X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


හාම් පුතාගේ සිත හදුනන රොබෝවෙක්

සිය ස්වාමියාගේ සිතැගි තේරුම් ගෙන කි‍්‍රයාත්මක විය හැකි රොබෝ ‘‘බොටලේරුවකු‘‘ නිපදවීමට ඇමරිකාවේ කොර්නෙල් විශ්වවිද්‍යාලයේ සිසුහු පිරිසක් සමත් වුහ.

පිපාසයෙන් සිටී නම් බීමක් ගෙන දීමටද,කුසගිනිව සිටී නම් මයික්‍රොවේව් (ක්ෂුද්‍ර තරංග) උදුනට ආහාරයක් දමා රත් කර පිළිගැන්වීමටද මේ රොබෝ බොටලේරුවා සමත්ය. සිය ස්වාමියාගේ මුහුණේ සටහන් වන හැගීම් දෙස බලා ඔහු කුසගිනිව සිටීද,පිපාසයෙන් සිටීද, යන්න තීරණය කර අවශ්‍යතාව අනුව කි‍්‍රයාත්මක වීමට මේ රොබෝවාට හැකි බව සදහන්ය.

පරීක්ෂණ වලදී සියයට අසූදෙකක පමණ නිරවද්‍ය තාවයකින් මිනිස් මුහුණේ සටහන් වන හැගීම් හදුනාගැනීමට මේ රොබෝවාට හැකියාව ඇති බව හෙළිව තිබේ.

රොබෝවාගේ ‘‘ඇස්‘‘ ලෙස කි‍්‍රයාකරනුයේ ති‍්‍රමාණ දර්ශන ලබාදෙන කැමරාය.මේවා ආධාරයෙන් මිනිස් මුහුණේ සටහන් වන හැගීම් හොදින් නිරීක්ෂණය කිරිමේ හැකියාව රොබෝවාගේ පරිගණක පද්දතියට ලැබෙන බව රොබෝවා නිර්මාණය කළ සිසුන් පිරිස කියයි. මුලින් රොබෝවා සැළැසුම් කළේ හිස් වතුර කෝප්පයක් පුරවා දීම වැනි වැඩකටයුතු වලට වුවද පසුව කි‍්‍රයාකාරීත්වය වැඩිදියුණු කළ බව ඔවුන් පවසයි.

බීම පිළිගැන්වීම,කෑම පිළිගැන්වීමට අමතරව ගේදොර පිරිසිදු කිරීම ආදියටද මේ යකඩ බොටලේරුවා දස්කම් දක්වයි.

සැබැවින්ම රොබෝවෙකු කි‍්‍රයාකාරී විය යුත්තේ මිනිස් සිතැගි හදුනාගෙන බව කොර්නෙල් විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා අංශයේ ප‍්‍රධානී මහාචාර්ය ඇසුටොෂ් සැක්සෙනා පවසයි.නමුත් එය සංකීර්ණ කි‍්‍රයාදාමයකි.

මේ නිර්මාණය ඒ අභියෝගය ජයගැනීමට මහගු පිටිවහලක් වනු ඇති බව ඔහුගේ අදහසයි.



අදහස් (0)

හාම් පුතාගේ සිත හදුනන රොබෝවෙක්

ගාමිණී-සිරි Friday, 31 May 2013 09:33 PM

අපිට නම් වටින්නේ කෑම,බීමට වඩා, සාක්කුව ගැන තේරුම් ගෙන , අමාරුවේ වැටුණු වෙලාවට සල්ලි ටිකක් අච්චු ගහලා හරි දෙන්න පුළුවන් රොබෝලා !! (නි)

:       0       0

හේරත් Saturday, 01 June 2013 07:35 AM

මම හදනවා රොබෝ කෙනෙක්. ඒකා ස්වාමි පුරුෂයාගේ ඕනෑකම් හඳුනන ස්වාමි දියණියක්. (නි)

:       0       0

මොහමඩ් Saturday, 01 June 2013 03:45 PM

මොන රොබෝ එක ආවත් , ඒවා හදන්නේ මිනිසා . මිනිසා අබිබවා යෑමට හැකි රොබෝ වරුන් නොමැත. බට හිර සිනමාවේ සමහර විට ඕවා දැකීමට ඇත. (ස)

:       0       0

දිලිප් Saturday, 01 June 2013 08:19 PM

රෝබෝලත් මුස්ලිම් වේයිද?(නදී)

:       0       0

සමන් Saturday, 01 June 2013 10:36 PM

දිලිප්, වුවමනා නැති වචන කතා කරන්න එපා. (නි)

:       0       0

මැල්කම් Saturday, 01 June 2013 10:47 PM

බලාගෙන. බැරි වෙලාවත් ස්වාමියා ස්වර්ගය ගැන හිත හිතා හිටියොත්??? (නි)

:       0       0

විමල් Sunday, 02 June 2013 07:51 AM

කවුරුත් දැනගන්න කැමැති වෙන එකක් නැහැ ඔළුවල තියන කැත අදහස්. රොබෝ දැනගත්තොත් අයිතිකාරයව මරලා දානවා (නි)

:       0       0

උපාලි Sunday, 02 June 2013 01:54 PM

අපිව හමුවෙන්න ගෙදරට එන අයගේ සිතැඟි දැනගෙන අපට කියන්න පුළුවන් රොබෝවෙක් හදල දෙන්න බැරිද? (නදී)

:       0       0

බිෂාන් Sunday, 02 June 2013 05:44 PM

පිට රට විශ්ව විද්‍යාල සිසුන් කොච්චර දියුණුද ? අපේ මිනිස්සු දන්නේ බෝර්ඩ් ලෑලි උස්සන් කෑ ගහන්න වීතරයි.(නදී)

:       0       0

සජිත් Sunday, 02 June 2013 07:38 PM

මුස්ලිම් වුනාට කමක් නැහැ දිලීප්, බෞද්ධ වෙන්නෙ නැතුව. කපනවා කොටනවා, මරාගෙන මැරෙනවා... මොනවද මේ ? (නි)

:       0       0

නෙතුමි Monday, 03 June 2013 08:38 AM

හොඳ නිපැයුමක් මෙය අගය කල යුතුයි, කෙසේ හෝ මිනිසාගේ බුද්ධියෙන් ගතහැකි මෙවැනි නිර්මාණ උපයෝගී වනවාසේම ඉතාමත් නිර්මාණශීලී මෙයටත් ජාති බෙදා නොදාගත්තොත් හොඳයි නේද? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site