප‍්‍රහාරය මෙය බවය.
මියගිය පිරිස අතර කාන්තාවන් සහ එක් දරුවකු ද සිටින බව සෝමාලි ආරක්ෂක අංශ නිවේදනය කර ඇත. තුවාලකරුවන් රෝහල් ගත කර ඇති අතර ඔවුන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතළ යැයි ද පැවැසෙයි.



අදහස් (0)

සෝමාලියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට බෝම්බ ප‍්‍රහාරයක්: වෙඩි වරුසාවක්

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site