ජංගම දුරකථන බිල්පත මුල් කරගෙන සිය දෙමාපියන් සමග කලහයකින් පසු සිය පියාගේ මෝටර් රථය පැහැරගෙන සැතැපුම් 600 ක් දුර ගිය 13 හැවිරිදි පොඞ්ඩෙක් බි්රතාන්යයේ සිටියි.
ගෝ කාර්ට් ධාවන තරග වල ප්‍රවීණයෙකු බව කියන මේ 13 හැවිරිදි පෝලන්ත ජාතික කොලූවා බි්රතාන්යය ජාතික යුවළ විසින් හදාවඩා ගත්තෙකි බව හෙළිව ඇත.
මෙම මස ඔහුගේ ජංගම දුරකථනයේ බිල දෙමව්පියන්ගේ ඔළුව යකා නැංවීමට සමත්ව තිබෙන අතර බහින්බස් වීමකින් පසුව මේ පුත්‍රයා ගමන් බලපත්‍රය හා පවුම් 160 පමණක් අතැතිව සිය පියාගේ මර්සිඞීස් බෙන්ස් මෝටර් රථයට ගොඩවී එය පදවාගෙන ගියේය.සිය දරුවාද මෝටර් රථයද නිවසින් අතුරුදන්ව ඇති බව දැක කලබල වී ඇති දෙමව්පියන් වහා බළධාරීන් දැනුම්වත් කළේය.පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත්තේ ජර්මනියේදී වන අතර ඒ වන විට මේ කොල්ලා සිට ඇත්තේ සිය සැබෑ නිවහන පිහිටා ඇති පෝලන්තයෙන් කිලෝමිීටර 150 ක් තරම් වන දුරකිනි.
ප්‍රශ්න කිරීමේදී පෝලන්තයේ වෙසෙන සිය සොහොයුරිය මුණගැසීමේ අරමුණින් තමන් මේ ගමන පැමිණි බව ඔහු පවසා ඇත.පොලිසිය මවිතය පළ කරන්නේ මේ සා දුරක් කිසිවෙකුගේ සැකයට භාජනය නොවී ඔහු වාහනය පැදවීම ගැනයි.
බි්රතාන්යයේ සිට ඉතාලියටත් එහි සිට ඇල්ප්ස් කදුකරය ඔස්සේ ඔස්ටි්රයාවටත් අනතුරුව ජර්මනියටත් ඔහු රථය ධාවනට කරගෙන පැමිණ තිබේ.අත්අඩංගුවට පත්වන විට ඔහු ගමන් කර තිබූ මුළු දුර ප්‍රමාණය සැතැපුම් 600 කට ආසන්නය. සිය දරුවා සොයාගත් බවට ආරංචිය ලැබුණු සැනින් ඔහු යළි නිවස වෙත රැගෙන ඒමට බි්රතාන්යය ජාතික මව්පිය යුවළ ජර්මනිය බලා පියාසර කර ඇති බව සදහන්වේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
හලෝ බිල කළ හදියක්
සුදේෂ් Monday, 14 January 2013 11:40 AM
පිස්සු කොල්ලෝ... (නි)
නදුලි Monday, 14 January 2013 01:37 PM
මේ ළමය ඉන්නේ එංගලන්තේ නෙවේ ඉතාලියේ (ස)
ජෝසප් Monday, 14 January 2013 02:32 PM
දුරකතනයකට කරන්න පුළුවන් හදියක් (දී)
බමුණුසිංහ Monday, 14 January 2013 05:11 PM
මට නම් ආඩම්බරයි කොලුවගේ වැඩේ ගැන. (නි)
ප්‍රනාන්දු පාදෝවා Tuesday, 15 January 2013 03:48 AM
මේ සිදුවීම ඉතාලියේ සිදුවූවක්..!(නු)
ගාමිණී සිරිවර්ධන Tuesday, 15 January 2013 11:26 AM
කුඩා ළමයාගේ දක්ෂ රියදුරෙක්..!(නු)
මංජුල Tuesday, 15 January 2013 04:54 PM
බ්‍රිතාන්‍යයේ ඉඳල ඉතාලියට කාර් එකේ යන්න පුලුවන්ද? බ්‍රිතාන්‍යයේ ඉඳලා ප්‍රංශයට දුම්රියක් නම් තියෙනවා, මුහුද යටින්. මම දන්න තරමින් වාහන යන පාරක් නම් නැහැ. එහෙම පාරක් තිබුණත් ඉතාලියට යනවා නම් අනිවාර්යයෙන් ප්‍රංශය පහුකරගෙනනේ යන්න ඕනෑ. (නි)
අශෝක Tuesday, 15 January 2013 06:44 PM
බ්‍රිතාන්‍යයේ සිට ගොඩබිමින් ගමන් කරනවා නම් මේ වගේ තුන් ගුණයක් විතර දුර යන්න වෙනවා. ඒ නිසා මම හිතනවා ඉතාලියේ ඉදලා ගිය ගමනක් වෙන්න ඇති. අනික එංගලන්තයේ ඉදලා පෝලන්තයට යන්න ඉතාලි යන්න අවශ්‍යත් නැහැනෙ. (නි)