හුඩ්හුඩ් සුළි සුළඟ හේතුවෙන් ඔරිස්සාහි තිදෙනෙකු මියගොස් අන්ද්‍රා ප්‍රදේශ්හි තිදෙනකු මියගොස් සිටිති. නැගෙනහිර ඉන්දියාවේ වෙරළ තීරයට දැඩි බලපෑම් එල්ල වී බරපතල අලාභ හානි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නිවාස අත්හැර ආරක්ෂිත ස්ථාන කරා ගොස් සිටින පුද්ගලයන් ගණන 350000 ඉක්මවා ඇතැයි වාර්තාවේ.
සුළි සුලගේ වේගය පැයට කිලෝමීටර් 205 ක් එනම් පැයට සැතපුම් 127 කි. තද සුළං ප්‍රවාහය වෙරළ තීරයට සමීප නගරයක් වන විසාකාපට්නම් පසුකර තිබේ.
සුලඟ සමග ඇතිවු ධාරානිපාත වැසි හේතුවෙන් ගස් සහ විදුලි කම්බි කඩා වැටී ඇත. ප්‍රාන්ත දෙකේම වගාවන්ට හා ගොඩනැගිලි අලාභ හානි වී තිබේ. මීටර් දෙකක් පමණ උසට මුහුදේ රළ ඉහළ යාහැකි යැයි බියක් පවතී. පහත් බිම්ද ජලයෙන් යටවි යාහැකි යැයි වාර්තාවේ. ප්‍රාන්ත දෙකෙහිම සහන මධ්‍යස්ථාන විවෘත කර තිබේ. ආපදා සහන කංඩායම් මේ වනවිටත් යවා තිබේ.
අන්ද්‍රා ප්‍රදේශ් මහ ඇමති චන්ද්‍රබබා නයිඩු පවසා ඇත්තේ හුඩ්හුඩ් මගින් වු අලාභය ගණනය කිරීමට තවම කල් වැඩි බවයි.
තමන්ට තත්වය ගැන නිවැරදි තොරතුරු සොයා දැනගැනීමට නොහැකි වී ඇත්තේ සියයට 70 ක් පමණ සංනිවේදන මාර්ග කඩා වැටි තිබීමෙන් බවද මහ ඇමතිවරයා කියා ඇත. .
හුඩ්හුඩ් සුළි සුළං හේතුවෙන් දකුණු ඔරිස්සා ප්‍රාන්තයට සහ අසල්වැසි ප්‍රාන්ත වන චතිස්ග්‍රාස් සහ තෙලන්ගනා යන ප්‍රාන්ත වලට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් එම ප්‍රදේශද ගංවතුරෙන් යටවි යා හැකි යැයි කාළගුණ වාර්තා සඳහන් කරයි.
ඉංදියාවේ නැගෙනහිර වෙරළ තීරය සහ බංගලා දේශය සෑම වසරකට අප්‍රේල් හා නොවැම්බර් යන මාස වලදී සුළි සුළං ප්‍රවාහ මගින් බලපෑම් එල්ල වන අතර මේ හේතුවෙන් මරණ හා දේපොල අලාභ හානි වැඩි වශයෙන් සෑම වසරකම වාර්තා වේ.
1999 දි ඔරිස්සා වලට බලපැ තද සුළි සුළං හේතුවෙන් පුද්ගලයන් 10000 කට වඩා මියගොස් තිබේ.
පසුගිය ඔක්තෝබරයේදි මෙකි ප්‍රදේශවලට බලපෑ පයිලින් නැමැති දරුණු සුළි සුළඟින් ආරක්ෂා වීමට ජනතාව 500000 ක ප්‍රමාණයක් තම නිවාස වලින් බැහැරව ආරක්ෂිත ස්ථාන කරා ගමන් කර තිබිණි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
හුඩ් හුඩ් හයක් රැගෙන යයි
ඉෂාර Monday, 13 October 2014 04:51 AM
තමිල්නාඩුවටත් ගිහිල්ලද මේක? (නි)
ඉසුරන්දි Monday, 13 October 2014 08:46 AM
ඉෂාර කියන්න වගේ මේක යන්න තිබ්බේ තමිල්නාඩුව හරහායි ...(හේ)