අනවසර සංක්‍රමණිකයින් දහසක් පමණ දෙනා රැගෙන යාත්‍රා කරමින් සිටි බෝට්ටුවක් අත්අඩංගුවට ගැනීමට ඉතාලි නාවික හමුදාව පසුගියදා සමත්විය.
ඉතාලි මාධ්‍ය වාර්තා කරන පරිදි සංක්‍රමණිකයින් එහි ගාල් කර සිට ඇත්තේ එකිනෙකා පිට එකිනෙකා සිටින සේය.දෙතුන් සියයකට පහසුකම් සැළසීමට පමණක් ප්‍රමාණවත් බෝට්ටුව යම්යෙහෙකින් පෙරළී ගියේ තත්ත්වය බරපතල වීමට තිබුණේ යැයි එම වාර්තා වල වැඩිදුරටත් සදහන් වේ.
ඉතාලිය හා ග්‍රීසිය මේ දිනවල අනවසරණ සංක්රමණිකයින්ගේ ස්ථීර නවාතැන් බවට පත්ව තිබේ. නයිජීරියාව, ලිබියාව, සිරියාව, වියට්නාමය ආදී රටවලින් පැමිණෙන මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගත්විට නිදහසට කරුණු ලෙස සදහන් කරන්නේ තම රටවල සිදුවන ඝාතනයන්, සිවිල් යුද්ධ, වලින් දිවි බේරාගැනීමට හා විරැකියාවට පිළිතුරක් ලබාගැනීමට ජීවිත අවදානමද නොතකා මෙසේ පැමිණෙන බවයි.
යුරෝපයට මේ වසරේ පමණක් අනවසර සංක්‍රමණිකයින් ලක්ෂ 2 කට ආසන්න සංඛ්‍යාවක් පැමිණ ඇතැයි සදහන්ය.ඒ අතර නෞකා පෙරළීයෑමෙන් මුහුදේ අනතුරට ලක්ව මියගොස් ඇති සංඛ්‍යාව 2000 ක් පමණ වේ.
බි්රතාන්යය,ප්‍රංශය වැනි රටවල් පැමිණෙන සංක්‍රමණිකයින් මර්දනය කිරීමේ වැඩපිළිවෙල දියත් කර ඇතත් ඒවායින්ද සැළකිය යුතු ප්‍රගතියක් අත්කරගැනීම නොහැකිව තිබේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
හරක් ගාලක් වගේ මිනිස් ගාලක් පාවේ
ටිකිරි Saturday, 06 June 2015 05:44 AM
යුරෝපීය ආක්‍රමණිකයන් වීසා නොමැතිව අපේ රටවල් වලට බලෙන් ඇතුළුවෙලා කොල්ලකෑ අපේ සම්පත් වලින් දියුණු වුණාට පස්සේ අපේ අය ඒ රටවලට අනවසරයෙන් ගිහිල්ලා යමක් කමක් හොයන එකේ වැරැද්දක් මා නම් දකින්නේ නැහැ. (නි)
සුරන් Monday, 08 June 2015 09:07 AM
පුත්තලමේ ඉන්නව දෙමලත් සිංහලත් බැරි අමුතු භාෂාවලින් කතාකරන පුද්ගලයෝ. ඒ අය මේ වගේ ඉරානයෙන්, පකිස්ථානයෙන් ආපු කට්ටිය. අපේ ආරක්ෂක අංශ ක්‍රියාත්මක වෙන්න ඕන. නැත්නම් වැඩි කලක් යන්න ඉස්සෙල්ල අපේ රට අයි ඒස් එකට යට වෙනවා. (ම)
ෂේන් Sunday, 07 June 2015 01:37 PM
ඉතාලියට බුදුසරණයි තව අවුරුදු දෙක තුනක් යද්දී ඉතාලිය සිරියාව වගේ වෙලා තියෙන එක අනිවාර්යි. (නදී)
නඳුන් Sunday, 07 June 2015 01:00 PM
ඉතාලිය කියන්නේ ලොව පවතින හොඳම රට. දිනපතා දන් දෙන රටක්. පල්ලි වලින් අපේ අයම කී ලක්ෂයක් කනවා, බොනවා, නානවද ඇඳුම් ලබා ගන්නවද. ජොබ් කරන බොහෝ අයත් දවල්ට බබාල වගේ කන්නේ එතනින් ඒ මිනිසුන්ට පිට රැටියන් එපා කරන්නෙත් මේ මෙහෙම එන සමහර අසරණයොම තමා.(නදී)
නුවන් Sunday, 07 June 2015 12:45 PM
මෙතන ඉන්නේ 99.9% මුස්ලිම් කට්ටිය ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ රටවල ජීවත් වෙන්න ගැටළුවක් නැහැ. කව්රුවත් ඇවිත් මුස්ලිම් අයගේ බෙල්ල කපන්නේ නැහැ. නමුත් මේ යන ගමන බටහිර රටවල් වලට පැනල ඒවත් විනාශ කරන්න තමා (නදී)
රොෂාන් Sunday, 07 June 2015 07:33 AM
අන්තවාදීන් තමන්ගේ රටේම අය මරනවා. ඊටපස්සේ එයාලම මරා ගන්නවා. ඊට පස්සේ රටේ ඉන්න බැරුව වෙන රටවලට පැනලා ඒ රටවලුත් විනාශ කරනවා. ලංකාවටත් කවදාහරි වෙන්නේ ඕකම තමයි. (නි)
වසන්ජය Saturday, 06 June 2015 10:16 PM
ජීවිතය පරදුවට තබා ඉසුරු සොයා සරණාගතයන් ලෙස යන මේ ගමන ගැන දන්නේ ඔවුන්ම පමණි (නි)
නිහාල් Saturday, 06 June 2015 04:42 PM
සුද්දන්ගේ ආර්ථිකය කඩාවැටිලා.දැන් ග්‍රීසියට පෘතුගාලයට ,ස්පාඤ්ඤයට එහෙම වැඩිය ලංකාව හොඳයි. (නි)
නිපුන් Saturday, 06 June 2015 06:17 AM
යුරෝපීය රටවල් දියුණු වුණේ ඒ අයගේ විද්‍යාව, තාක්ෂණය, නව සොයාගැනීම්, උත්සාහය නිසා. නැතුව මෙහෙන් ගෙනිච්ච දෙයක් නිසා නෙමෙයි.සුද්දා නොඑන්න අපි තවමත් රජෙකුගේ යටත්වැසියෝ... (නි)
මොහාන් Friday, 05 June 2015 06:21 AM
අනේ මන්ද මේවට ඉතින් වැරද්දක් කියන්නත් බැහැ. (ර)
දුමින්ද Saturday, 06 June 2015 03:51 AM
ලොව පුරා ඇමරිකාවේ යහපාලන යුද්ධ ....මිනිසුන් වෙලා සුද්ද..... (නි)
කැනඩා දිසා Saturday, 06 June 2015 03:05 AM
දැන් කැනඩාව , ඉතාලි පුරවැසියන් පවා සම්පුර්ණ පරීක්ෂණයකට භාජනය කරනවා විසිටින් වීසා වලදී ... (නි)
නාමල් Saturday, 06 June 2015 02:56 AM
ලෝකය පුරා යුද්ධ ඇතිවෙන්නේ අන්තවාදීන් නිසා...මෙතැන අදහස් කරන සමහරක්ට අනුව යුද්ධ ඇති කරන්නේ සුද්දාලු, ඇමරිකාවලු... සමහරුන්ගේ ලෝක දැනුම ඒකෙන්ම පේනවා. පළමුව ඉංග්‍රීසියෙන් පළවෙන පතපොත කියවා ලෝකය ගැන හදාරන්න... (නි)
දිලාන් Friday, 05 June 2015 11:05 PM
ලෝකය පුරා යුද්ධ ඇතිකරන ඇමරිකාවටම යවමු (නි)
ප්‍රනාන්දු Friday, 05 June 2015 10:12 PM
අකලංක ,හොර සුද්දෝ ඔය ජනතාවගේ රටවල් විනාශ කරනවා ,මේ ජනතාවත් හොර සුද්දන්ගේ රටවල් ඉදිරියේදී විනාශ කරාවි (නි)
අකලංක Friday, 05 June 2015 12:23 PM
සුද්දන්ගේ රටවලුත් වනසාවි මේ මිනිස්සු (නි)
යහම්පත් Friday, 05 June 2015 12:24 PM
අසරණකමටනේ මේ හැමදේම කරන්නේ (නි)