X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 18 වන සිකුරාදා


හිර ගෙදරක 66 වසරක් සිටි අලියෙක්

කොන්ක්‍රීට් සිර මැදිරියක වසර 66ක් සිටි හනාකෝ නමැති අලියා ස්වභාවික උද්‍යානයකට නිදහස් කරන්නැයි ඉල්ලා ජපන් වැසියන් 50,000 ක් පමණ පෙත්සමකට අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හනාකෝ නමැති අලි පැටවා ජපානයේ ටෝකියෝ නගරයේ ඉනොකෂිරා උද්‍යාන සතුන් වත්තට ගෙනවිත් ඇත්තේ වයස අවුරුදු දෙකක් පැටවකුව සිටිය දී තායිලන්තයෙනි. ඒ 1949 වර්ෂයේ දී ය. හනාකෝ ගැහැනු සතෙකි. ඇගේ වයස අවුරුදු 68 කි. අලියකු ජීවත්වන උපරිම වයස් සීමාව ඉක්මවා සිටින හනාකෝ දැන් මහලුව දුබලව සිටින්නීය.  ඇගේ දත් දැන් ඇයට අහිමිය. ආහාර දිරවීමේ ගැටළුවලින් ඇය පීඩා විදින බව සත්වෝද්‍යාන බලධාරීන් පවසයි.

ජපානයේ වැසියෝ මහළු හනාකෝ සමග ඡායාරූප වලට පෙනි සිටින්න දැඩි උනන්දුවක් දක්වති. පරිසරවේදින් හා සත්ත්ව අවිහිංසාවාදී සංවිධාන පවසන්නේ දැන් හනාකෝගෙන් මුදල් සෙවීම නවතා හනාකෝ නිදහස් පරිසරයකට ගෙන ගොස් රැකබලාගත යුතු බවයි.  

2ED33F2A00000578-3334842-image-a-17_1448541276491 2ED302C700000578-3334842-Hanako_the_elephant-a-3_1448540446504 2ED303BC00000578-3334842-A_petition_has_been_set_up_in_the_hope_of_removing_Hanako_from_I-a-1_1448540446501 2ED3003B00000578-3334842-Hanako_the_elephant-a-2_1448540446503 2ED3025900000578-3334842-Hanako_was_transported_in_1949_from_Thailand_to_Japan_when_she_w-a-6_1448540446508 2ED3034000000578-3334842-The_elephant_is_believed_to_suffer_from_digestive_difficulties_a-a-5_1448540446507



අදහස් (0)

හිර ගෙදරක 66 වසරක් සිටි අලියෙක්

නදීෂා කුමාරි Friday, 27 November 2015 09:19 AM

පව් අසරණ සතාව දැන්වත් නිදහස් කරන්න පුළුවන්නම් ඒක ලොකු පිනක්. අපිටනම් ගොඩක් දුකයි (බ)

:       0       0

ශාන්ති Saturday, 28 November 2015 05:49 PM

පරිසරය මාරුකරන්න එපා. හනා වයසයි. අලුත් පරිසරයකට පුරුදු වෙන්න කාලය මදි. පුංචි ළමයින්ගේ මැද ඉන්න දෙන්න. (නි)

:       0       0

සංජය ලෝගුස් Saturday, 28 November 2015 05:49 PM

දියුණු තාක්ෂණයක් තිබෙන රටක් හැටියට මේ සතාව තව සෑහෙන කාලයක් ජීවත්කරවන්න පුලුවන්.... (නි)

:       0       0

නිලුක්‍ෂි Saturday, 28 November 2015 02:42 AM

ඔව් ඒක නම් හොඳයි. සතාව නිදහස් කරන්න ඕනෑ. (නි)

:       0       0

ඩිල්ෂාන් Saturday, 28 November 2015 01:41 AM

විකාර කියන්න එපා අචිර. අලියෙකුට ඕනෑ කොන්ක්‍රීට් ගොඩක් නොවෙයි, කැලෑවක්. උන්ට අවශ්‍ය ස්වභාව ධර්මය මිස සත්වෝද්‍යාන නොවේ. (නි)

:       0       0

උදිත Saturday, 28 November 2015 01:45 AM

කොන්ක්‍රීට් වනාන්තරයක සිටීම මොන සැපතක්ද? (නි)

:       0       0

සමන්ති Saturday, 28 November 2015 12:13 AM

අපේ තැනකට එවන්න (නි)

:       0       0

මාලි Friday, 27 November 2015 07:46 PM

පවු අහිංසක සතා! (නි)

:       0       0

චරිත් Friday, 27 November 2015 05:01 PM

68 වසරක් ගියාට පස්සේද මේ අලියා ගැන දුක හිතුනේ? (නි)

:       0       0

ලතා Friday, 27 November 2015 01:47 PM

ඔව් මේ සතා දැන් වෙනදාටත් වඩා හොදින් බලාගන්න කැලයට ගිහින් දැම්මොත් තවත් අසරණ වෙයි පිරිසිදු කරලා තියන බව නම් පැහැදිලියි ඉන්න තැන (බ)

:       0       0

සොපි Friday, 27 November 2015 11:16 AM

තරුණ කාලේ නැති නිදහසක් දැන් මොකටද ?දැන් නිදහස් කලොත් නුපුරුදු පරිසරයක මේ සතා අනාථයෙක් වෙයිනෙ ...(ම)

:       0       0

ගමගේ Friday, 27 November 2015 10:14 AM

ජපානයේ කොහොමත් ආයුෂ වැඩියි. (හේ)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 26 November 2015 07:26 PM

පින් ඇති අපේ රටේ දේශපාලකයෙක් ඉන්නවනම් මෙයට මැදිහත්වී මෙම අලියාව පින්නවල හෝ උඩවලවේ අලි සෙවනකට ගෙන්වාගෙන සතුටින් තබන්න. (අ)

:       0       0

‍සෙනුරි Friday, 27 November 2015 08:42 AM

මහළු වි අසරණව සි‍ටින විට කුඩා කල සිට ජිවත් වු නිවහ‍නෙන් ‍වෙන්කර කැලය‍ට මුදා හැරි‍‍‍ය‍හොත් හ‍නා‍‍කෝ නැමති අලියා සතුටු‍වේද? අප කවුරුන් ‍හෝ සුපුරුදු පරිසර‍යෙන් ඈත් කර කැලැ‍‍වේ දමා අ‍‍වොත් සතුටු වන කවුරුන් ‍හෝ සිටිනවාද? (ම)

:       0       0

සමන්ත Friday, 27 November 2015 04:36 AM

මේ අලියව නිදහස් කරලා අනුරාධපුරය පැත්තේ අහිංසක ගම්වැසියන්ට හිරිහැර කරන දරුණු අලියකු ජපානයට යවන්න තියෙන්නේ (නි)

:       0       0

අචිර Friday, 27 November 2015 04:21 AM

පෙර බවයේ පින්කර ඇති සතෙක්. ඉතා පිරිසිදු පරිසරයක මිත්‍රශිලී මිනිසුන් සමඟ ගෙවන ජීවිතය වනාන්තරයක ලැබෙයිද? (නි)

:       0       0

ප්‍රසන්න Friday, 27 November 2015 03:58 AM

ජපානයේ කොහොමත් ආයුෂ වැඩියි. (නි)

:       0       0

නිල්මිණි Friday, 27 November 2015 03:51 AM

හනා කෝ යනු මලක් වැනි ගැහැණු ළමයා යන අරුත ඇති යෙදුමකි. කොහොම වුණත් අපේ පන්සල් වල හෝ සත්ව උද්‍යාන වල ඉන්න අලින්ට වැඩිය නම් හනා කෝ වාසනාවන්තයි, එයාට දම්වලින් වලින් නිදහස්ව සිටිය හැකි නිසා. පිටිගල, මේ අලියා තායිලන්තයෙන් ගෙන්වාගත් අයෙක්. ඔබ හිතනවද ජපන් රජයට මේ අලියා ලංකාවට එවන්නට හේතුවක් දක්වන්න පුළුවන් කියලා? එහෙම අවශතාවයක් තිබේ නම් පිලිපීනයේ සහ කොරියාවේ සත්ව උද්‍යාන දෙකක කූඩු වල සිරකර සිටින ශ්‍රී ලංකා අලි දෙදෙනා ගැන උනන්දු වෙන්න. (නි)

:       0       0

බණ්ඩාර Friday, 27 November 2015 03:10 AM

ජපානයේත් මේ වගේ හිතක් පපුවක් නැති අය ඉන්නවා කියන එක මට මේ දෙයින් තේරුණා. මෙම අලියා සිතිනුත් කයිනුත් සුවපත් වෙත්වා! (නි)

:       0       0

දමිත් Friday, 27 November 2015 01:18 AM

ඔබට මතකද "පුංචි අලි පැටියා" චිත්‍රපටිය රූපවාහිනියේ ගියා අවුරුදු 20 විතර කලින්? (නි)

:       0       0

තිස්ස Friday, 27 November 2015 12:30 AM

පවු අහිංසක සතා! (නි)

:       0       0

නිවන්තක Friday, 27 November 2015 12:22 AM

මට හරිම දුකක් දැනුනා (නි)

:       0       0

විමල් Thursday, 26 November 2015 10:05 PM

අනේ අසරණ සතා. ලෝභ, දෝස, මෝහ නිසා අගතියට පත් සිත් ලොවට සිදු නොකරන හානියක් නැත.. අනෙකාගේ දුක වේදනාව තමාගේම දුකක්, වේදනාවක් ලෙසින් තේරුම් ගෙන සැනසීමක් ලබා දීමට කටයුතු කරමු. විටෙක එවැනි ගුණධර්මවලින් සැනසීම ලබන්නා මා මෙන් ම ඔබ ද විය හැක.. මිනිසුන්ගේ සිත්වල කරුණාව මෛත්‍රිය දියුණු කිරීමෙන් ම පමණයි සියළු සත්වයෝ සුවපත් කළ හැක්කේ. (අ)

:       0       0

මෝරින Thursday, 26 November 2015 09:59 PM

නෑ, නෑ. නෑ !! මහලු අවස්ථාවේ එලියට ගිහින් මොනවා කරන්නද? අනිත් එක මුළු ජීව්තේම ගෙවපු තැනින් දැන් පිට ගියොත් අමුතු ලෝකයක අනාත බවට පත්වීමට ඉඩ තිබෙනවා. මිනිස්සු සතුන්ට කරන අපරාධ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site