අභ්‍යාවකා යානයක් නොමැතිව ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ හිරවී සිටි අජඨාකාශ ගාමීන් තිදෙනා පෘතිවියට පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ පාලනය රුසියාවේ අජඨාකාශ ගාමී ජෙනඩි පඩුල්කා වෙත භාර දෙන ලද්දේ දින 200ට පසුවය.
ඉන් පසු පෘථිවියට යළි පැමිණි තිදෙනා අතරින් ඉතාලි ජාතික සමන්තා ක්රිසිටොෆොරෙටි එක් ගමන්වාරයක දී අභ්‍යාවකාශයේ වැඩිම දින ගණනක් ගත කළ කාන්තාව බවට පත්වූවාය. ඔවුන් සොයුස් අභ්‍යාවකාශ යානයෙන් බ්‍රහස්පතින්දා කසකස්ථානයයට ගොඩබසින ලදී.
නාසා අභ්‍යාවකාශ පර්යේණ ආයතනය පවසන්නේ මොවුන්ගේ පැමිණීම පාඨ ග්රන්ථයක් වැනි කතාවක් බවයි. කණ්ඩායමේ අණ දෙන්නා වූ ටෙරි වර්ට්ස්, ඇන්ටන් ෂාකප්රෝ සහ ක්රිස්ටොෆොරේටි මාස හතකට වඩා වැඩි කාලයක් අභ්‍යාවකාශයේ රැඳෙමින් විද්‍යාත්මක පර්යේෂණ සහ තාක්ෂණික අධ්‍යයනයන් සිදුකළහ.
නාසා මගින් නිකුත් කරණ ලද පුවත්පත් නිවේදනයේ දැක්වෙන්නේ මෙම අජටාකාශ ගවේෂණ කණ්ඩායම පසුගිය නොවැම්බර් 22 වෙනිදා තම අභ්‍යාවකාශ ගමන ආරම්භයේ සිට සැතපුම් දසලක්ෂ 84 ක් ගමන්කර ඇති බවයි.
මෙම පිරිස පෘථිවියට ලඟාවිමට නියමිත වූයේ මීට මාසයකට පෙරදීය. සැපයුම් අභ්‍යාවකාශ යානා අසාර්ථක වීම හේතුවෙන් ඔවුන්ගේ පිටත්වීම ප්‍රමාද විය. මිනිසුන් රහිතව පැමිණි ප්රෝග්රස් එම් 27 යානය පෘථිවි වායුගෝලයට ඇතුළුවීමේ දී ගිනි ගෙන විනාශ විය.
වයස අවුරුදු 38 ක් වු ක්රිස්ටොෆොරේටි සමාජ ජාල වෙබ් අඩවිය මගින් එවන ලද වීඩියෝ ඔස්සේ පෙන්වා දි තිබුනේ ඇය අභ්‍යවකාශයේ ගත කරණ අතර තුරදි ආහාර පීසීම වැනි සරල කටයුතුද ක්‍රියාශීලි ලෙස කළ ආකාරයයි. කෝපි සෑදිමේ යන්ත්‍රය භාවිතා කරමින් ඇය කෝපි පිළියෙල කරන ආකාරය දැක්වෙන වීඩියෝවට මහත් ප්‍රතිචාර ලැබී තිබිණි.
තවත් අජටාකාශ ගාමින් තිදෙනෙක් ලබන ජුලි මාසයේදි ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට යාමට නියමිතය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
හිරවී සිටි අජඨාකාශගාමීහු යළි එති
ලක්මල් Saturday, 13 June 2015 06:03 PM
ඉතාලි කාන්තාව එහි ගොස් ඇත්තේ පර්යේෂණ සදහා නොව යානයේ පිරිසිදු කිරීම්, ඉවුම්පිහුම් සහ පර්යේෂකයන්ගේ අනෙකුත් අවශතා ඉටුකිරීමට බව එරටම මාධ්‍ය පැවසීය.(නදී)
කැනඩා දිසා Sunday, 14 June 2015 01:11 AM
කවුරුත් අරින්න ඕනෑ නැහැ. අර අපේ අජඨාකාශගාමි පුතා කපිතාන් කරලා ඔය ගමනට ඇරියා නම් නේද හොඳ? (නි)
ජයා ඉලුක්කුඹුර Sunday, 14 June 2015 04:20 AM
ලක්මාල් ඉතාලි වගේ (බ)
කමල් Sunday, 14 June 2015 12:42 PM
දන්නෙ නැති නිසා අහන්නේ. අනෙකුත් අවශතා කිවේ. දන්න කෙනෙක් කියන්න කෝ (බ)
චාමර ඉතාලිය Sunday, 14 June 2015 01:26 PM
ඉතාලි රටේ මෙච්චර අාර්ථික ප්‍රශ්න තියෙන කොටත් එක් අයෙකු වෙනුවෙන් කෝටි ගානක් වැයකර අභ්යාවකාශයේට යැවිම අසාධාරණ දෙයක් (බ)
කමල් Sunday, 14 June 2015 01:36 PM
ලක්මාල්, දන්නේ නැති නිසා අහන්නේ, අර අනෙකුත් අවශතා කීව්වේ (බ)
මැටිපහන Monday, 15 June 2015 04:44 AM
අනෙකුත් අවශ්‍යතා කියන්නේ, නිදියනකොට කතාවක් කියන්න ඕන, ලැට් එකට ගියාම හෝදලා ගන්න ඕන, සතියකට දෙපාරක් නාවන්න ඕන, කන් සුද්ද කරන්න ඕන, නියපොතු කපන්න ඕන, වෙලාවට විටමින් එක දෙන්න ඕන, නෝටි වැඩ කලොත් ගහන්න ඕන, කප්ටන්ට කඩේ යන ලිස්ට් එක ලියල දෙන්න ඕන, ඔන්න ඔය වගේ දේවල්. (ම)
කමල් Monday, 15 June 2015 09:52 AM
මැටිපහන, එච්චරද? වෙන මුකුත් නැතේ (ම)
උදිත් Monday, 15 June 2015 12:22 PM
බලනකොට මොළේ තියෙන්නේ මැටිපහනට විතරයි.අපිට නැහැ (නි)
සුමිත් Monday, 15 June 2015 03:01 PM
ලක්මාල්, මෝඩකම පෙන්නන්න එපා. (නි)