X Advertisement
IMG-LOGO

2025 අගෝස්තු මස 13 වන බදාදා


හිටපු අගමැති අබේගේ අවමංගල්‍යයට විරෝධයක්

ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂෙන්සෝ අබේගේ රාජ්‍ය අවමංගල උත්සවය  මුල්කොට ගනිමින් දේශපාලනික අර්බුදයක් නිර්මාණය වී ඇති අතර, එම අවමංගල්‍යයට විරෝධය පළ කරමින් එක් විරෝධතාකරුවකු සිරුරට ගිනි තබා ගත් බව ද වාර්තා වේ.

හිටපු අග්‍රාමාත්‍ය ෂෙන්සෝ අබේ ඝාතනයට ලක් වූයේ පසුගිය ජූලි 8 වැනිදාය. එම අවස්ථාවේ ජපාන මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණු අතර, 67 හැවිරිදි ෂෙන්සෝ අබේ, වත්මන් අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා ට සහ ඔහුගේ පාලක ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයට සහාය දක්වමින්, මැතිවරණ රැළියකට සහභාගී වී සිටියේය. වෙඩි ප්‍රහාරයෙන් බරපතල ලෙස තුවාල ලැබූ අබේ රෝහල්ගත කිරීමෙන් පසු මියගියේය.

ජපානයේ දීර්ඝ කාලයක් අග්‍රාමාත්‍ය ධුරය හෙබවූයේ ද ෂෙන්සෝ අබේ ය. ෂෙන්සෝ අබේ විදෙස් නායකයන්ගේ පැසසුමට ලක්වුණත් ඔහුගේ ප්‍රතිපත්ති ජපන් වැසියන් බොහෝ දෙනකුගේ අප්‍රසාදයට හේතු වූ බව රහසක් නොවෙයි.

එම ඝාතනය තරයේ හෙලා දැකීමට වත්මන් අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා පියවර ගත්තේය. අග්‍රාමාත්‍යවරයා ඔහුගේ අභිමතය පරිදි හිටපු අග්‍රාමාත්‍ය අබේ වෙනුවෙන් සැප්තැම්බර් 27 වැනිදා රාජ්‍ය අවමංගල්‍යයක් පැවැත්වීමට තීරණය කළේය. ඒ, ලෝක නායකයන්ට ඊට පැමිණෙන ලෙස ආරාධනා කරමින් සහ එම ඝාතනය තරයේ හෙලා දකින බව ලොවට පෙන්වමිනි. ඇමෙරිකා උප ජනාධිපතිනී කමලා හැරිස්, ඕස්ටේ්‍රලියා අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් ඇතුළු රාජ්‍ය නායකයෝ එම අවමංගල අවස්ථාවට සහභාගී වෙති.

වත්මන් අග්‍රාමාත්‍ය කිෂිඩා ඔහුගේ බලතල අවභාවිත කරමින්, ඔහුගේ අභිමතය පරිදි හිටපු අග්‍රාමාත්‍ය අබේ වෙනුවෙන් රාජ්‍ය අවමංගල්‍යයක් පැවැත්වීම සම්බන්ධයෙන්, විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලින් චෝදනා එල්ල විය.

කැබිනට් මණ්ඩලය අභිබවා යමින් අග්‍රාමාත්‍ය කිෂිඩා ගත් තීරණය සම්බන්ධයෙන් විරෝධතා රැළියක් ද පැවැත්විණි. සිරුරට ගිනි තබා ගත්තේ ටෝකියෝ අගනුවර පැවැති විරෝධතා රැළියට එක්වුණු විරෝධතාකරුවෙකි. සිරුරට ගිනි තබා ගත් විරෝධතාකරු කඩිනමින් රෝහල් ගත කෙරුණු බව ජපාන මාධ්‍ය වාර්තා කර තිබේ.

(රොයිටර්)



අදහස් (0)

හිටපු අගමැති අබේගේ අවමංගල්‍යයට විරෝධයක්

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site