X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 30 වන සඳුදා


හිටපු ජනපති පර්වේස් මුෂාරෆ්ගේ නිවාස අඩස්සි කාලය දීර්ඝ කෙරේ

පාකිස්තානයේ හිටපු අගමැති බෙනාසීර් බූතෝගේ ඝාතන සිද්ධියට සම්බන්ධ යැයි චෝදනා ලැබ සිටින එරට හිටපු ජනපති පර්වේස් මුෂාරෆ්ගේ නිවාස අඩස්සි කාලය තව දුරටත් දීර්ඝ කිරීමට ඉස්ලාමාබාද් මහාධිකරණ ඊයේ (30) තීන්දු කළේය.
ඒ අනුව ලබන 11 වැනිදා පැවැත්වෙන පාකිස්තාන මහ මැතිවරණයට සහභාගී වීමට හෝ එදින නිවසින් පිටතට යෑමට හෝ මුෂාරෆ්ට ඉඩ නොලැබෙනු ඇත.
දීර්ග කාලයක් රටින් පිටවී සිටි පාකිස්තානයේ හිටපු ජනපතිවරයකු මෙන්ම හමුදාපතිවරයකු ද වන පර්වේස් මුෂාරෆ් යළි සිය රට පැමිණියේ ඉකුත් මාර්තු 24 වැනි දා ය.
පාකිස්තානයට පැමිණි විගස මුෂාරෆ් අත්අඩංගුවට ගැනීමට පාකිස්තාන රජය සූදානමින් සිටියේය. ඒ, මුෂාරෆ්ට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් නඩු විභාග පැවැත්වීම හේතුවෙනි. මුෂාරෆ් පාකිස්තානයේ සිටින ඔහුගේ නීතීඥවරුන්ගේ මාර්ගයෙන් අධිකරණයෙන් ඇප ලබා ගැනීමට කටයුතු කළේය. ඒ අනුව පාකිස්තානයට පැමිණෙද්දී ඔහු අත්අඩංගුවට ගැනීම වැළැකිණි.
මහ මැතිවරණය ඉදිරිපත් වීමට මුෂාරෆ් සුදුස්සකු නොවේ යැයි ඉකුත් 14 වැනිදා පාකිස්තාන මහාධිකරණ තීන්දු කළේය. බලයේ සිටිද්දී, ව්‍යවස්ථාවේ කි‍්‍රයාකාරීත්වය තාවකාලිකව අත්හිටුවීමටත් ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් තනතුරුවලින් පහ කිරීමටත් කටයුතු ඔහු කිරීම ඊට හේතුවයි.
එම අවස්ථාවේදී මහාධිකරණ විනිසුරුවරුන් ලබා දුන් තීන්දු ‘පක්ෂපාතී’ යැයි මුෂාරෆ්ගේ ‘සමස්ත පාකිස්තාන මුස්ලිම් ලීගය’ පක්ෂයේ ප‍්‍රකාශිකා අසීයා ඉෂාක් මාධ්‍ය හමුවේ කියා තිබුණි.
පස් වසරකට පෙර ජනපති ධුරයෙන් සමුගත් මුෂාරෆ්, පාකිස්තානයෙන් පිට වී, බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර සහ ඩුබායිහි ජීවත් වුණේය. අවස්ථා කිහිපයකදී යළි සියරට පැමිණීමට උත්සහ කළ ද පාකිස්තාන රජය ඔහු අත්අඩංගුවට තැත් කළ නිසා එම අවස්ථා මඟ හැරුණි.
වත්මන් පාකිස්තාන ජනපති අසීෆ් අලී සර්දාරිගේ බිරිය මෙන්ම හිටපු අගමැතිවරියක ද වන බෙනාසීර් බූතෝගේ ඝාතනයට ද මුෂාරෆ් වගකිව යුතු බවට වත්මන් පාකිස්තාන රජය චෝදනා කරන අතර ඒ ගැන නඩු විභාගයක්ද පැවැත්වෙයි. අධිකරණයට බලපෑම් කිරීම, බලය අයථා ලෙස භාවිත කිරීම ආදී චෝදනා රැුසක්ද මුෂාරෆ්ට එල්ල වී ඇත.
හමුදාපති ලෙස කටයුතු කරද්දී කිසිදු ලේ වැගිරීමකින් තොරව, හමුදා කුමන්ත‍්‍රණයකින් මුෂාරෆ් පාකිස්තාන ජනපති ධුරයට පත් වූයේ 2001 වසරේ දීය. 2008 තෙක් ඔහු පාකිස්තාන ජනපතිවරයා ලෙස කටයුතු කළේය. හමුදාපතිවරයා ලෙස ද කටයුතු කළ ඔහු 2007 වසරේ දී එම ධුරයට සමු දී 2008 තෙක් කටයුතු කළේ සිවිල් ජනපතිවරයකු ලෙසය.



අදහස් (0)

හිටපු ජනපති පර්වේස් මුෂාරෆ්ගේ නිවාස අඩස්සි කාලය දීර්ඝ කෙරේ

සුපුන් Wednesday, 01 May 2013 10:23 AM

යාපනේ කොටි අල්ලා ගන්න සැරසෙද්දී ඉන්දියාව කිවුවා ඕනෑ නම් නැවක් දෙන්නම් සෙබලු ටික කොලඹට ගෙනෙන්න කියලා.නමුත් මෙතුමා තමා පැය 24 න් මල්ටි බැරල් දීලා යාපනේ බේරාගන්න උදවු කළේ.නමුත් මේකෙන් කියන්නේ ආසියාවේ දේශපාලනේ පහත්කමනේ. (නි)

:       0       0

පාල Wednesday, 01 May 2013 10:25 AM

එහෙහ් වන්දි බට්ටයෝ, බත්බැලයෝ, පාරවල් ගානේ හු තිය තියා ගිහින් නෑල්ලුද? . කඩේ යන අය වෙබ් අඩවි පුරා ගැති කන් දක්වල අදහස් දල නැහැල්ලුද?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site