සෞදි කාන්තාවන්ට ඡන්දය ඉල්ලීමටත් ඡන්ය ප්‍රකාශ කිරීමටත් ඉතිහාසයේ ප්‍රථම වතාවට අද අවස්ථාව ලැබී ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි. එම අවස්ථාව ලැබී ඇත්තේ නගර සභා ඡන්ද විමසීමේ දී ය. මෙවර ඡන්දය සඳහා අපේක්ෂිකාවන් 978 දෙනකු ඉදිරිපත් වී තිබීම ද විශේෂත්වයකි. ඔවුන් සමග සෞදි පිරිමි 5938ක් තරඟ වැදීමට සුදුසුකම් ලබා සිටිති. ඡන්දය දීම සඳහා 130,000ක් පමණ කාන්තාවන් පිරිසක් සුදුසුකම් ලබා සිටින බව ද බීබීසී පුවත් සේවය පවසයි. සෞදියේ පිරිමි ලක්ෂ 13ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිති.
අපේක්ෂිකාවන්ට කතා කරන්නට අවස්ථාව ලැබි ඇත්තේ පිරිමි අපේක්ෂකයන්ගෙන් වෙනකරන ලද ස්ථානයක සිටිමිනි. නැතිනම් පිරිමි අයකු විසින් එම කාන්තාවන් නියෝජනය කරමින් කාන්තා අපේක්ෂිකාවගේ අදහස් ප්‍රකාශ කළ යුතුය. .නගර සභා සතු බලතල සීමා සහිත වුව ද මේ මැතිවරණය සෞදි කාන්තාවන්ට ඉතා වැදගත් අවස්ථාවක් බව විචාරකයෝ කියති.
කෙසේ වෙතත් කාන්තාවන්ට රිය පදවාගෙන ඡන්ද මධ්‍යස්ථානයට යාමට අවසර නොමැති බැවින් අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක අබර් නම් කුලී රථ සේවාවක් යොදා ගනිමින් ඡන්ද මධ්‍යස්ථාන වෙත යාමට අවසරය ඇත.
මෙවර මැතිවරණයෙන් තේරාගන්නා සභිකයන් සංඛ්‍යාව 2100කි. සෞදි රජුගේ අවසරය ඇතිව වැඩිපුර 1050ක් එක්කළ බැවින් එතරම් ප්‍රමාණයකට මෙවර අවස්ථාව උදාවී ඇත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සෞදි කතුන්ට ඡන්ද වරම් ලැබෙයි