X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 09 වන බදාදා


සෞදි රජ කුමරෙකුට මරණ දඬුවම

පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් වැරදිකරුවෙකු වී සිටින සෞදි අරාබි රජපවුලේ කුමරකුට මරණ දණඩනය නියම කෙරී ඇතැයි එරට පුවත්පත් වාර්තා කරයි.

නීතිමය කාරණා හේතුවෙන් කුමරාගේ නම ප‍්‍රසිද්ධියට පත්කර නොමැති අතර ඔහු රජ පවුලේ ප‍්‍රධාන සාමාජිකයෙකු බව පමණක් සදහන්වේ.

මේ සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් නිකුත් කර ඇති ඔටුන්න හිමි සල්මන් කුමරු පවසා ඇත්තේ නීතිය කි‍්‍රයාත්මක කිරීමේදී උස් මිටි කම් නොසැළකෙන බවයි.වරදකරුවාට දැඩි දඩුවම් ලබා දිය යුතු යැයි හෙතෙම සෞදි අරාබියේ අභ්‍යන්තර කටයුතු සම්බන්ධ අමාත්‍ය මොහොමඩ් බින් නයෙෂ් කුමරුට ලිපියක් යවමින්ද දන්වා ඇත.

ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ පියාද මාධ්‍යය වෙත අදහස් පළ කර තිබෙන අතර ඔහු ඝාතකයාට සමාව දීමට සූදානම් නැත.තම පුතුගේ ඝාතනයට වගකිව යුතු පුද්ගලයින් තමන් වෙත වන්දි ප‍්‍රදානය කිරීමට තැත් කළත් එය ප‍්‍රතික්ෂේප කළ බවත් ඔහු කියා ඇත.



අදහස් (0)

සෞදි රජ කුමරෙකුට මරණ දඬුවම

ට්‍රිෂන් Thursday, 02 January 2014 01:29 PM

සෞදියේ තියන නීතිමය තත්ත්ව සහ ෂාරියා නීතිය ගැන මුළු ලෝකෙම දන්නවා, කුමාරි දන්නේ නැහැ. සෞදියට ගිය කෙනෙක් දන්නවා සෞදි ගුවන් තොටක සිට මිනිසුන්ට සලකන විදිය. ඒ තරම් නින්දිත රටක් ලෝකේ කොහෙවත් නැහැ. අත්දැකීමෙන් කියන්නේ. වෙනස් අදහස් තියනවා නම් ලියන්න.(නදී)

:       0       0

දිල්රුක්ෂි අනුරාධි Friday, 03 January 2014 12:36 AM

අපි බෞද්ධයෝ විදිහට මේකට එකග වෙන්න බෑ. ඉස්ලාම් ආගමේ හැටියට හරි ඇති. නමුත් බුදුන් වහන්සේගේ ධර්මයට අනුව පරපණ නැසීම මහත් පාපයක්. කෙනෙක් එහෙම කළා කියල ඒ කෙනාවත් මරන්න කියලා නැහැ මෛත්‍රී කරන්න කියලයි බුද්ධ ධර්මයේ ඉගැන්වෙන්නේ.(නදී) i

:       0       0

අරුණි Friday, 03 January 2014 12:18 AM

තවම මරන දඩුවම දීලා නැහැනෙ. එහෙම දුන්නට පස්සෙම කතා කරමු මෙයාලගෙ නීතියෙ සමානාත්මතාවය.(නදී)

:       0       0

පාලිත Thursday, 02 January 2014 10:51 PM

රජ පැටියා උනත් වරදට දඩුවම ලැබෙනවා.(නදී)

:       0       0

රොහාන් කත්ත්‍රිආරච්චි Thursday, 02 January 2014 06:02 PM

අන්තිම මොහොතේ ඔය දඩුවම අත්හිටවනවා . (ත)

:       0       0

ඔසන් සලාම් - කටාර් Thursday, 02 January 2014 04:37 PM

කුමාරිහාමි, යමෙකු ඉස්ලාමයට පැමිණි නිසා ඔහු හෝ ඇය තම නම වෙනස් කළයුතු යැයි නියමයක් ඉස්ලාමයේ නැත. නමුත් ඉස්ලාමයට පටහැනි අර්ථයක් ගෙනදෙන නාමයක් නම් පමණක් වෙනස්විය යුතුයි. කුමාරි කියන නමේ කිසිදු වරදක් නොදකිමු. (නදී)

:       0       0

ශානි Thursday, 02 January 2014 03:47 PM

හරිම අමානුෂික නීතියක්. වෛරයෙන් වෛරය නොසන් සිදේ. මම හිතන්නේ නැහැ සමාවක් දෙන්න තරම් මනුස්සකමක් මේ මිනිස්සු ලග ඇති කියලා.(නදී)

:       0       0

කුමාරතුංග Thursday, 02 January 2014 02:40 PM

බොහොම හොදයි නිතිය නම්.(නදී)

:       0       0

ඔසන් සලාම් - කටාර් Thursday, 02 January 2014 02:40 PM

ඉහත ඡායාරූපයෙන් සිටින්නේ මරණ දඬුවමට නියමවූ පුද්ගලයා යැයි වැරැදි වැටහීමක් ඇතිකරගන්නට එපා. මේ ඡායාරූපයේ සිටින්නේ සවුදියේ ඔටුන්න හිමි කුමාරයාවන සල්මාන් බින් අබිදුල් අසීස්ය.(නදී)

:       0       0

කුමාරිහාමි Thursday, 02 January 2014 01:48 PM

කුමාරි,ඉස්ලාමි ධර්මය වැලදගත් පසු ඔබ තවදුරටත් කුමාරි නෙවෙයිනේ. ඔබේ වර්තමාන නමින් අදහස් පලකරන්න ලජ්ජා වෙන්න එපා. (නදී)

:       0       0

සෙනරත් Thursday, 02 January 2014 01:46 PM

බලමු බලමු තවම මැරුවේ නැහැනේ. දැන් දැන් මේ නීතිත් සල්ලි වලට යටයි.(නදී)

:       0       0

ඇන්ටන් Friday, 03 January 2014 03:48 AM

ලංකාවේ නීතියත් එහෙම වුනානම් කවුකවුරු කපොති වෙයිද (අ)

:       0       0

දයානන්ද කුවෛට් Thursday, 02 January 2014 12:14 PM

අපේ රටටත් මේ වගේ නීතියක් ආවා නම් නේද අනේ. (නදී)

:       0       0

නිරෝෂ් Thursday, 02 January 2014 11:26 AM

කුමාරි, ඔබ සතුටු වන්නේ කුමුණ හේතුවක් නිසාද යන්න පැහැදිලි කිරීමක් කල හැකිද? (නදී)

:       0       0

අසංක Thursday, 02 January 2014 04:57 AM

අනිවාර්යෙන්ම මැරිලා ඇත්තේ ලොකු තැනක කෙනෙක් වෙන්න ඇති. ඒකයි සල්ලිත් එපා කියන්නේ. මෙකද රාජ කුමාරවරු පොඩි එවුන් එක්ක ඉන්නව කියලයැ. පොඩි මිනිහෙක් මැරුණා නම් මේක වෙනස් වෙන්න තිබුණා.(නදී)

:       0       0

අසංක Wednesday, 01 January 2014 11:06 PM

කෝලිත,පිටබෙද්දර නොදන්නා දේවල් කතා කරන්න එපා (අ)

:       0       0

අමිත් Wednesday, 01 January 2014 10:17 PM

මම දන්න තරමට එරට නිතියට අනුව වරදට ලක්වූ අයගේ පර්ශවයෙන් සාමාවක් නොලැබේනම් දඬුවමක් වෙනස්කල නොහැකියි. මරණ දඬුවම රඳාපවතිනු ඇත්තේ ඔවුන් මත පමණයි. අවසාන මොහොතෙ ඔවුන් වෙනස් වුනොත් නීතියක් ගැන කුමන කතාද(දිල්)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 01 January 2014 06:49 PM

බයවෙන්න එපා අන්තිම මොහොතේ මෙයා නිදහස් ! නැත්නම් ඉතින් මගේ රජකමෙන් වැඩක් තියෙනවද ? (නදී)

:       0       0

කුමාරි Wednesday, 01 January 2014 06:40 PM

මමත් ඉස්ලාමි ධර්මය වැලදගත් කාන්තාවක් ලෙස සතුටට පත්වෙනවා.(නදී)

:       0       0

මොහාන් දමාම් Wednesday, 01 January 2014 05:43 PM

කාට උනත් වරදට දඩුවම ? අමිල ඔබ හරි.(නදී).

:       0       0

මංජු Wednesday, 01 January 2014 04:48 PM

අපේ රිසානා මරපු හැටි තාමත් අපිට මතකයි. එනිසා ඕවා අපිට දැන් වැඩක් නැත.(නදී)

:       0       0

පෙරේරා Saturday, 04 January 2014 02:53 AM

සෞදියේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ.(නදී)

:       0       0

හ්මන්ත Thursday, 09 January 2014 01:30 AM

මම මෙවන් වැඩ වලට හිස නමා අචාර්ය කරනවා, නිතිය නම් නිතිය (දී)

:       0       0

ශිහාර් Tuesday, 07 January 2014 11:20 AM

ලොකු පොඩි සැමටම නිතිය එකයි (දී)

:       0       0

එඩී දයාරත්න ඕස්ට්‍රේලියාව Tuesday, 07 January 2014 01:46 AM

එතකොට ඔය පුච්චල මරල කටුනායකට එවන මිනීවලට මොන දඩුවම්ද දෙන්නේ ? (නදී)

:       0       0

මෝහමෙඩ් Monday, 06 January 2014 02:23 PM

නීතිය කාටත් එක හා සමානව තිබිය යුතුයි. ලංකාවේ මෙවැනි දඬුවම් නැති නිසයි අද මේ තරම් අපරාද කරන්නේ. මෙවැනි නීති මගින් දඬුවම් දෙනකොට අනිත් වැරදිකරුවන් ඉබේම හැදෙනවා.(නදී)

:       0       0

ශ්‍රියා Sunday, 05 January 2014 12:38 PM

නිතියනම් නිතිය තේරුනාද (දී)

:       0       0

ජානක Sunday, 05 January 2014 08:51 AM

මම නම් ඒ තීන්දුවට කැමති නිතිය හරියට ක්‍රියාත්මක වෙන නිසා (දී)

:       0       0

සංජීව Saturday, 04 January 2014 09:24 PM

මරන්නයි තියෙන්නේ.(නදී)

:       0       0

අරුණ Saturday, 04 January 2014 05:08 PM

මැරිච්ච කෙනත් හාල් කෑල්ලක් නොවෙයි කුමාරයෙක් වෙන්න ඇති.(නදී)

:       0       0

ජූඩ් Saturday, 04 January 2014 02:51 PM

අපේ රටේ නම් වරදකට උසස් වීමක් සහ යාන වාහන නොමිලේ.අහිංසක මනුස්සයෙක් පොල් ගෙඩියක් ගත්තම තමයි ඒ මනුස්සයව පෝරකේට යවන්න බලන්නේ (දී) .

:       0       0

රංගිකා Saturday, 04 January 2014 08:07 AM

නිතී හැමෝටම එකයි කියන්නේ ලෝකෙට පේන්න. නැත්තම් ෂරියා නීතිය කියන්නෙ වැදගැම්මක් නැති පුහු ආටෝප පුරවලා ඇමරිකන් ගැති විදියට හදපු අමනුස්ස නීතියක් විතරයි. ඕන්නම් බලන්න මරන්න ඔන්න මෙන්න තියලා කුමාරයා අතුරුදහන් වෙලා කියාවි. කුමාරයා ඇමරිකාවෙ ඉදන් සැප අරන් අමතක වෙන තරම් කල් ඉදලා තම මව්බිමට සැපත්වේවි.(නදී)

:       0       0

රවී Wednesday, 01 January 2014 04:38 PM

ලංකාවට නියම පාඩම් ඉගෙන ගන්නවා නම්.(නදී)

:       0       0

මොහොමඩ කමල් Saturday, 04 January 2014 02:08 AM

නීතිය නම් කාටත් එකයි. මේක හොඳම උදාහරණයක්.(නදී)

:       0       0

කවීෂ Friday, 03 January 2014 11:06 PM

මමත් රජ පවුලේ වැඩ කරන කෙනෙක්. නමුත් එහෙම දෙයක් නම් මම තවම දන්නේ නැහැ .හොයල බලන්නම්.(නදී)

:       0       0

ආලෝකා Friday, 03 January 2014 11:01 PM

ට්‍රිෂන්ට අරාබියෙක් මොනවා හරි කරලා තියෙනවා. ඒකයි ඔහොම කතා කරන්නේ ගණන් ගන්න එපා ට්‍රිෂන්.(නදී)

:       0       0

කුමාර Friday, 03 January 2014 08:52 PM

ඡිවිතයක් නේද කමක් නැහැ මේවා දැකලා ඉන්න කෙනෙක් හරි හැදෙයිනේ.(නදී)

:       0       0

තරුත් Friday, 03 January 2014 05:57 PM

අපේ මුස්ලිම් සහෝදරයෝ බොරුවට ආඩම්බර වෙන්න එපා. අරාබි නීතිය අනුව සල්ලි දීල ෂේප් කරන්න බැරි උනොත්නේ බෙල්ල කපන්නේ. ඕක සාදාරන නීතියක් නෙමේ මෝඩ විහිළුවක්.(නදී)

:       0       0

ශානි Friday, 03 January 2014 05:25 PM

ප්‍රතිගා : දඩුවම් දීම එකක් .මේ අන්තවාදය තව එකක්.ලෝකේ ඉතාම සාමකාමී රටවල් මැදපෙරදිග රටවල් නෙමේයි . ඔය නීතිය ක්‍රියාත්මක කරන්න තියා ඒ ගැන කතා කරන්නේවත් නැති ඒ උනාට අපරාධ අඩු රටවල් ගැන අඩුම තරමේ අහලවත් නැද්ද? .(දී)

:       0       0

ලේක්කෝ ගලබඩ Friday, 03 January 2014 04:22 PM

අපි නොදන්නා සවුදිය…මේ රැඩිකල් අදහස් දරන බටහිර පන්නයට හැදුන කුමරා රජ පවුලට තර්ජනයක් නිසා බොරු වරදකට පටලවා මරා දමන්න යන කතාවක් සමහර යුරෝපා පුවත් පත් වල මම දුටුවා.(දී)

:       0       0

සරත් ජයවික්‍රම Friday, 03 January 2014 03:32 PM

ඕනෑම රටක නීතියක් තියෙනවා. අපි ඒ නීයට ගරුකරන්න ඕනේ. (නදී)

:       0       0

ප්‍රතිගා Friday, 03 January 2014 08:56 AM

කුමාරි, ශානි...මිනීමරුවන්ට, ස්ත්‍රී දූෂකයන්ට උපරිම දඩුවම් දිය යුතුයි. නැත්නම් ඔය අපරාධ නවත්තන එක, අඩු කරන එක බොරු. තමන්ගේ කවුරු හරි ඝාතනය වෙලා මිනීමරුවා නිදැල්ලේ ඉන්දැද්දී තමයි මෙහෙම නීති මතක් වෙන්නේ. බොළ‍ඳ අදහස් පළ කරන්න එපා.(නදී)

:       0       0

සමන්ති Tuesday, 31 December 2013 09:49 PM

මොනවා උනත් කෙනෙකුට මරණීය දණ්ඩනය අනුමත කල නොහැක (අ)

:       0       0

ශ්‍රීමාල් Wednesday, 01 January 2014 03:41 AM

නියමයි! (නදී)

:       0       0

සංජීව Wednesday, 01 January 2014 02:05 AM

ලංකාවෙන් කොපි කරලා වගේ නේද?(නදී)

:       0       0

අජන්ත පතිරණ Wednesday, 01 January 2014 01:54 AM

කාගෙත් වැඩ බලාගන්න පුළුවන්.(නදී)

:       0       0

ශාන්ති Wednesday, 01 January 2014 12:53 AM

බොහොම හොදයි නිතිය නම් කාටත් එක සමානය.(නදී)

:       0       0

රොෂාන් Wednesday, 01 January 2014 12:11 AM

අපිත් ආදර්ශයට ගත යුත් කාරණාවක්. නිතිය සැමවිටම හැමෝටම සමාන විය යුතුයි.(අ)

:       0       0

සෙනිත් Wednesday, 01 January 2014 12:04 AM

ඇමෙරිකා හරි ඊශ්‍රායල් ජාතිකයෙකුගේ හිස ගස දමාවිද මොවුන් ???(අ)

:       0       0

ජයසාන්ත Tuesday, 31 December 2013 11:40 PM

දෙවියනේ (අ)

:       0       0

සල්හින් Tuesday, 31 December 2013 11:07 PM

කෝ ප්‍රතිචාර (අ)

:       0       0

සරත් Tuesday, 31 December 2013 10:13 PM

අම්මපල්ල සිහින් කතාව ඇත්ත,(අ)

:       0       0

ලක්ෂාන් Tuesday, 31 December 2013 10:07 PM

ලංකාවේ එහෙම උනාට...සෞදියේ එහෙම වෙන්නේ නෑ,,,,,(අ)

:       0       0

නුවන් - නවසීලන්තය Wednesday, 01 January 2014 05:12 AM

සෞදි රටේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ.(නදී)

:       0       0

ශ්‍රියානි Tuesday, 31 December 2013 09:04 PM

අන්න එවැනි නීති ලංකාවෙත් ක්‍රියාත්මක උනානම් අපට යහපත් රටක් හදාගන්න තිබුන (අ)

:       0       0

සිහින් Tuesday, 31 December 2013 07:39 PM

ලංකාවේ වගේමයි නේද ඇ....(අ)

:       0       0

මුසාමිල් Tuesday, 31 December 2013 06:49 PM

සෞදි අධිකාරිය ඔප්පු කළා එරටේ නිතිය කාටත් පොදුයි කියල. (අ)

:       0       0

රිස්වාන් ඩුබායි Tuesday, 31 December 2013 06:18 PM

ඔන්න රටවල්.., දුප්පත්,පෝසත්,, කළු, සුදු, කුමන ආගමක් වුවත් නීතිය කාටත් එකයි..,(අ)

:       0       0

ඥානසාර Tuesday, 31 December 2013 04:55 PM

මේක තම නිතිය අකුරට පිලිපදිනක් යන්නේ. (අ)

:       0       0

chandra Tuesday, 31 December 2013 04:30 PM

නිතිය ක්‍රියාත්මක විය යුත්තේ අන්න එහෙමය, ලොවටම ආදර්ශයක් , (අ)

:       0       0

නිරංජලා. Tuesday, 31 December 2013 04:16 PM

ඒ සෞදියේනේ. හැබැයි ඉතින් අපේ රටේ නම් කොහොමද? (නදී)

:       0       0

පාලිත Tuesday, 31 December 2013 04:01 PM

පේනවනේ රජ පවුලේ අයටත් නීතිය ඒක නං, අපේ මිනිස්සුන්ට වරදට සමාව ඉල්ලීමෙන් පලක් ඇත්ද?. ඒ නිසා බලධාරීනි කරුණාකරලා ඔය සෞදියට අපේ මිනිස්සු යැවීම නවත්වන්න. (නදී)

:       0       0

මොහොමඩ් හනීපා Tuesday, 31 December 2013 03:48 PM

හොඳ උදාහරණයක්.(නදී)

:       0       0

දමී Wednesday, 01 January 2014 11:37 AM

ඒකත් ජරාවක් දීලා ශේප් කරගන්න හදලා තියෙන්නේ හිතට හරි අමාරු ඇති නේද? (නදී)

:       0       0

උපුල් නිශාන්ත Wednesday, 01 January 2014 03:52 PM

වරදට දඩුවම් ලැබිය යුතුයි.(නදී)

:       0       0

රෝසි Wednesday, 01 January 2014 03:25 PM

ලංකාවට වඩා ඉහළයි.(නදී)

:       0       0

මලින්ද ප්‍රභාත් එදිරිසිංහ Wednesday, 01 January 2014 02:08 PM

නිවරදියි.(නදී)

:       0       0

කුමාරි Wednesday, 01 January 2014 01:12 PM

සවුදි අයට ඉතින් සත්තු මරණ එකවත් මිනිස්සු මරණ එකවත් අමාරු වැඩක් නෙමේනේ. මෙයාලගේ හදවතුත් මේ වගේමෙයි. අපේ අය ඔය රටට යන එක ඇවැත්විය යුතුයි. කිසිම මනුස්ස කමක් නෑ ඒ අය ලග.(නදී)

:       0       0

අමිල ඩුබායි Wednesday, 01 January 2014 12:37 PM

ෂරියා නීතියනේ හැමදෙනාටම එක හා සමානයි.(නදී)

:       0       0

මදූ Wednesday, 01 January 2014 12:24 PM

කියල වැඩක් නැහැ.(නදී)

:       0       0

අකිල් Wednesday, 01 January 2014 12:20 PM

මේ තමයි ඉස්ලාම් නීති.(නදී)

:       0       0

මදු Wednesday, 01 January 2014 12:18 PM

කියල වැඩක් නැහැ.(නදී)

:       0       0

ගුණේ Wednesday, 01 January 2014 11:42 AM

මේ වගේ පුවතක් දකින විට ලංකාවේ සමහර අයට කලන්තේ වගේ ඇති. (නදී)

:       0       0

මුදිතා Tuesday, 31 December 2013 03:26 PM

ලෝකේ කොහේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ.(නදී)

:       0       0

නුෂාන් Wednesday, 01 January 2014 11:31 AM

ඉස්ලාම් නිතිය ඔක්කෝටම පොදුයි.(නදී)

:       0       0

දිසා Wednesday, 01 January 2014 10:30 AM

ලංකාවෙත් මේ දඩුවම් තිබුණනම්. (ත)

:       0       0

මෝරලා Wednesday, 01 January 2014 10:06 AM

නීතිය කාටත් පොදුයි.(නදී)

:       0       0

සේරම් Wednesday, 01 January 2014 09:20 AM

ලංකාවේ වගේමයි නේද? (නදී)

:       0       0

රෝයි Wednesday, 01 January 2014 09:13 AM

ලංකාවේ අයටත් මේවා ඇහෙනවා නම් පෙනෙනවා නම් කොච්චර දෙයක්ද? (නදී)

:       0       0

බමුණු Wednesday, 01 January 2014 08:28 AM

මෙන්න නීති ක්‍රියාත්මක වෙන හැටි ආදර්ශයට ගන්න. මෙන්න ෂරියා නීතිය. (නදී)

:       0       0

කෝලිත Wednesday, 01 January 2014 08:13 AM

මැරිලා තියෙන්නෙත් ඒ වගේම ලොකු පවුලක කෙනෙක් වෙන්න ඇති. නැත්නම් ඔය නිතිය ඔය විදිහට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නීතිය සැමට එකයි කියලා බොරුවට පුරසාරම් දොඩන්න එපා. (නදී)

:       0       0

සඳුන් සංජීව Wednesday, 01 January 2014 07:47 AM

ලංකාවේ එහෙම වුනත් උනත් සෞදියේ එහෙම වෙන්නේ නැහැ.(නදී)

:       0       0

මෝහමෙඩ් Wednesday, 01 January 2014 05:58 AM

ඔන්න හරි. සියලු දෙන එක හා සමානව බලන්න. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site