වසර 700ක් අත්වැල් බැඳගෙන සිටි යුවලකගේ ඇටසැකිලි දෙකක් එංගලන්තයේ ලෙස්ටර්ෂයර්හි දේවස්ථාන භූමියකින් හමුවී ඇත. හැල්න්ටන්හි ශාන්ත මොරෛල් දේවස්ථානය ලෙස හැඳින්වෙන මේ දේවස්ථානය 14 වැනි සියවසේ සිට පූජනීය ස්ථානයක්ව පැවතිණි. දේවස්ථානය ඉදිකැර ඇත්තේ පැරණි රෝමානු ගොඩනැගිල්ලක් මතයැයි ද විශ්වාසයක් පවතී.
පුරාවිද්‍යාඥයන් පවසන්නේ මේ ඇටසැකිලි දෙකම එකම වයසකට අයත් වූවන් දෙදෙනකුගේ යැයි පෙනෙන බවයි. කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා මිය යන අවස්ථාවේ කවර වයසකට අයත් වූවේ ද යන්න මෙතෙක් තහවුරු කැරගෙන නැත. එය දැනගැනීමට තවත් පර්යේෂණ කළ යුතුයැයි ලෙස්ටර්ෂයර් විශ්වවිද්‍යාලයේ පුරාවිදයාඥයකු වූ විකී ස්කෝරේ පවසයි.
දේවස්ථානයේ කැණීමෙන් තවත් සිරුරු නමයක් හමුවී ඇත. ඒවා සියල්ල එකම කාලයකට අයත් බව ද සොයාගෙන තිබේ. ඉන් එක් වැඩුණු පිරිමියකුගේ ඇටසැකිල්ලක තියුණු ආයුධයකින් හිසට පහරක් වැදී ඇති බවට සළකුණු ඇතැයි ද පුරාවිද්‍යාඥයෝ කියති. තවත් පිරිමි ඇටසැකිල්ලක දෙකකුල් පපුව අසළට එසැවී තිබී ඇත.
කැණීමේ දී 11-15 වැනි සියවස්වලට අයත් රිදී පැන්ස හමුවූ බවත් මේ ස්ථානයේ තිබූ පැරණි ගොඩනැගිල්ලක ගඩොල් අතුරන ලද පොළොව හමුවූ බවත් පර්යේෂකයෝ කියති.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
හත්සිය වසරකට පෙර එක්ව මියගිය යුවළක්
රජින්ද Wednesday, 17 September 2014 10:20 AM
වසර 1000කටවත් එහා ඉතිහාසයක් නැති මිනිස්සු ඉතිහාසය සොයා යන යුගයේ වසර 3000 කටත් වඩා වැඩි ඉතිහාසයක් ඇති අපේ මිනිස්සු ඒ ඉතිහාසය කෙලෙසන ආකාරය කොතරම්නම් සෝචනීයද? (ස)
ජයත් Wednesday, 17 September 2014 10:42 AM
"සංසාරෙන් අපි සමුගන්න දා ඒ ගමනත් අපි එකට යමු " (නදී)
ගාමිණී සිරිවර්දන Wednesday, 17 September 2014 11:00 AM
එකම ස්ථානයේ අත්වැල් පටලවා භූමදාන කර ඇත්තේ 13 වෙනි සිවසේ නම් රාජ නියෝගයක් අනුව දඬුවමක් වශයෙන් මරණ දඬුවම් දීමක් . ත්‍රස්ත ක්‍රියාවක් හෝ සොර කල්ලියකගේ වැඩක්.වසර 700 යි 7000 යි නොකීව එකත් පුදුමයක් ! (ස)
හිරා Wednesday, 17 September 2014 02:03 PM
මේ ලෝකයේ මෙවැනි ඇටසැකිලි මොන තරම් ඇතිද?(දිල්)
අම්පාරේ දුමිත Wednesday, 17 September 2014 03:46 PM
ඉතිහාසය වසර 700 යුවලගේ වයස ගණනය කිරීමට අපහසු ඇයි අස්ථි හා හනුව පරීක්ෂා කිරීමෙන් එය කිවහැකි නේද (අ)