සෞදි අරාබියේ අද (02) සන්ධ්‍යා භාගයේ සිට පවතින දැඩි සුළං සමග කුණාටු තත්ත්වය නිසා රියාද්,සහ නැගෙනහිර කලාපය ඇතුළු තදාසන්න පෙදෙස මුළුමනින්ම දුහුවිලි වලින් වැසී ඇති අතර මහා මාර්ග වල ගමන් ගන්නා වාහන සහ සාමාන්‍ය ජනතාව අධික දුවිල්ලෙන් පීඩා විදිනු දැක ගත හැකියි.මෙම දුහුවිලි කුනාටුව පිලිබඳව පුවත් පත් වලට නිවේදනයක් නිකුත් කරන සෞදි බලධාරීන් පවසනුයේ සියලුම වාහන ඉතා සුපරික්ෂාකාරීව ගමන් ගන්න ලෙසය.අද රාත්‍රී 11 පමණ වනතුරුත් පවතින දැඩි සුළං සහිත මෙම කුණාටු තත්ත්වය මත හෙට (2)දින සියලුම පාසල් වසා තැබීමට කටයුතු කර ඇත .මෙම අයහපත් කාලගුණයේ බරපතල කම කෙසේද යත් නිවෙස් සහ විදේශිකයින් ලැගුම් ගන්න නවාතැන්වල ඇතුළත සහ පිටත ඝන දුවිලි තට්ටුවක් තැන්පත්වී ඇති අතර මුළු පරිසරයම අඳුරු පැහැ ගැන්වී ඇත
වීඩියෝ කරුණා ප්‍රේමලාල්
ඡායාරුප ලලිත් ප්‍රේමලාල්
ඡායාරුප කරුණා ප්‍රේමලාල්
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සෞදි දුලි කුණාටු
කසුන් Thursday, 02 April 2015 09:06 AM
ලංකාව කොච්චර වටිනවද කියලා හිතෙනවා මේ වේලාවට..(ම)
නිලන්ත වීරසිංහ Friday, 03 April 2015 01:49 AM
දැන් අඩු වෙලා (නදී)
ඩිල්ෂාන් Thursday, 02 April 2015 09:58 PM
අපි ඉන්නේ සෞදි වල දකුණු මායිමේ. අපිට දුවිලි කුණාටු නම් නැහැ. යේමන් එක්ක යුද්ධයක් යනවා. ජීවිතේ කොයිවෙලාවෙද කියලා කියන්න බැහැ. (නි)
උපුල් Thursday, 02 April 2015 07:07 PM
මම ඉන්නේ අබුඩාබි. මගේ රැකියාව කුලී රථ රියදුරු. අම්මෝ! පුදුම දුකක් වින්දේ (නි)
ශම්මි Thursday, 02 April 2015 03:14 PM
මුළු පැත්තම දුවිල්ලෙන් වැහිලා.ලංකාවේ අගේ හරියට දැනෙනවා මෙහෙම වෙලාවට.(හේ)
චන්දික Thursday, 02 April 2015 03:11 PM
මේ පැත්තම දුවිලි වලින් වැහෙනවා.(හේ)
ගාමිණී Thursday, 02 April 2015 11:27 AM
මම ඊයෙ රෑ කටාර් වල එයා බේස් ඉදල මිසයිඩ් වලට වාහනය පදවන්න මාර පරිප්පුවක් කැවා. (ස)
ප්‍රේමානන්ද Thursday, 02 April 2015 10:51 AM
මේ කුණාටුවට මා හසු වුණා. වාහනය පදවන්න පාර පේන්නේ නෑ. මෙහි භයානකත්වය වචනයෙන් පැහැදිලි කරන්න බැහැ. තෙරුවන් බලයෙන් කිසිම කරදරයක් වුනේ නැහැ. (ස)
කමල් Thursday, 02 April 2015 10:30 AM
වැහැල මේවා නැතිවේවා. අනේ දෙවියනේ අපිට වහින්න. ඩුබායි අපි . (ස)
අමිල- ඩුබායි Thursday, 02 April 2015 10:25 AM
ඩුබායි තාමත් දූවිල්ලෙන් වැහිලා තියෙන්නේ...වැඩ නිම වී කාමරයට යන එක තමා ප්‍රස්නේ....(ස)
අරුණ ශාන්ත Thursday, 02 April 2015 10:22 AM
මමත් දම්මං වල ඉන්නේ. රූම් එක ඇතුලෙවත් ඉන්න බෑ. පුදුම දුවිල්ලක් තියෙන්නේ. (ස)
තාරකා Thursday, 02 April 2015 09:56 AM
දෙවියන්ට මොනවත් කරන්න බැරිද මේ දෙයට ? (ස)
නිරුප Thursday, 02 April 2015 06:57 AM
ඩුබායි දූවිල්ලෙන් වැසී රතුපාට වී ඇත. (ස)
රොෂාන් Thursday, 02 April 2015 08:50 AM
කියල වෑඩක් නෑහෑ මුලු කුස්සියම අද හෝදන්න වෙනව දොර යටින් දුවිලි කුස්සියට ඈවිත් කුස්සියම දුබුරු පාටයි කොහොමද සවුදියේ කට්ට.(ම)
ඉන්දික- බහරේන් Thursday, 02 April 2015 08:32 AM
බහරේන් වල පාරවල් හොයාගන්න බැරි විදියට වැලි කුණාටු අවා ඊයේ රාත්‍රියේ. අපේ වාහන ගෙවල් සහ කාමර ඇතුල සිහින් දුවිල්ලෙන් වැහිලා.(ම)
ශාන සෞදි අරාබිය Thursday, 02 April 2015 08:31 AM
දැන් අපට පායන්න පටන් ගත්තා. එතකොට දුවිලි කුණාටු එන එක සාමාන්‍ය දෙයක්. සුළඟ හැම වෙලේම තියනවා. සමහර වෙලාවට පාරේ යන්නවත් පේන්නේ නෑ. වාහනයකින් එළියේ හෝ වාහනයක් එනතරු හෝ ඉන්න උනොත් හරිම අමාරුයි. සුළඟ තද කමට හිටවල තියන ගස් පවා ගැලවිලා වැටෙනවා. එ් වෙලාවට එන දුවිල්ල ඉතාමත් සියුම්. දොර ජනෙල් අතරින් ගෙවල් ඇතුලට එනවා. අප දැන් ඒවා පුරුදු වෙලා. 50-52 c විතර යනකල් රත්වෙනවා. පායන කාලෙට සුළඟ නිසා දැනෙනවා අඩු උනාට සුළඟ මූනට වදිනකොට පිච්චෙනවා වගේ දැනෙනවා. (ස)
රවින්ද්‍ර ප්‍රබාත් විජේතුංග - අබුඩාබි Thursday, 02 April 2015 08:24 AM
මම ඉන්න අබුඩාබි වලත් ඊයේ රාත්‍රී සිට මෙවැනි දුවිලි කුණාටු දකින්නට ලැබුණා. දිවා කාලයේද මෙවැනි තත්වයකුයි තිබුණේ (නි)
මුසෙන් Thursday, 02 April 2015 08:17 AM
ඊයෙ රෑ බහරේන් වලටත් දූවිලු කුණාටු තිබුනා. දැන් නම් හරි (නි)
රසිකා Thursday, 02 April 2015 08:16 AM
මෙහෙත් ගන්න දෙයක් නැහැ. හැමතැනම දූවිලි. ලංකාවේ ඉන්න වාසනා කරන්න ඕනෑ. (නි)
මොහමඩ් Thursday, 02 April 2015 07:53 AM
දමාම් වල මම ඉන්න ප්‍රදේශයේ අඩි 20 ක් දුරින් ඉන්න කෙනා පෙනෙන්නේත් නැහැ. (නි)
මුරලි Thursday, 02 April 2015 07:42 AM
කටාර් වලත් ඉතාම අයහපත් කාළගුණයක් තිබෙන්නේ (නි)
නිලාන් (දෝහා) කටාර් සිට Thursday, 02 April 2015 07:34 AM
කටාර් වලටත් ප්‍රභල දුවිලි කුණාටුවක් ආවා.අපි බොහොම අමාරුවෙන් කාර්යාලයට ආවේ. පාරවල් මුළුමනින්ම දුවිලි වලින් වැසී තිබුණා. එහෙත් දැන්නම් දුවිලි කුණාටුව අඩුවෙලා. (නි)
රංජිත් සිල්වා Thursday, 02 April 2015 07:26 AM
මගේ සිරි ලක වාසනාවන්. ලංකාවේ ඉපදුණු අපිත් පිං කර තියෙනවා (දිල්)