රජ සැප අතහැර සාමය වෙනුවෙන් අයිඑස්අයිඑස් අන්තවාදීන් හා සටන් වැදීමට සෞදි රජකුමරුවෙක් එක්ව සිටී.
කලේඞ් බින් සල්මාන් කුමරු සෞදි අරාබි රජ කිරුළට උරුමක්කාරයෙකි.නමුත් ඔහු සෞදි අරාබියා ප්‍රහාරක ගුවන් නියමුවන් කණ්ඩායමක් හා එකතුව අන්තවාදීන්ට එරෙහිව ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටී.
මේ ගුවන් නියමු කණ්ඩායමේ එක්සත් අරාබි එමිීර් රාජ්‍යයේ පළමු කාන්තා ගුවන් හමුදා නියමුවරිය වන මේජර් මේරියම් අල් මන්සූරිද සිටින්නීය.උපාධිධාරිනියකද වන ඇය තම කාලය අයිඑස්අයිඑස් ත්‍රස්තයින් මැඞීම සදහා කැපකර ඇත්තීය.
අන්තවාදීන්ට සහය දක්වන්නේයැයි එක්සත් ආරාබි එමීර් රාජ්‍යය ඇතුළු බලවත් මැදපෙරදිග රටවලට චෝදනා නැගී තිබියදී මෙසේ රජකුමරුවෙකුද,තම පළමු ගුවන් නියමුවරියද අන්තවාදීන්ට එරෙහිව සටන් වදිමින් සිටීම ලොව රටවල් අරාබිකරය ගැන ඇති දුර්මතයන් ඉවත් කර ගැනීමට මග පාදනු ඇතැයි අරාබි නායකයින් විශ්වාසයෙන් සිටී.
ගුවන් නියමු කණ්ඩායම එල්ල කර තිබෙන ප්‍රහාරයන්ද මේ දක්වාම ඉතා සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන තිබෙන අතර ඒ නිසාවෙන්ම කණ්ඩායමේ සාමාජිකයින්ට ලැබෙන මරණ තර්ජනයන්ගේද නිමක් නොමැති බව සඳහන්ය.
මැදපෙරදිග උද්ගතව ඇති තත්ත්වය තෙවන ගල්ෆ් යුද්ධය ලෙස යුධ විචාරකයෝ හඳුන්වති.දැනටමත් ඇමරිකාව අන්තවාදී ඉලක්ක වලට ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටින අතර නුදුරේදීම බි්රතාන්යයද ඇමරිකාව හා හවුල් වීමට නියමිතය.
ගුවන් ප්‍රහාර එල්ල කළද හමුදා භටයින් අරාබිකරයේ මෙහෙයුම්වලට අනුයුක්ත කිරීමේ අදහසක් නැතැයි දෙරටම නිවේදනය කර ඇත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සෞදි කුමාරයාත් ත්‍රස්ත සටනට
අර්ජුන් Friday, 26 September 2014 03:30 PM
ඉතා හොදයි (දී)
මොහාන් රාජපක්ෂ Monday, 29 September 2014 09:50 AM
පිටිගල බොරුනේ කියන්නේ. (නි)
ජිනේන්ද්‍ර Monday, 29 September 2014 04:21 AM
පිටිගල මෙතන මිනිස්සු අන්දන්න හදන්න එපා (දී)
රෙහාන් Sunday, 28 September 2014 10:22 AM
මමත් ආසම ගුවන් හමුදාවට (දී)
නසුර්දින් නිසම්දින් Sunday, 28 September 2014 07:42 AM
හොඳ ආදර්ශයක්. අපේ සමහරු නම් දැන් කියයි ඕකත් කුමන්ත්‍රණයක් කියලා. අන්තවාදයට විරුද්ධව(දී)
ද සිල්වා බර්ලින් Saturday, 27 September 2014 01:45 PM
සවුදි , කටාර් ඇතුළු රජයන් පසුගිය අවරුදු කිහිපයේම මෙවැනි අන්තවාදී කල්ලි වලට මුදලින් උපකාර කල බව කවුරුත් දන්නා දෙයක් .(දී)
බණ්ඩාර නුවර Saturday, 27 September 2014 07:31 AM
අවි ගත්තෝ අවියෙන් නසී , බුදු දහමේ කියන්නේ සත්‍ය කියා වැටහෙනවා නම් , මේවා සිදුවන්නේ නේ , අපේ රටෙත් කාලයක් අවි ගත් ත්රස්තවාදීන් සිටියා , ඔවුනුත් අවියෙන්ම නෑසුනා (අ)
පිටිගල Saturday, 27 September 2014 03:44 AM
ඒ වුණාට ලංකාවෙන් හමාස් ත්රස්තවාදීන්ට මිලියනයකින් ආධාර කලේ? මොනවා බලාපොරොත්තුවෙන්ද? (අ)
හමීඩ් රියාඩ් Saturday, 27 September 2014 03:39 AM
නුවණ් ඔයා අදම ඇස් දෙක ඇරලා බලන්න. ඕක බොරුවකට හා සමානයි. තවත් අන්තවාදී අදහස් දැමීමෙන් වලකින්න.(අ)
මොරිස් Friday, 26 September 2014 11:19 PM
මෑත ඉතිහාසයේ එහෙම ප්‍රභූවරයෙකුට යුද බිමේදී අනතුරක්වත් වෙලා කියලා අහලවත් තිබෙනවද? (නි)
දේව් Friday, 26 September 2014 08:36 PM
ඇෆ්ඝනිස්ථානයේ,ඉරාකයේ,සිරියාවේ ලිබියාවේ සහ බොහෝ රට වල ත්‍රස්තවාදය බිහිකළේ සමහර අයගේ වීර ඇමෙරිකාව බව සිතන අය හෝ දන්නා අය එතරම් නැතිසෙයක් පෙනේ.මුදල් හා විනාශකාරී ආයුධ දෙමින් ත්‍රස්තවාදය බිහිකළේ ඔවුන්ය. කෙනෙකුට අවි ආයුධ දී අනෙකා විනාශ කිරීමේ කාලයයි මේ. (නි)
පියල් Friday, 26 September 2014 05:37 PM
මමත් ඉතින් වරදක් නම් දාකින්නේ නැහැ (දී)
රන්ජිත් Friday, 26 September 2014 05:13 PM
පසන් මල්ලි, අපේ රටේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමු වරියන් ඉන්නවා. (දී)
නිසංසලා සෙනෙවිරත්න Friday, 26 September 2014 03:43 PM
මේවයේ අපි නොදකින පැත්තක් තියෙනවා , මේවා සියල්ලම විදුරුවක කුණාටුව වාගේ , අැමරිකානුවගේ කොට කබායේ හැංගිල කරන සෙල්ලම්. (ස)
නුවන් Friday, 26 September 2014 05:44 AM
බුර්කාව ඕනේ කියල කෑ ගහන අන්තවාදීන්ට හොඳ ඡායාරුප පෙළක් තියෙනවා බලන්න! (ස)
පිටබැද්දර ජයා Friday, 26 September 2014 01:58 PM
ඇමරිකාව තමයි ඇමරිකාව කියන්නේ. පත්තු කරන එක පත්තු කළා නියමෙට. මම හිතන්නේ මේවා ඉගෙනගන්න ඇත්තේ අපේ රටෙන්වද්ද කියලා. දැන් ඉතින් ඒ ගොල්ලෝ ඒ ගොල්ලෝ මරාගන්නවා (නි)
මොරිස් Friday, 26 September 2014 01:41 PM
බ්‍රිතාන්‍ය රජ පවුලේ අය ඇෆ්ගනිස්ථානයට යන්නේත්, සමහර රටවල ජනාධිපතිවරුන්ගේ දරුවන් හමුදාවක නිලතල දරන්නෙත් මෙම සිද්ධාන්තයට අනුව බව මගේ අදහසයි. (නි)
ශෂී Friday, 26 September 2014 12:18 PM
හොඳ ආදර්ශයක්. අපේ සමහරු නම් දැන් කියයි ඕකත් කුමන්ත්‍රණයක් කියලා. (නි)
ලකිශානි Friday, 26 September 2014 09:54 AM
අනේ මන්දා රටක් තිබිලා එපායැ රජ කරන්න (දී)
පසන් Friday, 26 September 2014 09:12 AM
අරාබි රටවලටත් හොඳ අත්දැකීමක් ගන්න පුළුවන් අවස්තාවක්. කාන්තා අයිතීන් උල්ලන්ඝනය කරනවා කියන ජාතියේම ගුවන් නියමුවරියන් ඉන්නවා. නමුත අපේ? (ස)
බණ්ඩා Friday, 26 September 2014 08:42 AM
හරියටම හරි වට කරලම ගහන්න ඕනේ ..... (ස)
චාමිකර Friday, 26 September 2014 07:56 AM
හොඳ වැඩක් (දී)
මිගාර Friday, 26 September 2014 07:54 AM
අවවාදයට වඩා ආදර්ශය උතුම් (දී)
රසික Friday, 26 September 2014 07:28 AM
මලිත් ඔය කාවද මේ රවට්ටන්න හදන්නේ. ඔයාගේ නම බොරුවක් සෞදි අරාබිය තරම් අන්තවාදී මිනිස්සු සිටින රටක් ලෝකේ කොහෙවත් නැහැ. රෙදි අපුල්ලන්න එපා (නදී)
කුමාර Friday, 26 September 2014 07:06 AM
සදාම් හුසේන් හිටියම් හොඳයි නේද? (ස)
නව්ෂාඩ් Friday, 26 September 2014 06:43 AM
අයි.එස්.අයි.එස් ත්රස්තවාදීන් සෞදි අරාබියටද තර්ජනය කොට තිබෙනවා.ඔවුන්ගේ අනාගත සිහින රාජ්‍යයට සෞදියත් ඇතුලත් කර තිබෙනවා.ප්රභාකරන් ඊලාම් සිතියමක් නිර්මාණය කලා සේ මොවුන්ද සිතියමක් නිර්මාණය කරලා. එමනිසා මනුෂ්‍යත්වයට එරෙහි මොවුන් පරාජය කිරීමට සෞදි රජ කුමරෙක්ම ඉදිරිපත් වීම දෙවියන් වහන්සේම මොවුන්ට දඬුවම් දීමට එව්වා හා සමානයි.(අ)
මලිත් Friday, 26 September 2014 06:37 AM
ඇත්තවශයෙන්ම අගය කල යුතු දෙයක් මෙය. මේ දෙදෙනා අන්තවාදීන්ට පක්ෂ මුස්ලිම් රටවලට මාහැඟි ආදර්ශයක්. අන්තවාදයට, ත්රස්තවාදයට සවුදි අරාබිය, එ.අරාබි එමීර් රාජ්‍යය කවදත් විරුද්ධයි. (අ)
කාරියවසම් Friday, 26 September 2014 05:51 AM
අපේ කුමාරයෝ...? (ස)