X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


හිස්බුල්ලා සංවිධානයට එ.ජා. මහ ලේකම්ගෙන් දොස්

සිරියාවේ සිවිල් යුද්ධය අවසන් වනතුරු ජනපති බෂීර් අල් අසාද්ගේ රජයට සහාය දෙන බවට ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ නායකයා කළ ප‍්‍රකාශය එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන්ගේ දැඩි දෝෂ දර්ශනයට හේතු වී ඇත.

මාධ්‍ය හමුවේ විශේෂ ප‍්‍රකාශයක් කරමින් මහ ලේකම්වරයා කියා සිටියේ සිරියානු අර්බුදයට හිස්බුල්ලා සංවිධානය සම්බන්ධ වීම හරහා සිදුවන්නේ සිරියානු අර්බුදය තවත් අවුල් ජාලයක් වී ඇති බවය. සිරියානු අර්බුදය සාමකාමීව විසඳා ගැනීමට කටයුතු කළ යුතු යැයි ද මහ ලේකම්වරයා වැඩි දුරටත් අවධාරණය කළේය.

සිවිල් යුද්ධය අවසන් වනතුරු කැරැලිකරුවන්ට එරෙහිව සටන් කරන අසාද්ගේ රජයට සහාය දෙන බව හිස්බුල්ලා සටන්කාමී නායක හසන් නසරල්ලා ප‍්‍රකාශ කළේ පෙරේදා (26) ය.


ලෙබනනයේ කි‍්‍රයාත්මක සන්නද්ධ සටන්කාමී සංවිධානයක් මෙන්ම දේශපාලන සංවිධානයක් ද වන හිස්බුල්ලා සංවිධානය සිරියානු රජයේ හිතවතෙකි. ඔවුන්ට ආයුධ ලබාදෙන්නේ සිරියානු රජය යැයි ද පැවැසෙයි.

සිරියානු රජයට දිගටම සහාය දෙනවා යැයි හිස්බුල්ලා නායක  නසරල්ලා කියා සිටියේ එරට රූපවාහිනී සේවාවක් ඔස්සේ සම්මුඛ සාකච්ඡුාවකට එක්වෙමිනි. එම රූපවාහිනී සම්මුඛ සාකච්ඡාව පැවැත් වූයේ ඊශ‍්‍රායලය, ලෙබනනයෙන් වෙන් වී වෙනම රාජ්‍යයක් බවට පත් වීමේ 13 වැනි සංවත්සරය වෙනුවෙනි.
සිරියා යුද්ධය හිස්බුල්ලාවරුන්ගේ සටනක් ලෙස හැඳින්විය හැකි බවත් එහිදී තම සංවිධානය සැමවිටම ජනපති අසාද් වෙනුවෙන් සටන් වදින බවත් නසරල්ලා වැඩිදුරටත් කියා සිටියේය.

හිස්බුල්ලා සටන්කාමීන් සිරියානු යුද්ධයට මැදිහත්වීමත් සමඟ කැරැලිකරුවන්ට එල්ල වන ප‍්‍රහාර උත්සන්න වෙමින් පවතී.
හිස්බුල්ලා සටන්කාමීන්ගේ ද සහාය ඇතිව සිරියානු රජය කැරැලිකරුවන් අතට පත් වී තිබුණු ගුවන් තොටුපොළක් සහ නගර කිහිපයක් අල්ලා ගැනීමට ද සමත් වූ බව මීට දින කිහිපයකට පෙර වාර්තා විය.

මීට අමතරව සිරියාවේ කුසායිර් නගරයේ කොටු වී සිටින කැරැලිකරුවන් පසුගියදා ප‍්‍රකාශ කළේ තමන් හිස්බුල්ලාවරුන්ගේ දැඩි ප‍්‍රහාරයන්ට ලක්වන බවයි. කුසායිර් නගරය කැරැලිකරුවන්ගේ බලකොටුවක් ලෙස සැළකෙයි.

ලෙබනනයේ සිටින ෂියා මුස්ලිම්වරුන් නියෝජනය කරන්නෝ හිස්බුල්ලාවරුය. ඔවුන්ගේ නායක නසරල්ලා කියා සිටින්නේ සිරියාව සුන්නි මුස්ලිම්වරුන් අතට පත්වීම ලෙබනනයට ද තර්ජනයක් බවය. හිස්බුල්ලා නසරල්ලා වැඩිදුරටත් සඳහන් කළේ තවදුරටත් ඇමෙරිකාවේ හා ඊශ‍්‍රායලයේ සහාය ලබන සිරියානු කැරැලිකරුවන්ට තමන් කිසිදු මොහොතකවත් සහය නොදෙන බවයි.
 



අදහස් (0)

හිස්බුල්ලා සංවිධානයට එ.ජා. මහ ලේකම්ගෙන් දොස්

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site