X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 26 වන සෙනසුරාදා


සෞදි ගිය ලක් කතට යළි එන්න සිත් නොදේ

මිට වසර විස්සකට පෙර සෞදි අරාබියේ ගෘහසේවිකාවක ලෙස පැමිණි ලාංකික කතක් මවුබිමට යාම ප්‍රතික්ෂේප කළ බව සෞදි අරාබියේ නැගෙනහිර කලාපිය ජංගම සේවයේ ආරංචි පවසයි.

අබ්දුල් හසන් සිතති ජසිමා (63) මාතලේ කයිකාවෙල පදිංචිව සිට ඇති අතර ඇය තම හාම්පුතාගේ අරාබි ජාතික රියදුරු සමග ජංගම සේවයට පැමිණ සිටියේ ගමන් බලපත දීර්ඝ කර ගැනීම සදහාය. තමා වෙල්ලන් තැන්න  පදිංචි කාරියක් බවත් මිට වසර විස්සකට පෙර සෞදි අරාබියේ ගෘහ සේවයට පැමිණි බවත් අකුරු කියවීමට හෝ ලිවීමට නොදන්නා නිසා පවුලේ කිසිවකු සමග සම්බන්ධතා පැවැත්වීමට නොහැකිවූ බවත් ඇය කීවාය.

මේ දක්වා තමාගේ දරුවන් හෝ ඥාතීන් පිළිබඳව කිසිදු තොරතුරක් තමා සතුව නොමැති බවත්. ඇය සතුව ජංගම දුරකතනයක්  තිබුනද දැන් මෙන් එකල එම පහසුකම් නොතිබූ නිසා  කිසිවෙකු සමග කතාබහ කිරීමට නොහැකිවූ බවත් ඇය පවසයි.

තම හාම්පුතා විසින් හොදින් සලකන බවත් නිවසේ කිසිදු වැඩක් කිරීමට හාම්පුතා ඉඩ නොදෙන බවත් විවේකිව සිටින ලෙස ඔහු නිතර පවසන බවත් ඇය කියන්නීය. නියමිත වැටුප තමාගේ ගිණුමකට බැර කරන බවත් එම මුදල් අසරණ මිනිසුන් වෙනුවෙන් පරිත්‍යාග කිරිමට කටයුතු යොදන බවත් ඇය පවසයි.

වසර විස්සක් පුරා සිය කැමැත්තෙන් ලංකාවට නොගිය තමා මිය යනතෙක්ම මෙම නිවසේ ජිවත් වෙන බව ඇය කීවාය. 

web_74DSC00046



අදහස් (0)

සෞදි ගිය ලක් කතට යළි එන්න සිත් නොදේ

විමල් Monday, 04 July 2016 05:17 PM

මෙයාලා කාන්තාවන්ට තියන සැළකිල්ල ගැන කියවෙන දුර්ලභ අවස්ථාවක් (නි)

:       0       0

ගුණේ Monday, 04 July 2016 08:32 PM

සැප ඇති තැනෙක සුවසේ ඉන්න සියලු දෙනාම කැමතියි. එ්ත් හැමෝටම ඔය සුවපහසුව නැහැ. ඔබේ හාම්පුතා සැබෑ මිනිසෙක්. (නි)

:       0       0

හේමන්ත Tuesday, 05 July 2016 02:56 AM

තමන්ගේ ස්වාමියා, දරුවෝ, පවුලේ අය ඔක්කොම උවමනාවෙන්ම අමතක කරලා වගෙයි තියෙන්නේ. ඒ මිනිස්සු ඔයතරම් හොඳ නම් අවසර ඉල්ලාගෙන පවුලේ අය බලන්න ලංකාවට ඇවිත් යන්න තිබුනා. (නි)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 05 July 2016 06:47 AM

ප්‍රථමයෙන් අපි අවංක වෙන්න ඕනෑ. ඊටපස්සේ ඒ අයගෙන් හොඳක් බලාපොරොත්තු වෙන්න පුලුවන් (නි)

:       0       0

රාධා Tuesday, 05 July 2016 03:12 PM

එහෙ කෑම හොඳ ඇති (බ)

:       0       0

මහේෂ් Tuesday, 05 July 2016 08:13 PM

හේමන්ත, කැමැත්තෙන් ඉන්නේ බලෙන් තියාගෙන නෙමෙයි. ප්‍රශ්නයක් තියෙනවා නම් ජංගම සේවයේදී කියන්න තිබුනනේ (නි)

:       0       0

අරවින්ද Tuesday, 05 July 2016 10:40 PM

ඔච්චරම කැමති ඇයි කියලයි මට නම් හිතාගන්න බැරි (නි)

:       0       0

නලින් යහම්පත් Wednesday, 06 July 2016 06:06 AM

වසර 20 කට පෙර ගියානම් වයස 40 වාගේ යන්න ඇති ; හාම්පුතාගේ පියාගේ අන්ත : පුරයේ සේවයේ කලාද දන්නේ නෙහැ , එහෙම අයව මිය යන තුරු ඔවුන් බලා ගන්නවා කන්න බොන්න දීලා , (ම)

:       0       0

ප්‍රියානි වීරකෝන් Wednesday, 06 July 2016 06:45 AM

කෙනකුගේ ඇතුළාන්තය හරියට නොදැන පළ කරන අදහස් ගැන දුකයි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site