X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


සෞදි ප්‍රහාරයෙන් කැරළි කරුවෝ මියයති

සෞදි අරාබිය විසින් යේමනයේ ෂියා කැරලි කරුවන් වෙත එල්ල කරන ලද ගුවන් ප්‍රහාර හේතුවෙන් හූති කැරලිකරුවන් 500 කට වඩා වැඩි ප්‍රමාණයක් මරාදමා ඇති ව සෞදි ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශකයා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සෞදි අරාබි ජෙනරාල් අහමඩ් අසිරි පැවසුවේ ජාතින් නමයක් එක්ව සැදුම් ලත් මණ්ඩලය මගින් පසුගිය මාර්තු මස 26 දින සිට මේ වනවිට යේමනයට ගුවන් ප්‍රහාර 1200 ක් එල්ල කර ඇති බවයි. ඔහු තවදුරටත් පැවසුවේ තම ප්‍රහාර වල ඉලක්කය කැරලි කරුවන් යේමනයේ දකුණු දෙසට ගමන් කිරීම වැළැක්වීම බවයි. මේ වන විට සෞදි අරාබිය සහ යේමන් දේශසීමාවේ නජ්රන් කලාපයේ දරුණු සටන් ඇවිලෙමින් පවතී.

සෞදි අරාබියානු හමුදා නිළධාරින් තිදෙනෙක් ද ප්‍රහාර මගින් මියගොස් තවත් තිදෙනෙක් තුවාල ලබා තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංඛ්‍යාලේඛන වලට අනුව යේමන සිවිල් වැසියන් 648 ක් මියගිය  බවත් 2191 ක් දෙනෙක් තුවාල ලැබු බවත් සඳහන්වේ. මෙම තුවාල ලැබු පිරිසට හමුදා භට පිරිස් ද අයත්ය.



අදහස් (0)

සෞදි ප්‍රහාරයෙන් කැරළි කරුවෝ මියයති

කරුණාරත්න Monday, 13 April 2015 07:37 PM

මිනිසුන් විසින් මිනිසුන් මරාගැනීම කවදා අවසන්වේද? (නි)

:       0       0

උපාලි Tuesday, 14 April 2015 01:24 AM

දැන් ලෝකයේ පවතින්නේ තාක්ෂණ මෙවලම් යුද්ධයක් මිස සතුරාට පමණක් හානිවනසේ පහරදීමක් නොවේ (නි)

:       0       0

නිමලලලිතා Tuesday, 14 April 2015 03:37 AM

මේ මුස්ලිම් අන්තවාදය මුළු ලොවටම බරපතල අනතුරක්. (බ)

:       0       0

ඇසළ Tuesday, 14 April 2015 05:38 AM

බලයට කෑදරකම, ක්‍රෝධය, වෛරය, අනෙකා අභිබවායාමට උත්සාහ කිරීම, වෙනත් රටවල සම්පත් කොල්ලකෑම, මිනීමැරීම, මේ හැමදෙයක්ම මෙවන් යුද්ධ වලට බලපාන හේතු සාධක. ලොවට සාමයක් පෙනෙනතෙක් මානයකවත් නැහැ. (නි)

:       0       0

කවින්ද Tuesday, 14 April 2015 12:32 PM

අනේ ලොවකට සිදුවූ විපතක මහත.....! (නි)

:       0       0

ඈන් Tuesday, 14 April 2015 04:14 PM

යුධායුධ විකිණීමෙන් තම ආර්ථිකය ශක්තිමත් කරගන්න හදන රටවල් තිබෙනතුරු ලෝකයේ යුද්ධ නවතින්නේ නැහැ. හදන ඒවා විකුණාගන්න තැන් තියෙන්නත් ඕනෑනේ. මොකද පිටසක්වලට විකුණන්නයැ. (නි)

:       0       0

දුමින්ද Wednesday, 15 April 2015 06:02 AM

අරාබි වසන්තය ලේවලින් උදාකළේ බටහිර බලවතුන් නොවේද? (නි)

:       0       0

බටුගෙදර Wednesday, 15 April 2015 06:30 AM

මේ අයට යුද්ධ කරන්න හොඳට පුරුදු කරමු. පස්සේ අපිම ඒ අයට බනිමු (නි)

:       0       0

නුවන් Thursday, 16 April 2015 05:46 AM

බටුගෙදර, මේ මිනිස්සුන්ට අමුතුවෙන් මිණිමරන්න උගන්වන්න ඕනේ නැහැ. ටිකක් ඉතිහාසය කියවල දැන ගන්න (නදී)

:       0       0

සමන් Thursday, 16 April 2015 06:43 AM

බටුගෙදර,සෞදි රටේ ඉන්නේ බබ්බු කියලද හිතන්නේ? (බ)

:       0       0

උපුල් Thursday, 16 April 2015 07:34 AM

බටහිර බලවතුන් මේගොල්ලන්ට පොළවෙන් තෙල් ටික ගන්න හැටි ඉගැන්නුවේ නැත්නම් තාමත් වනචාරී මිනිස්සු වගේ ඉන්නේ! (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site