X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


සෞදි ඉරාන විරසකය දුරදිග යයි?

සෞදි අරාබිය ඉරානය සමග තිබූ සියළු රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධකම් අත්හැරිය බව සෞදි විදේශ අමාත්‍ය අඩෙල් අල් ජුබෙයිර් මහතා නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්ථා කරයි. සවුදියේ සිටින සියලුම ඉරාන රාජ්‍යතාන්ත්‍රිකයන්ට පැය 48ක් ඇතුලත රටෙන් පිටවන ලෙස නියෝග කැර ඇතැයිද වාර්ථා වේ.

ෂියා මුස්ලිම් පූජක ෂෙයික් නිමර් අල්-නිමර් සමඟ තවත් හතළිස් හය දෙනෙකු පසුගිය සෙනසුරාදා සෞදි රජය විසින් මරා දැමීම නිසා දෙරට  අතර මතබේදාත්මක තත්වයන් වර්ධනය විය. සෞදි බලධාරීන් පවසන්නේ ඔවුන්ට මරණ දණ්ඩනය ලබා දුන්නේ ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ වී ඇති නිසා බවයි. නමුත් මෙය ප්‍රතික්ෂේප කරණ පූජක ෂෙයික් නිමර් අල්-නිමර්ගේ අනුගාමිකයන් පවසන්නේ සෞදි රාජාණ්ඩුව විවේචනයට ලක් කිරීම නිසා තම නායකයා මරා දැමූ බවයි. මෙම සිද්ධියට පසු ඉරානයේ ටෙහෙරාන් නුවර පිහිටි සෞදි තානාපති කාර්යාලයට විරෝධතාකරුවන් පිරිසක් කඩා වැදී එම  ගොඩනැගිල්ලට ගිනි තබා තිබුණි.

ප්‍රධාන පෙලේ මුස්ලිම් පුජකවරයෙකු මරා දැමීම වෙනුවෙන් සෞදි අරාබියට එරෙහිව ඉරානයේ  නායක අයතොල්ලා කුමේනි සිය විරෝධය පලකරමින් ප්‍රකාශ නිකුත් කැර තිබුණි.



අදහස් (0)

සෞදි ඉරාන විරසකය දුරදිග යයි?

විජිත් Monday, 04 January 2016 12:36 PM

මේ ප්‍රශ්න ඔක්කොම කලින් සිටම බුද්ධිමත්ව සැලසුම් කල ඒවායි. දෙවන ලෝක යුද්ධයෙන් පසුව අරාබි රටවල් සියල්ලම එකතුවුනා. එකම පවුලක සහෝදරයින්වාගේ. ඒ කාලයේ තමයි කාටත් හොරා "ඊස්රයලය." බිහිවුනේ. ඇමෙරිකාවේ ආශීර්වාදයෙන් ලෝකයවටා විසිරි සිටි ධනවත් යුදෙව්වන්ගේ අවශ්‍යතාවයට . පලස්තීනයෙන් කොටසකුත් ඊශ්රයලය බලෙන් අල්ලාගත්තා.අවසානයේදී අරාබි ඊශ්රායල් යුද්ධය ඇරඹුනා 1960 ගණන්වල. අරාබි රටවල් ඔක්කොම එකතුවලා ඊශ්රායලයට පහරදුන්නා. නමුත් ඉතාමත්ම බුද්ධිමත් ඉශ්රයල්වරු විවිධ උපක්‍රම මගින් සටන ජය ගත්තා. මේ සටනේ ගිනි පුපුරු හැමදාමත් අළු යට තිබී විටින් විට මතුපිටට පැමිණිය. අරාබිරටවල් ටික එකිනෙකාට සතුරු කලොත් තමන්ගේ පැවැත්ම සදහටම තහවුරුවනබව ඊශ්රායලය තේරුම් ගත්තා. විවිධ රහස් ඔත්තුසේවාවන්ගේ විවිධ උපක්‍රම මගින් අවසානයේදී අරාබින් එකිනෙකා විරසක වුනා. අනාගතයේදී තව තවත් ප්‍රශ්න ඇතිවේවි. (ර)

:       0       0

බෙන්තර මහේෂ් Monday, 04 January 2016 12:38 PM

ඇමෙරිකාවට කරගන්න බැරි වුන දෙයක් ඉබේම වෙනවා. (ර)

:       0       0

රොක්ස් Monday, 04 January 2016 01:42 PM

මෙය ඉරානය ගත් හොඳ පියවරක් මෙය සියා සුන්නි ගැටළුවක් මිස ඇමරිකාව මැදිහත් වීමක් නොව, සෞදි නගරයක් තියනව කතිෆ් කියල සියලුම ශීයා වැසියන් වාසයකරන්නේ මෙහි පමණි. පුදුමාකාර පොලිස් මුරකාවල් යොදා තියන නගරය වටකර(බ)

:       0       0

අලි Monday, 04 January 2016 01:45 PM

මේකත් කොහෙන් හරි කෙලවර වෙයිනේ (බ)

:       0       0

චන්න Monday, 04 January 2016 02:31 PM

සෞදිය කියන්නේ ඇමෙරිකාවේ රුකඩ බළල් අතක් (බ)

:       0       0

රොක්සි Monday, 04 January 2016 07:30 PM

සෞදිය ඇමරිකාව සමඟ සිටිය නිසා ලෝකයේ දෙවන කර්මාන්ත පුරයට හිමිකම් කියන්නේ. දැන් දැන් තෙල් මිල අඩුවන නිසා වැලේවැල් නැතුව ඉන්නේ. (නි)

:       0       0

නීල් Monday, 04 January 2016 10:38 PM

විජිත්, ඔටෝමන්කාරයෝ රෝමන්කාරයෝ යුදෙවුවෝ ඊශ්‍රායලෙන් පැන්නුවේ වසර දාහකට පමණ පෙර. එහෙන් පැනපු යුදෙවුවෝ මිලියන ගානක් හිට්ලර්ගෙන් මැරුම් කෑවේ අරාබිකාරයන්ගේ පදේට. යුදෙවුවෝ නැවත ඊශ්‍රායලයට පැමිණියා මිස බලෙන් ඇල්ලුවේ නැහැනේ. (නි)

:       0       0

සමරසේකර Monday, 04 January 2016 11:52 PM

"අසළ ගෙයක සොරකම් ගිය දවසක කුහුල් සිතින් ඉන්නේ තම ගෙය රැක " කියලා කියෙන්නෙ කට කහනවට නෙමෙයි. අපේ ඇසේ අනෙමින් තිබෙන පොල් පරාලය ගණන් ගන්නේ නැතුව අනුන්ගේ ඇසේ ඇති ඉසකේ ගස දිහා මෙතරම් විමසිල්ලෙන් බලන්නේ මොකටද? ඔය ෂියා සුන්නි දෙගොල්ලන්ටම උදවුදෙන ඉරානය සහ සෞදිය යන දෙරටම තරඟයට අපේ රටේ විවිධ මතවාද වපුරනවා. ඒකෙ ආරම්භක ප්‍රතිඵල දැනටමත් පෙනෙන්න තිබෙනවා. මේක තමයි අපේ ඇසේ ඇනෙමින් තිබෙන පොල් පරාලය. ඒ ගැන හිතන්න කාලය තවමත් ඇවිල්ලා නැද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site