තවමත් සොයාගත නොහැකි වරින් වර මතුවී අතුරුදන් වන හිම මිනිසා හෙවත් බිග් ෆුට් යැයි සැක සිතන රුවක් කැනඩාවේ ස්කුවාමිෂ් කඳුවැටියේ දී දක්නට ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විනෝදය පිණිස මේ කඳුවැටිය තරණය කිරීමට ගිය පිරිසකට එවැනි දර්ශනයක් දැකගත හැකි වී ඇත. ඒ යම් කිසි ජීවියෙක් පහළ බෑවුමක් ඔස්සේ දිව යන ආකාරයයි. ටැන්ටලුස් කොටසේ කඳු නගිමින් සිටින මොහොතේ මෙම පිරිස අතර සිටි මයිලස් ලැමොන්ට් හට මෙම සිදුවීම් පෙළ පටිගත කර ගැනීමට හැකියාව ලැබී තිබේ. එහි දැක්වෙන්නේ මිනිසෙක් වැනි දෙපයින් ඇවිද යන සත්ත්වයෙක් හිම අතරින් දිව යන ආකාරයයි. ඒ සිටින්නේ මන:කල්පිතයක් යැයි සැලකෙන බිග් ෆුට් විය හැකි බවටද ඔවුන් විශ්වාස කරයි.
මෙම දර්ශන ලබා ගත් පසු ලැමොන්ට් හට ඇත්තේ ගැටළුකාරී තත්වයකි. ඔහු අසන්නේ “ඒ සිටින්නේ යම් මිනිසෙක් නම් ඔහු කෙලින්ම පහළට නොබැස ඉහළ ඇති කඳු වැටියට නැග්ගේ ඇයි?” යන්නයි.
‘අපි එදා හිටියේ අඩි 7000 විතර උසක. ඒ සත්ත්වයා මොකෙක් වුණත් හරියට බය වෙලා දුවනවා වගේ වේගයෙන් කඳු ගැටය නැග්ගා. එයාව අපේ ළඟට ඇද ගන්න ඇත්නම් කියලත් අපි කතා වුණා.’ ලැමොන්ට් තව දුරටත් අදහස් දක්වයි.
ඒ දර්ශන වලදී පැහැදිලිව පෙනී යන්නේ මෙම සත්ත්වයා කිසිඳු පා ආවරණයක්, පිටේ ගෙන යන බඩු මල්ලක් හෝ කිසිදු වර්ණයක රෙදි කැබැල්ලක් ඇඟලා ගෙන නොසිටි බවකි. මෙවැනි උසක තෙත බරිත සීතල හිම මත සපත්තු නොමැතිව ඇවිද යාම මිනිසෙකුට අතිශය අපහසු වන අතර මෙම සත්ත්වයාට කිසිදු අපහසුවකින් තොරව නිරුවත් දෙපා වලින් හිම මත වේගයෙන් දිව යාමද හැකියාව තිබී ඇත.
ඇතැම් අය පවසන්නේ මෙය අසත්‍ය. වීඩියෝ පටයක් බවයි. එහෙත් මෙම කඳු නගින්නන් පිරිස තරයේ කියා සිටින්නේ මෙය සත්‍ය සිදුවීමක පිටගත කරන ලද්දක් බවත්, එහි සිටින්නේ වලසෙක් හෝ වෙන යම් කැළෑ සත්ත්වයෙක් නොවන බවත්ය.
කෙසේ වෙතත් බහුතරයක මතය වී ඇත්තේ මෙය පිළිබඳව සොයා බැලිය යුතු බවයි. මෙතෙක් ආන්දෝලනාත්මක හිම මිනිසා හෙවත් බීග් ෆුට් සෙවීමට සිදුකැර ඇති පර්යේෂණ සඳහා ඇමෙරිකානු ඩොලර් පන්ලක්ෂයක් පමණ වැයකැර ඇතත් හිම මිනිසා සොයන පර්යේෂකයෝ ඉදිරි කාලයේ ස්කුවාමිෂ් කඳුවැටියේ ද හිම මිනිසා සොයා ගවේෂණ කටයුතු ආරම්භ කිරීමට සූදානම්ව සිටිති. ඒ වෙනුවෙන් තවත් ඩොලර් මිලියන ගණනක් වැය කිරීමට සිදුවනු ඇත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
හිම මිනිසා යළි එළියට ඇවිත් ?
ඉන්දිකා Friday, 09 May 2014 03:17 PM
මේ ගැන වැඩි තොරතුරු සොයන්න (දිල්)
සිරියලතා කෙන්යා Friday, 09 May 2014 06:08 PM
මට නම් පේනවා ඒවාගේ මිනිසුන් බොහෝ දෙනෙක් එම පින්තූරයේ ඉන්නවා (නි)
සන්ජය Friday, 09 May 2014 08:44 PM
බිග් ෆූට්ද? යෙටීද? (නි)
ගයාන් Friday, 09 May 2014 08:50 PM
ඇමරිකාව හොයන ග්‍රහලෝක වගේ නේද? හරි පුදුමයි (නි)
අනුරුද්ධ Saturday, 10 May 2014 06:14 AM
ලෝකයේ සැඟවුණු මෙවැනි අබිරහස් තව කොපමණ ඇද්ද? (නි)
ලොසා Saturday, 10 May 2014 07:10 PM
හොඳමයි ඉන්දිකා මැතිනියනි හැකි ඉක්මනින් ඔබ තුමියට වාර්තා කරන්නම්. (ස)
දීනා Sunday, 11 May 2014 06:07 AM
හම සුදුද දන්නේ නැහැ? (නි)