සෞදි අරාබියේ අෂ්රෆ් ෆයාද් නමැති කවියාට එරට අධිකරණය පැනවූ මරණ දණ්ඩනය ස්ථිර වී ඇතැයි විදෙස් පුවත් සේවා කියයි.
ඉස්ලාම් දහම ප්‍රතික්ෂේප කිරීම, අධිකරණයෙන් වරදකාරියකවූ ස්ත්‍රියක් ඡායාරූපයට නගා එම ඡායාරූප ජංගම දුකරථනයේ තබා ගැනීම හා සෞදියේ අන්තර්ජාල නීති උල්ලංඝනය යන චෝදනා මත ඔහුට පසුගිය නොවැම්බර් 17 වැනිදා මරණ දඬුවම නියම කළ අතර එතැන් සිට දින 30ක කාලයක් අභියාචනා සඳහා යොමු කෙරුණද මේ වන විට එය ස්ථිර කර ඇතැයි කියති.
මරණ දණ්ඩනය ලැබීමට තරම් දෙයක් තමා නොකළ බවත් මේ තීන්දුව ඇසීමෙන් තිගැස්සුණු බවත් අෂ්රෆ් ෆයාද් පවසා ඇත.
ෆයාද් කවියාට හිමිවූ දඬුවමට විරෝධය පළ කරමින් ජාත්‍යන්තරයෙන් විශාල හඬක් නැගුණු අතර ඔහුට නීතිඥයකුගේ සහායක් ලබාගැනීමට ඉඩ නොදීම ජාත්‍යන්තර මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බව ක්ෂමා සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සෞදි කවියාගේ මරණ දඬුවම ස්ථිරයි
වත්සලා Tuesday, 19 January 2016 06:16 AM
බාඳුරා මලෙහි උපන් කෘමියෙක් මරණයෙන් බේරා ගන්න කාටද පුළුවන් (බ)
සනත් Tuesday, 19 January 2016 06:44 PM
සෞදියේ ක්‍රියාත්මක වෙන්නේ අවුරුදු එක්දහස් හයසීයකට පෙර සම්පාදනය කළ වැඩවසම් යුගයටවත් නොගැළපෙන මිත්‍යාදෘෂ්ටික නීතියක්. (නි)
මිනිපෙ Tuesday, 19 January 2016 04:13 PM
හැම රටකම ආගම හා රජය අතර සම්බන්ධය බිද හෙළ යුතුයි. (බ)
සෑම් Tuesday, 19 January 2016 03:14 PM
මම මෙය හෙලා දකිනවා එ්ත් අපිට මොනවද කරන්න පුළුවන්. ගොන් හරක් පකිස්තානයේ ළමයෙක්ට තමාගේ අත තමාම කපා ගන්න කියලා නබි තුමාට අපහාස කරා කියල. ඒ ළමයාට ප්‍රශ්නේ තේරෙන් නැතිව අත නොදන්න කමට උස්සපු නිසා. (බ)
ජයලත් Tuesday, 19 January 2016 02:44 PM
කණගාටු වෙන්න එපා මිනිහ හොඳ කෙනෙක් වෙන්න ඇති නමුත් සතුටු වෙමු උන්ගෙන් කෙනෙක් හරි අඩු වුනා කියල (බ)
රොකී Tuesday, 19 January 2016 02:35 PM
අපේ ප්‍රාදේශීය සභා කාරයෙකුව එහෙට යවලා ඒ හිලවුවට මොහුව බේරා ගන්න බලමුද? (බ)
මහමදුල්ලා Tuesday, 19 January 2016 12:46 PM
මම නම් කියන්නේ මොහුව මැරුවොත් ලංකාවේ ඉන්න මුස්ලිම් අය 100ක් පිටුවහල් කළ යුතුයි (බ)
සේන Tuesday, 19 January 2016 10:30 AM
මේ තිරිසනුන්ටත් අන්ත මිනිසුන් ඉන්න රටකට ලංකාවේ අයට රස්සා වලට යන්න දෙන්නේ ඇයි.? (බ)
ආරච්චිගේ Tuesday, 19 January 2016 10:34 AM
ඇත්තටම ඔහු මරන්න තරම් වරදක් කරලා නැහැ .ඒ නිසා ඔහුට සමාව දිය යුතු .මේ බව තේරුම්ගන්න බැරි මිලේච්ඡ මිනිසුන්ට දේවදත්තට වුන දේ තමා වෙන්නේ. එ්ක කාටවත් නවත්වන්නට බැහැ. (බ)
චන්න Tuesday, 19 January 2016 06:58 AM
මට තාමත් මතකයි. මේ අපේ අයම තමා කොණ්ඩයාටත් ෂරියා නීති සරිලන බව මුල් කාලයේ උස් හඬින් පැවසුවේ. අන්තිමට මොනවද වුණේ? (නි)
වත්සලා Tuesday, 19 January 2016 07:04 AM
ජයවීර කාටද කිව්වේ ඒක? (නි)
චන්න Tuesday, 19 January 2016 06:52 AM
ජයවීර හරි. අදහස් පළකරන්න පෙර අමතරව හොයලා බැලීම ඇඟට ගුණයි. සෞදියේ තිබෙන නීතිරීති තද නිසා තමා ඒ රටේ නිඳහස ඉහළ මට්ටමින් පවතින්නේ. ළමා සහ ස්ත්‍රී අපරාධ ඉතා අඩුවෙන් පවතින්නේ. අපේ පොඩි ලංකාවේ වෙන දේ අපි හැමදාම පත්තරේ බලනවා නේද? (නි)
ජයවීර Tuesday, 19 January 2016 06:28 AM
අදහස් පළකරන්න පෙර අන්තර්ගතය පිළිබඳ තේරුම් ගන්න (බ)
රොකී Monday, 18 January 2016 01:53 PM
මුන් තිරිසන්නු!ඔහුට මරණ දඬුවම් පැමිණවීම ගැන මගේ දැඩි විරෝධය පල කරමි! (බ)
රුස්ලන් Tuesday, 19 January 2016 05:46 AM
අපිට වෙනත් රටක නීතිය වෙනස් කරන්න පුළුවන්කමක් නැහැ. (නි)
ශ්‍රීනාත් Tuesday, 19 January 2016 04:34 AM
කණගාටුයි අපිට (නි)
ටානියා Tuesday, 19 January 2016 03:55 AM
මම නොදන්න නිසා අහනෙ ඔය සෞදි අරාබිය ඉස්ලාම් අාගමේ මවු බිමනේ..ඔය රට හරියටම ඔය ඉස්ලාම් අාගමේ කියලා තියන දේවල් කරනවද..මොකද හුගක් ඔය කරන දේවල් ගෝත්‍රික සමාජ කරපුවා (බ)
ගීතා Tuesday, 19 January 2016 03:17 AM
අපරාදේ වටිනා ජීවිතයක්! (නි)
රූපසිංහ Monday, 18 January 2016 10:02 PM
බය වෙන්න එපා ප්‍රියන්ත. සෞදියේ පමණක් නොවෙයි මුළු ලෝකයේම පෙට්‍රල් පරිභෝජනය සඳහා තිබෙන්නේ තව අවුරුදු 50කට 60කට පමණයි. ඊටපස්සේ ඔය අරාබිකාරයින් දැන් දක්වන නැටුම් නටලා ඉවරයි. දැන් සිටම ලොව තාක්ෂණික වශයෙන් දියුණු රටවල් වෙනත් ඉන්ධන සොයන්නට උනන්දුවනවා. ඇමරිකාව ඇතුළු මුළු යුරෝපයම උනන්දු වන්නේ මෙවැනි වෙනත් ශක්තිය උත්පාදනය කරන තාක්ෂණ සොයාගැනීමටයි. (නි)
සුමාල් පෙරේරා Monday, 18 January 2016 05:20 PM
ලොකුම විහිළුව තමයි මානව හිමිකම්වලට ගරු නොකරන සෞදි අරාබියාවේ රජ කුමාරයෙක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් නිලයක් දැරීම. (නි)
අජන්ත Monday, 18 January 2016 04:44 PM
අපේ රටේ මිනිසුන් අරාබි රට වලට රැකියා සඳහා යැවීම නතර කළයුතුයි. ජීවිතයක වටිනාකම නොදන්නා ජාතියක් හැටියටයි මා ඔවුන් දකින්නේ.
පද්මප්‍රිය Monday, 18 January 2016 04:27 PM
කෝ මානව හිමිකම් රකින අය හා රටවල්. ඔවුන් නිදිද? (නි)
දුමින්ද Monday, 18 January 2016 03:26 PM
මරණයේ කවිය
අයිකේඑස් චන්ද්‍රසිරි Monday, 18 January 2016 03:05 PM
සෞදිවල මේ වගේ හොඳ මිනිස්සුත් ඉන්නවා (බ)
ප්‍රියන්ත Monday, 18 January 2016 02:58 PM
මේ රටවල් වල ඉන්නේ උගත්කමක් නැති පට්ට මෝඩයෝ . තෙල් මිල තවත් පහත වැටිලා නැතිවෙලා යනවනම් නියමයි . ලාංකිකයන් වහල් වැඩට යැවීම නැවත්වීම බලධරයන්ගේ වගකීමයි (බ)
චතුරි Monday, 18 January 2016 03:00 PM
කිසිම ප්‍රශ්නයක් නැහැ ඔය ආගම අදහන්න එපා , බලන්නකෝ අපි ඉන්න ලස්සන හැම දෙයකම කාලා ඇදල (බ)